slc
logo
Home   |    News
සැප්තැම්බර් 6, 2022
පළමු තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 3 ක පරාජයක්

sinhala editor

තරග 2 කින් සමන්විත සිව්දින ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ජය ගැනීමෙන් පසු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහභාගිවුණු තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 3 ක පරාජයක් එංගලන්ත යොවුන් පිල හමුවේ අත්වින්දේය.  වර්ෂාවෙන් බාධා පැමිණි තරගයේදී ඩක්වර්ත් – ලුවිස් න්‍යාය අනුව මෙම ජයග්‍රහණය තීරණය විය.  වූස්ටර් නුවරදී සඳුදා (05 දා) පැවැති මෙම තරගයේ ජයත් සමග තරගාවලිය 1-0 ක් ලෙස එංගලන්ත යොවුන් පිල පෙරමුණ ගත්තේය.

වර්ෂාව නිසා පන්දුවාර 48 කට සීමා වෙමින් ඇරැඹි මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ පළමු කඩුලු 3 ම ලකුණු 74 කදී බිඳ වැටුණද ෂෙවෝන් ඩැනියල්ට එක්වූ නායක රවීන්ද සිල්වා, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුනු 50 ක සම්බන්ධතාවක් එක් කළහ. එම සම්බන්ධතාව ප්‍රධාන කොට ශ්‍රී ලංකා පිලට හිස එසවීමට අවස්ථාව උදාවුවත් පළමු පන්දුවාර 30 අවසනදී කඩුලු 5 කට ලකුණු 146 ක් ලෙසින් දිස්විය.

කෙසේ වෙතත් අංජල බණ්ඩාර සහ මල්ෂ තරුපති එක්ව කණ්ඩායම ලකුණු 200 සීමාවට රැගෙන ගියේ පිළිවෙළින් ලකුණු 44 ක් සහ 37 ක් වශයෙන් ලබා ගනිමිනි. එම ඉලක්කය හඹා යෑමේදී යොවුන් පි කඩුලු 7 කට ලකුණු 174 ක් ලබා සිටියදී ඩක්වර්ත් ලුවිස් නයාය මත සත්කාරකයින්ට ජය හිමිවිය.

ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 48 කදී කඩුලු 9 ට ලකුණු 248 යි – (ෂෙවෝන් ඩැනියෙල් 54, හසිත අමරසිංහ 19, අභිෂේක් ලියනාරච්චි 33, රවීන් ද සිල්වා 19, අංජල බණ්ඩාර 44, මල්ෂ තරුපති 37, දුවිදු රණතුරංග 12, තෝමස් ඇස්පින්වෝල් 24/2, ෆතේෂ් සිං 49/3, ඩැනියෙල් ඊබ්‍රහිම් 61/2)

එංගලන්ත යොවුන් පිල පන්දුවාර 23.1 කදී කඩුලු 7 ට ලකුණු 174 යි – (ජෝර්ජ් තෝමස් 28, බෙන් මැක්නි 31, ඇලෙක්ස් හෝර්ට්න් 49, ඩැනියෙල් ඊබ්‍රහිම් 32, ජමාල් රිචර්ඩ්ස් (නොදැවී) 10, රවීන් ද සිල්වා 32/2)

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

USD United States (US) dollar