slc
logo
Home   |    News
සැප්තැම්බර් 12, 2022
දසුන් ඇතුළු පිරිවර 6 වැනි ආසියානු කුසලාන ශ්‍රී ලංකාවට දිනා දෙති

sinhala editor

පෙර තරගවල පරිදිම පිතිකරණයෙන්, පන්දු යැවීමෙන් සහ පන්දු රැකීමෙන් අති විශීෂ්ඨ දස්කම් දැක්වීමට සමත්වීම නිසා 6 වැනි වතාවටත් ආසියානු කුසලාන තමන් සතු කර ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම අද (11 දා) රාත්‍රියේ සමත්විය. පාකිස්තානයට මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔල්වරසන් දැක්වීමට ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට එක්වූ 24,000 කට අධික ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ පාකිස්තානු පිලට එරෙහිව ලකුණු 23 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ශූරතා කුසලානයට අමතරව මුදලින් ඩොලර් එක්ලක්ෂ පනස්දහසක ජය මල්ලටද හිමිකම් කීහ. ඒ අනුව ශ්‍රී ලංකා කන්ඩායමක් දිනා ගන්නා ලද්දේ වසර 8 ක කාලයකින් පසුවිය.

ඩුබායි ජාත්‍යන්තර තරගයේදී පළමුව පන්දුවට පහර දීම යනු ජයග්‍රහණය සඳහා උඩුගම් බලා පීනීමක් ලෙසින් සලකනු ලබයි. මෙම ජයග්‍රහණයේ ඇති සුවිශේෂීතාවයද එයම වේ. ඩුබායි ක්‍රීඩාංගණයේ පැවැති අවසන් තරග 31 දී කණ්ඩායමක් පළමුව පන්දුවට පහර දෙමින් ආරක්ෂා කර ගන්නා ලද අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද ශ්‍රී ලංකාව රැස් කරන ලද ලකුණු 170 සටහන් විය. මීට පෙර මෙහි වාර්තාව බවට පත්ව තිබුණේ නවසීලන්ත කණ්ඩායම විසින් ස්කොට්ලන්තයට එරෙහිව ආරක්ෂා කරගන්නා ලද ලකුණු 172 වේ.

එහෙත් එ් සියල්ලට වඩා දක්ෂතාවය පිළිබඳ පමණක් විශ්වාසය තැබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 171 ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානු වන්ව ලකුණු 147 කදී සීමා කරමින් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යම තිබූ ආසියානු කුසලාන ශ්‍රී ලංකාවට දිනා දුන්හ. 2022 වසරේදී පැවැති විස්සයි-20 තරගවලදී හඹා යමින් ජයගත් පළමු තරගය ලෙසින්ද මෙම ඓතිහාසික තරගය සටහන් විය.

නවක ක්‍රීඩක ප්‍රමෝද් මදුශාන් විසින් පිට පිට පන්දු 2 කදී නායක බාබර් අසාම් සහ ෆකාර් සමාන්ව දවා ගනිමින් කණ්ඩායමට විශ්වාසය එක් කළේය. එහෙත් ඉෆ්තිකාර් අහමඩ්ට එක්වූ මොහොමඩ් රිස්වාන් පාකිස්තානු ලකුණු සංඛ්‍යාව 15 වැනි පන්දුවාරය වන විට ලකුණු 103 ක් දක්වා ඉහළ දමා ගත්හ. එහිදී මොහොමඩ් නවාස්ගේ කඩුල්ල දවා ගැනීමට චාමික කරුණාරත්න සමත්වීමත් සමඟ එතෙක් වේලා දෙපිළටම ජයග්‍රහණය දෝලනය වුණු තරගය ශ්‍රී ලංකාව දෙසට හැරෙන්නට විය.

16 වැනි පන්දුවාරය යැවීම සදහා පන්දුව අතට ගත් වනිඳු හසරංග එ පන්දුවාරයේ පළමු, තෙවැනි සහ පස්වැනි පන්දුවලදී කඩුලු 3 ක් බිඳ හෙළමින් පාකිස්තානු පිලේ බලාපොරොත්තු එකින් එක බිද දැම්මේය. අවසන් පන්දුවාරය යවන තෙක් කඩුලු දවා ගැනීමට අසමත් වුණු දකුණත් පා දඟ පන්දු යවන්නා එම පන්දුවාරයත් සමඟ තම වටිනා පන්දු යැවීම පන්දුවාර 4 කදී ලකුණු 27 ට කඩුලු 3 ක් ලෙසින් සටහන් කරගත්තේය. අර්ධ ශතකයට ලකුණක් මෙපිටින් සිටි රිස්වාන්ගේ දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා ජයග්‍රහණය ස්ථීර විය.

ඉනිම ආරම්භක පන්දු වාරය යැවූ ඩිල්ෂාන් මදුශංක වයිඩ් සහ නිපන්දු යැවීම නිසා පළමු පන්දුව සටහන්වීමටත් මත්තෙන් පාකිස්තානු ලකුනු පුවරුව ලකුණු 9 ක් දක්වා ඉහළ දමා ගැනීමට හැකියාවක් ලැබිණ. නිපන්දුවකින් පටන් ගත් මදුශංක අනතුරුව වයිඩ් පන්දු කීපයක් නොයවන්නට පාකිස්තානු පිල දැඩි අසීරුතාවයට පත් කිරීමට හෙෲඳින්ම අවකාශ තිබිණ, අසාර්ථක ආරම්භයක් ලබා ගත්තද දෙවැනි සහ තෙවැනි පන්දුවාර වලදී යළිත් සුපුරුදු දක්ෂතාවය පෙන්වූ වමත් වේග පන්දු යවන්නා පන්දුවාර 3 දී ලකුණු 24 කට සීමා කර ගැනීමට සමත්වූවේය.

අද තරගය සඳහා ලබාදී තිබුණේ නවතම තණතීරුවක් බැවින් එහි තිබූ වේගය සහ දෝලනය අදාහගත නොහැකි විය. ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේ ඉන් හොඳම වාසි ලබා ගත් පාකිස්තානු වේග පන්දු යවන්නන් තිදෙනා පවර් ප්ලේ පන්දුවාර 6 අවසන් වීමට මත්තෙන්ම ශ්‍රී ලංකා පිලේ ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනා වූ කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක සහ ධනුෂ්ක ගුණතිලක දවා ගත්හ. ගුණතිලක පිටියෙන් ඉවත් වන විට ලකුණු පුවරුව ලකුණු 36 ට කඩුලු 3 ක් ලෙසින් සටහන් විය.

අවසන් තරගයේදී ක්‍රීඩා කරන ලද 11 දෙනාගේ කිසිදු වෙනසක් සිදුනොකරමින් අවතීර්ණවීම නිසා අංක 3 ස්ථානයෙන් පන්දුවටපහර දීමට පැමිණි ධනංජය ද සිල්වා පීඩනය අතරින් පන්දුවට පහර දීම කැපී පෙනුණි. පැයට කිලෝ මීටර 150 ට වඩා වේගයෙන් පැමිණි පන්දු මනරම් කවර් ඩ්‍රයිව් පහර වලින් ඊට නොදැවැනි වේගයකින් හතරේ සීමාව කරා හරවා යැවූ ධනංජය දැවී ගියේ අතිරේක පන්දු යවන්නකු හමුවේවීම කණගාටුවට කරුණක් විය. මැද කෙටී ආ පන්දුව පෙරළා උඩ පන්දුවක් ලෙස ඉෆ්තිකාර් අහමඩ් රැක ගැනීම නිසා ධනංජයගේ ඉනිම පන්දු 21 කදී ලකුණු 28 ක් ලෙසින් නිමාවට පත්විය.  

දසුන් ශානකත් ලකුණු 02 ක් ලබා සිටියදී දැවී යෑම නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 58 කට කඩුලු 5 ක් බිඳ වැටී අසීරු තත්ත්වයකට පත්විය. එහිදී නොසැලුණු භානුක රාජපක්ෂ සහ වනිදු හසරංග ශ්‍රී ලංකාවේ බර කරට ගනිමින් ලකුණු රැස් කිරීමේ කාර්යයෙහි නිරත වූහ.

පාකිස්තානු නායකයාගේ ආරාධනයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම 6 වැනි කඩුල්ලේ සම්බන්ධතාව නිසා නියමිත පන්දුවාර 20 අවසනදී ලකුණු 171 ක් පාකිස්තානු පිල හමුවේ ලබාදීමටා සමත්විය. 9 වැනි පන්දුවාරය වන විට කඩුලු 5 ක්ම බිඳ වැටුණද භානුක – වනිදු 6 වැනි කඩුල්ලේ සම්බන්ධතාවත් භානුක සහ චාමික කරුණාරත්න අතර 7 වැනි කඩුල්ලේ නොබිඳුණු සම්බන්ධතාවත් ප්‍රධාන කොට ශ්‍රී ලංකාවට තරගකාරී ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ දොරගුලු විවර විය.

පස්වැනි කඩුල්ලේ සම්බන්ධතාව පන්දු 36 කදී ලකුණු 58 ක් වද්දී 7 වැනි කඩුල්ලේ සම්බන්ධතාව පන්දු 31 කදී ලකුණු 54 ක් විය. මෙහිදී පන්දු 45 කට පමණක් මුහුණ දුන් භානුක හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් කර ගගනිමින් ලකුණු 71 ක් ලබා ගත්තේ ඉනිම අවසන් වන තෙක්ම තම ඉනිම සුරක්ෂිත කරගනිමිනි.

මොවුන්ගේ මෙම සුවිශේෂී පිතිහරඹයන් නිසා අවසන් පන්දුවාර 10 දී ලකුණු 103 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවිය.

හැරිස් රාවුෆ්ගේපන්දුවකට එල්ල කරන ලද පහර උඩ පන්දුවක් ලෙසින් ලෝන් ඔ්න් කළාපයේ පන්දු රකිමින් සිටි ශදාබ් ඛාන් වෙත ඇදී ගියත් එය ඔහුගෙන් ගිලිහී යෑම නිසා ලකුණු 46 කදී නිමා වන්නට ගිය භානුකට පහසුවෙන්ම අර්ධ ශතකය කරා යෑමට වාසනාව ලැබිණ.  අර්ධ ශතකය ලබා ගැනීමෙන් පසුද යළිත් දවා ගැනීම සදහා උඩ පන්දුවක් භානුක විසින් ලබා දුන්නද මිඩ් විකට් කළාප‌යේ පන්දු රකිමින් සිටි අසීෆ් අලී සහ ශදාබ් ඛාන් එක්ව එය ඇත හැර දැමුවේ පන්දුව හතරේ සීමාවට එහායින් පතිත වන හයේ පහරක් ලෙසිනි.

තරගයේ වීරයා – භානුක රාජපක්ෂ

තරගගාවලියේ වීරයා – වනිදු හසරංග

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee