slc
logo
Home   |    News
සැප්තැම්බර් 10, 2022
කඩුලු 5 ක ජයකින් ශ්‍රී ලංකාව පාකිස්තානය මෙල්ල කරයි

sinhala editor

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ අවසන් තරගය වුණු පාකිස්තානයට එරෙහි තරගයෙන් කඩුලු 5 ක යක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම තවදුරටත් සිය ජයග්‍රාහී රිද්මය පවත්වාගනිමින් අවසන් මහ තරගයට පිවිසීමට අවස්ථාව උදාකර ගත්තේය.

ලකුණු 122 ක ඉලක්කයක් හඹා යෑමේදී පන්දු 18 ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව ඉලක්කය සපුරා ගන්නා ලද්දේ කඩුලු 5 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ පිරිනමමිනි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නියැළුණු පැතුම් නිස්සංක පන්දු 48 කදී හයේ පහරක් සහ හතරෙ පහර 5 ක් සමඟ නොදැවී ලකුණු 55 ක් රැස් කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය කරා රැගෙන යෑමට මූලිකත්වය ගත්තේය.

නායක දසුන් ශානකට එක්වූ පැතුම් පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 30 කදී ලකුණු 33 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම එක් කළහ.

මුලු ලකුණු සංඛ්‍යාවක් ලකුණු 02 ක් තිබියදී කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක දැවී යෑම නිසා හඹා යෑමේ ආරම්භයද අවුල් තත්ත්වයකට පත්විය. චරිත් අසලංක වෙනුවට කණ්ඩායමට පැමිණ සිටි ධනංජය ද සිල්වාද ලකුණු 09 කට දැවී යෑම නිසා ශ්‍රී ලංකාවේ හඹා යෑම තවත් පීඩනයකට ලක්විය. එහෙත් භානුක රාජපක්ෂ පැමිණ ලකුණු 24 ක් ලබා ගනිමින් කඩුලු දැවී යෑමේ ප්‍රවණතාවයට නවතාලීම් සමත්වීමත් සමඟ ශ්‍රී ලංකාවට පීඩනයෙන් මිදීමට හැකියාව ලැබිණ. එහිදී පැතුම්ට එක්වූ භානුක පන්දු 39 කදී ලකුණු 51 ක සම්බ්නධතාවක් ගොඩනැගීම ශ්‍රී ලංකා ජයග්‍රහණයට තවත් රුකුළක් වුණු සම්බන්ධතාවත් ලෙසින් සටහන් විය.

නැවත වතාවක් කාසියේ වාසිය දිනා ගැනීමට වාසනාවන්ත වුණු දසුන් ශානකගේ ආරාධනයෙන් පන්දුටව පහර දුන් පාකිස්තානු කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලපරාක්‍රම හමුවේ පන්දුවාර 19.1 කදී ලකුණු 121 කට දැවී ගි‌යේය. පන්දු යැවීමේදී කැපී පෙනුණු වනිදු හසරංග ලකුණු 21 කට  කඩුලු 3 ක් දවා ගනිද්දී මහීස් තීක්ෂණ සහ ප්‍රමෝද් මදුශාන් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

මෙම තරගය තම මංග විස්සයි-20 තරගය බවට පත් කරගත් මදුෂාන් පළමු පන්දුවාරයේ තෙවැනි පන්දුවේදීම ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන්ව දවා ගැනීමට සමත්විය. තම අවසන් පන්දුවාරයේදී නැවතත් ක්‍රියාත්මක වුනු මදුශාන් හර්ස් රවුෆ්ව දමා ගනිමින් විස්සයි-20 තරග දිවියට සාර්ථක ආරම්භයක් එක් කර ගත්තේය.

කඩුල්ලක් දවා ගත්තද ධනංජය ද සිල්වා තම පන්දුවාර 4 ලකුණු 18 කට සීමා කළේය.

ලකුණු සාරාංශය

පාකිස්තනය පන්දුවාර 19.1 කදී සියලු දෙනා දැවී ලකුණු 121 යි – (මොහොමඩ් රිස්වාන් 14, බාබර් අසාම් 30, ෆකර් සමාන් 13, ඉෆ්තිකාර් අහමඩ් 12, මොහොමඩ් නවාස් 26, මහීෂ් තීක්ෂණ 21/2, ප්‍රමෝද් මදුශාන් 21/2, ධනංජය  ද සිල්වා 18/1, වනිදු හසරංග 21/3, චාමික කරුණාරත්න 04/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 17 කදී කඩුලු 5 ට ලකුණු 124 යි – (පැතුම් නිස්සංක නොදැවී 55, භානුක රාජපක්ෂ 24, දසුන් ශානක 21, වනිදු හසරංග නොදැවී 10, හාරිස් රවුෆ් 19/2, උස්මාන් කාදර් 34/1)

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

USD United States (US) dollar