slc
logo
Home   |    News
සැප්තැම්බර් 12, 2022
දිවයිනට එන ආසියානු ශූරයින්ට විශිෂ්ඨ පිළිගැනීමක්

sinhala editor

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්තවීමේදී ඔවුනව මහත් හරසරින් යුතුව පිළිගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ඇයතනය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහක ආයතනය වන ඩයලොග් ආසියාටා පී.එල්.සී. සහ ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම පිළිගැනීමේ උත්සවය සංවිධානය කරනු ඇත.

ආසියානු ක්‍රිකට් ශූරතා ඉතිහාසයේ 6 වැනි වතාවටත් ශූරතාව දිනාගැනීමට සමත් වූ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම හෙට අලුයම 4.45 ට ශ්‍රී ලංකාවට පැමිණෙන අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් සහ ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් විසින් ඔවුන්ව කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේදී පිළිගැනෙනු ඇත.

මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක ජනරාල් අමල් එදිරිසූරිය මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගරු උප සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහත්වරු ඇතුළු නිලධාරීන් සහභාගිත්වයෙන් පැවැත්වෙනු ඇත.

එම පිළිගැනීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම පෙ.ව. 6.30 ට ‘ඩබල් ඩෙකර්’ (විවෘත බසයකින්) බසයකට නැගී කටුනායක, කොළඹ ප්‍රධාන මාර්ගය ඔස්සේ රථ පෙරහැරකින් කොළඹ 07, මෙට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය වෙත පැමිණෙනු ඇත.  සාමාන්‍ය මාර්ගය ඔස්සේ විවෘත බස් රථයක නැඟී (ඩබල් ඩෙකර්) කොළඹට සම්ප්‍රාප්ත වනු ඇත.  ඒ අතර මඟදී ශ්‍රී ලංකා කණ්ඩායමට සුභ ප්‍රාර්ථනා එක් කිරීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට උදාවනු ඇත.

මෙරට සුවහසක් ක්‍රිකට් ලෝලී රසික රසිකාවියන් හා ප්‍රේක්ෂකයන්ට ජාතික ධජයද සමඟ මග දෙපසට රොක්ව අපේ ආසියානු ශූරයන්ට සුබ පැතුම් එක් කරන්නට අත්වැල් බැඳගන්නා මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විවෘතව ඇරයුම් කර සිටියි.

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee