වයස අවුරුදු 19 න් පහළ පළාත් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනයේ පැවැති තරග වලදී දඹුල්ල සහ කොළඹ දකුණ කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූහ.
රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරග වලදී මහනුවර පිලට එරෙහිව ලකුණු 91 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම සමත්වද්දී සෙසු තරගයේදී ගාල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට කොළඹ දකුණ කණ්ඩායම් සමත්වූහ.
දිනයේ පැවැති පළමු තරගයේදී දඹුල්ල පිල පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 152 ක් ලබා ගත් නමුත් ඊට පිළිතුරු ලෙස මහනුවර පිලට රැස්කරගත හැකිවූයේ ලකුණු 61 ක් පමණි.
එම තරගයේදී දමුල්ල පිල වෙනුවෙන් වැඩිම ලකුණු වාර්තා කිරීමට නිමේෂා අඹතලාව සමත්වද්දී පන්දු යවමින්ද ලකුණු 12 කට කඩුලු 2ක් බිඳ හෙළා දක්ෂතම ක්‍රීඩිකාව සම්මානයෙන් පිදුම් ලැබුවාය.
පස්වරුවේ පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කොළඹ දකු පිල කඩුලු 9 කදී ලබා දුන් ලකුණු 106 ක ඉලක්කයක හඹා යෑමේදී ගාල්ල කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ ලකුණු 85 ක් පමණි.
එම තරගයේදී ලකුණු 17 ක් සහ ලකුණු 10 ට කඩුලු 2 ක් දවා ගත් හරිනි පෙරේරා දක්ෂතම ක්‍රීඩිකාව සම්මානයෙන් පිදුම් ලැබුවාය.
දඹුල්ල – මහනුවර
දඹුල්ලට ලකුණු 91 ක ජයක්
දඹුල්ල පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 152 යි – (දෙව්මි විහංගා 28, නිමේෂා අඹතලාව 45, ඉසිරි මීගම්මන 11/3, එරන්දි හංසමාලි 30/3)
මහනුවර පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුනු 61 යි – (එරන්දි හංසමාලි 12/3, හංසිකා නිපුණි 12/3, නිමේෂා අඹතලාව 12/2, බුද්ධිනී දිසානායක 05/2)
ගාල්ල – කොළඹ දකුණ
කොළඹ දකුණට ලකුණු 20 ක ජයක්
කොළඹ දකුණ පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 105 යි – (නෙත්මි සේනාරත්න 19, නිනේද්‍යා ජයසිංහ 10, මනුදි නානායක්කාර 26, හරිනි පෙරේරා 17, රශිනි නේත්‍රාංජලී 22/3, පමෝදා ශයිනි 17/2)
ගාල්ල පන්දුවාර 18.5 කදී ලකුණු 85 යි – (සෂිනි ගිම්හානි 26, රශ්මි නේත්‍රාංජලී 16, තරුෂි ප්‍රනාන්දු 18/3, හරිනි පෙරේරරා 10/2, නවෝදයා ජයසිහ 16/2, මනුදි නානායක්කාර 22/2)