slc
logo
Home   |    News
අගෝස්තු 31, 2022
ආසියානු කුසලානේ ශ්‍රී ලංකා ඉදිරි ගමන තීරණය – ‘පිටියේ සටනින්’

sinhala editor

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් ජයග්‍රහණය අනිවාර්යය වන බංගලාදේශයට එරෙහි තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම හෙට  (සැප්තැම්බර් 01 වැනිදා) ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සහභාගි වේ. මෙම තරගය ශ්‍රී ලංකා‌ වේලාවෙන් ප.ව. 7.30 ට ආරම්භ වනු ඇත.

ශ්‍රී ලංකාව තරග වදින ‘බී’ කාණ්ඩය යටතේ සහභාගි වුණු තරග 2 ම ජය ගෙන සිටින ඇෆ්ගනිස්තානු කණ්ඩායම මේ වන විටත් තරගාවලියේ දෙවැනි වටය වන සුපිරි කණ්ඩායම් 4 අතර ලීග් තරග වටයට සුදුසුකම් ලබාගත් පළමු රට බවට පත්විය. මේ අතර හෙට තරගයේ ජය ගනු ලබන කණ්ඩායම එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයෙන් සුපිරි කණ්ඩායම් හතර අතර තරග වටය සඳහා පිවිසෙනු ඇත. සමාරම්භක තරගයේදී ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානය හමුවේ කඩුලු 8 ක පරාජයක් ලබද්දී බංග්ලාදේශය කඩුලු 5 ක පරාජයකට මුහුණ දුන්නේය.

තරගාවලිය ආරම්භයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී ඇෆ්ගනිස්තාන පන්දු යැවීමේ බලඇණියට වඩා බංග්ලාදේශ කණ්ඩායමේ පන්දු බල ඇණියට පහර දීම පහසු යැයි ශ්‍රී ලංකා නායකයා සඳහන් කිරීම බංග්ලාදේශ පිල තුළ ආවේගයක් ඇති කරවන්නක් බවට පත්ව තිබේ. ඒ පිළිබඳව තුන් ඉරියව් ක්‍රීඩක මෙහෙදි හසන්  ‘අපි පිට්ටනියේදී බලා ගමු” යැයි ප්‍රතිචාර ලෙස සඳහන් කර තිබේ.

ඇරත් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ මුණ ගැසෙන සෑම අවස්ථාවකදීම පිටිය තුළ උණුසුම් මුහුණුවරක් ගැනීම සාමාන්‍ය තත්ත්වයක් බැවින් දෙපිළ අතර මෙවන් වචන හුවමාරුවීම් සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබේ. කෙසේ දෙපාර්ශ්වය අතර වුණු මෙම වචන හුවමාරුව නිසා මෙය ‘පිටියේ සටන’ ලෙසින් විරුදාවලි ලබා සිටියි.

උක්ත කරුණු හේතුවෙන් හෙට තරගයේ ජය දෙපිළටම තීරණාත්මක වී තිබේ. සියල්ල එවන් තලයක පවතිද්දී විස්සයි-20 තරග ඉතිහාසයේ වැඩි ගෞරව අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටියි. දෙරට අතර ඉතිහාසයේ පවත්වා ඇති තරග 12 න් අවස්ථා 8 ක ජය ශ්‍රී ලංකාවද අවස්ථා 4 කදී බංග්ලාදේශයද අත්කරගෙන තිබේ.

මෙහි වඩාත් වැදගත් වන කොටස වන්නේ මධ්‍යස්ථ ක්‍රීඩාංගණයකදී දෙපිළ මුණ ගැසෙද්දී ලබා ඇති සාර්ථකත්වය වේ. මධ්‍යස්ථ ක්‍රීඩාංගණයකදී දෙපිළ මුණ ගැසුණු අවස්ථා ත්‍රිත්වයෙන් දෙවතාවක්ම ජය අත්කර ගැනීමට ද සමත්ව සිටින්නේ ශ්‍රී ලංකාව වේ.

දෙපිළ අවසන් වතාවට විස්සයි-20 තරගයකදී මුණ ගැසී ඇත්තේද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී වීම කැපී පෙනෙයී. පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවැති එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හෑල්ලුවට ලක්වන පරිදි බංග්ලාදේශ පිල පුරසාරම් දොරවමින් තරගයට අවතීර්ණ වුවද එම වතාවේදී ශ්‍රී ලංකාව හමුවේ අන්ත පරාජයකට මුහුණ දුන්නේය.

ශ්‍රී ලංකා සංචිතය – දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, චරිත් අසලංක, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, වනිඳු හරසංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, දිල්ෂාන් මධුෂංක, මතීෂ පතිරණ,අසිත ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩසේ, ප්‍රමෝද මධුශාන්, ප්‍රවීන් ජයවික්‍රම, අශේන් බණ්ඩාර

බංග්ලාදේශ සංචිතය – සකීබ් අල් හසන් (නායක), එනමුල් හක්, මුෂ්ෆිකුර් රහීම්, අෆී‍ෆ් හොසේන්, මොසැදෙක් හොසේන්, මහමදුල්ලා රියාද්, මෙහෙදි හසන්, මොහොමඩ් ශයිෆුඩීන්, මුස්තෆිසුර් රහමන්, නසුම් අහමඩ්, සබීර් රහමන්, මෙහෙද හසන් මිරාස්, ඉබාදත් හොසේන්, පර්වේස් හොසේන්, ටස්කින් අහමඩ්, ‍මොහොමඩ් නයීම්.

Active filters

Recent Posts

  • පාකිස්තාන යොවුන් පිල තරගාවලියේ පෙරමුණ ගනියි
    ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කළ සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රීඩා සමාජ තරගාවලිය මෙවර සිව්දින තරගාවලියක් වෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම ක්‍රීඩා සමාජ සිවුදින ක්‍රිකට් තරගාවලිය 2026/27 තරග වාරයේදී පළමු වරට සිවුදින තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතය. ඒ අනුව, නොවැම්බර් 19 වැනිදා සිට […]
  • ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 15 ක් ඇතුළත බිඳ වැටෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය එක්වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම අද (18) රාත්‍රියේදී සමත් විය. රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී […]
  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee