slc
Home   |    News
අගෝස්තු 8, 2022
සමාරම්භක තරගයේ කාසියේ වාසිය දිනූ කුසල්ගේ රෙඩ්ස් පන්දු යවයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (08 දා) ඇරැඹි ආරාධිත පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදී කාසියේ වාසිය තමන් සතු කරගත් රෙඩ්ස් නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දු යැවීම තෝරා ගත්තේය.

ගේස් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පෑවත්වෙන මෙම තරගයේදී කුසල් මෙන්ඩිස්ට අමතරව භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ සහ අසිත ප්‍රනාන්දු, රෙඩ්ස් පීල ශක්තිමත් කරන්නෝ වෙති.

අශාන් ප්‍රියන්ජන්ගේ නායකත්වයෙන් යුතු ග්‍රේස් පිල සතුව නම් දැරූ ක්‍රීඩකයින් වන්නේ පුලින තරංග, මිනෝද් භානුක සහ අකිල ධනංජය පමණි. මෙම මස අගදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන සහ  ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම තේරීම සදහා මෙම තරගාවලිය සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගනු ලැබිය.

කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික තරග වටය ලීග් ක්‍රමය යටතේ පැවැත්වෙනු ඇත.

රෙඩ්ස් – කුසල් මෙන්ඩිස්, ලසිත් කෲස්පුල්ලේ, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, සහන් ආච්චිගේ, දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිණ, මහීෂ් තීක්ෂණ,  අසිත ප්‍රනාන්දු, කලන පෙරේරා.

ග්‍රේස් = අශාන් රන්දික, සංගීත් කුරේ, අශාන් ප්‍රියන්ජන් (නායක), තනුක දාබරේ, මිනෝද් භානුක, මොවින් සුබසිංහ, මුදිත ලක්ෂාන්, අකිල ධනංජය, මිලන් රත්නායක, ලක්ෂාන් ගමගේ පුලින තරංග.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest