slc
Home   |    News
සැප්තැම්බර් 20, 2022
ආසියානු කාන්තා ශූරතාවට යන ශ්‍රී ලංකා පිල නම් කරයි

sinhala editor


ඔක්තෝම්බර් 01 වැනිදා ආරම්භ වන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ප්‍රකාශයට පත් කර තිබේ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු මෙම කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය ලැබී තිබේ.

ඔක්තෝම්බර් 16 වැනිදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් වරට ශ්‍රී ලංකාව සහභාගිවුණු පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලිය සඳහා ඇතුළත් නොවුණු ක්‍රීඩිකාවන් තිදෙනනෙකු ඇතුළත් කිරීමට තේරීම්වලදී පියවර ගෙන තිබේ.

එම ඇතුළත් කිරීමේදී පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියට ඇතුළත් වුණු අමා කාංචනා සහ උදේශිකා ප්‍රබෝධනී යන ක්‍රීඩිකාවන්ට කණ්ඩායමේ ස්ථාන අහිමිව තිබේ. කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියක ලෙසින් කටයුතු කරනු ලැබූ පාසල් වයසේ ක්‍රීඩිකාවක වන විශ්මි ගුණරත්න, පොදුරාජ්‍යය මණ්ඩලයීී තරගාවලියේ පරිදිම මෙම තරගාවලියේදීත් කණ්ඩායමට එක්ව නොමැත. කොන්ද ආශ්‍රිත ආබාධයක් හේතුවෙන් විශ්මි ව මෙම තරගාවලියේදී විවේක ගැන්වීමට තීරණය කර තිබේ.

කඩුලු රකින්නියක වන කෞෂිනී නුත්‍යාංගනා, තුන් ඉරියව් ක්‍රීඩිකා මදුශිකා මෙත්තානන්ද සහ වමතින් වේග පන්දු යවන තාරිකා සෙව්වන්දි කණ්ඩායමට පැමිණ සිටින ක්‍රීඩිකාවෝ වෙති. අවසන් වතාවට 2019 වසරේදී විස්සයි-20 තරගයකට ක්‍රීඩා කළ මධුෂිකා මෙත්තානන්ද වසර 3 කට පසු කණ්ඩායමට කැදවීමද කැපී පෙනෙයි.

අමා කාංචනා සහ උදේශිකා ප්‍රබෝධනී නිමාවට පත්ව වුණු ජාත්‍යන්ත්ත තරගාවලිවලදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට අපොහොසත්වීම, කණ්ඩායමේ ස්ථාන අහිමිවීමට හේතු වී තිබේ.

නිත්‍ය කඩුලු රකින්නිය ලෙසින් කටයුතු කරනු ලබන අනුෂ්කා සංජීවනී ආබාධයකට ලක් වුවහොත් ඊට පිළියමක් ලෙස නුත්‍යාංගනාව කණ්ඩායමට එක් කර තිබේ. ඇය සංචිතයට පැමිණ සිටියද මේ වවන තෙක්චි ඇය ජාත්‍යන්තර තරගයකට සහභාගිව නොමැත.

මේ අතර වමතින් වේග පන්දු යවන තාරිකා සෙව්වන්දි ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 තරග 2 ක් සහ එක්දින තරගයක් නියෝජනය කර තිබේ.

ශ්‍රී ලංකා පිල – චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී, කෞෂිනී නුත්‍යාංගනා, ඔෂධී රණසිංහ, මල්ෂා ෂෙහානි, මදුෂිකා මෙත්තානන්ද, ඉනෝකා රණවීර, රශ්මි සිල්වා, සුගන්ධිකා කුමාරි, අචිනි කුලසූරිය, තාරිකා සෙව්වන්දි.

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest