slc
Home   |    News
සැප්තැම්බර් 2, 2022
බංගලියන් පැරදූ ශ්‍රී ලංකාව සුපිරි කණ්ඩායම් 4 තරග වටයට

sinhala editor

සඳහන් කළ ආකාරයටම ක්‍රියාවෙන්ද වැඩ පෙන්වූ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරියට යෑම සඳහා ජයග්‍රහණය අතිශය තීරණාත්මක වූ බංග්ලාදේශයට එරෙහිව පැවැති විස්සයි-20 තරගයෙන් කඩුලු 2 ක තියුණු ජයක් වාර්තා කිරීමට අද (01 දා) සමත්වූවේය. මෙම ජයග්‍රහණයත් සමඟ ‘බී’ කාණ්ඩයෙන් සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වද්දී කටමැත දෙඩවූ බංගලාදේශයට මෙරව තරගාවලියේ ඉවත් වූ පළමු රට බවට පත්ව හිස් අතින් සිය රට බලා යෑමට සිදුවිය.

විස්සයි-20 තරගයකදී ලකුණු 184 ක් හඹා යෑම යනු අතිශය අසීරු කරුණක් වුවත්, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක සහ අසිත ප්‍රනාන්දුගේ ප්‍රතිහත ධෛර්යවන්ත පිතිහරඹය හේතුවෙන් පන්දු 4 ක් සහ කඩුලු 2 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගැනීමට සමත්වූහ. මෙය විස්සයි-20 තරගයකදී ශ්‍රී ලංකාව හඹා ගොස් ජය ගන්නා ලද දෙවැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව වශයෙන්ද සටහන් විය.මෙහි ඉහළතම හඹා යෑම වන්නේද බංග්ලාදේශයට එරෙහිව රැස් කරගන්නා ලද ලකුණු 194 ක ඉලක්කය වේ.

ජයග්‍රහණය හඹා යෑමේදී ආරම්භක පිතිකරුවන් යුගලය සාර්ථක ආරම්භයක් ලබා දුන් නමුත්ථ අවසන් පන්දු 7 දී ලබාගත යුතුව තිබූ ලකුණු 12 සදහා නම් දැරූ එකම පිතිකරුවකු හෝ නොවීය. එහි සමස්ථ වගකීම පැටවී තිබුණේ අද මංගල විස්සයි-20 වරම් ලැබූ අංක 10 ස්ථානයෙන් පන්දුවට පහර දීමට ගිය අසිත ප්‍රනාන්දුටය. තමාට ලැබුණු පළමු පන්දු 2ම හතරේ සීමාවට යැවීමට සැලැස්වූ දකුණත් පිතිකරුවා මෙහෙදි හසන් ක්‍රියාත්මක කරන ලද අවසන් පන්දුවේ තෙවැනි පන්දුවටත් ලකුණු 2 කට පැති මාරු කර ගත්තේය. එ‌සැණින්ම නිපන්දුවක් යැයි සලකුණු කරනු ලබන සයිරන් නාදය ඩුබායි පිටිය සිසිරා හඩ දෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සිය ජයග්‍රාහී සතුට භුක්ති වින්දහ.

ලබා ගනු ලැබුවේ ලකුණු 10 ක් වුවද එම ඉනිම ශ්‍රී ලංකා පිල සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයට රැගෙන ගියා පමණක් නොව ඒ වෙනුවෙන් ඔල්වරසන් දුන් සුවහසක් ක්‍රීඩා ලෝලීන්ගේද බාපොරොත්තු සඵල කරවන ඉනිමක් බවටද පත්විය. මෙම තරගයේදී

අසිතට ප්‍රථම කුසල් මෙන්ඩිස් පන්දු 37 කදී ලකුණු 60 ක්ද නායක දසුන් ශානක පන්දු 33 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 2 ක් සමඟින් ලකුණු 45 ක්ද ලබා පිත්තෙන් කැපී පෙනුණහ. එම ලකුණු 60 ලබා ගැනීමේදී කුසල් කෙතරම් වාසනාවන්ත වූයේද කිවහොත් දවා ගැනීම වෙනුවෙන් ප්‍රතිවාදීන් වෙත ලබා දුන් අවස්ථා 4 ම කුසල්ගේ වාසියට හිටියේය. කෙසේ වෙතත් ඒ අතරට යොමු කරන ලද නිපන්දුව ද කුසල්ගේ වාසියට හිටියේය. මෙම තරගයේදී බංග්ලාදේශ පන්දු යවන්නන් විසින් නිපන්දු 4 ක් සහ වයිඩ් පන්දු 8 ක් යැවීම ද ශ්‍රී ලංකා පිලට අතිරේක වාසියක් එකතු කරන ලද්දක් බවටද පත්විය.

දෙපිළේම දක්ෂතා දැක බලාගැනීම වෙනුවෙන් අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී ගිය ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහර දීම සදහා බංග්ලාදේශය පිලට ආරාධනා කර සිටියේය. විටෙක ශ්‍රී ලංකාවටත් තවත් විටෙක බංග්ලාදේශයටත් ඇදී ගිය එම ඉනිමේදී පන්දුවාර 20 අවසන් වන විට ලකුණු 183 ක් රැඳවීමට බංග්ලාදේශ පිතිකරුවෝ සමත්වූහ.

පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර එක් කඩුල්ලක් පමණක් අහිමිකරගනිමින් ලකුණු 55 ක් එක් ගැනීමට බංග්ලාදේශ පිතිකරුවන් සමත් වුවත් හසන් මිරාස් සහ මුෂ්ෆිකර් රහීම් ඉක්මනින් දැවී යෑම නිසා ඉනිම මධ්‍යස්ථ කොටස, ආරම්භය මෙන් ලකුණු ගලා ඒම ප්‍රවණතාවයෙහි අඩුවීමක් දක්ට ලැබිණ.

බංග්ලාදේශ පිල වෙනුවෙන් එකම අර්ධ ශතකයක් වාර්තා නොවුණු නමුත්, අඩු පන්දු සංඛ්‍යාවන් හමුවේ වේගවත්ව ලකුණු රැස් කිරීම මෙතරම් ලකුණු සංඛ්‍යාවකට මං පෙත් විවර වීමට ප්‍රධාන හේතු සාධක බවට පත්වීය. මෙහිදී හසන් මිරාස් පන්දු 26 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 28 ක් රැස් කරමින් සාර්ථක ආරම්භයක් කණ්ඩායමට ලබා දුන්නේය.

හය වැනි පන්දුවාරයේ යැවූ වනිඳු හසරංග දෙවැනි පන්දුවට මිරාස්ව දවා ගත්තේ යැයි කරන ලද ඉල්ලීම විනිසුරු නිශ්ප්‍රභා කිරීම නිසා එය තෙවැනි විනිසුරු වෙත යොමු කෙරිණි. එහෙත් පන්දුව පාදයේ වදින පෙදෙස කඩුල්ල තුළ වූ කලාපය ආවරණය නොවී තිබීම හේතුවෙන් ප්‍රධාන විනිසුරුගේ තීරණයෙහි වෙනසක් නොවීය. සිදුවූයේ ශ්‍රී ලංකාවට විතිවි (විනිසුරු තීරණ විමසීමේ) අවස්තාවක් අහිමිවීම පමණි.  කෙසේ වෙතත් එම පන්දුවාරයේ පස්වැනි පන්දුවේදීම යළි සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට නිදු සමත්වූවේය.

වෙනදාට ශ්‍රී ලංකාවට රිදෙන්නට බැට දෙන පිතිකරුවන් වන නායක ශකීබ් අල් හසන් සහ මුෂ්ෆිකර් රහීම් ඉක්මනින් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූවත් අෆීෆ් හොසනේ, මොසදෙක් හොසේන් සහ මහමුදුල්ලා සිය යුතුකම් ඉටු කිරීමට සමත්වූහ. ඔවුහු අවසන් පන්දුවාර‌ 5 දී ලකුණු 60 ක් ශ්‍රී ලංකා පන්දු යවන්න්ගෙන් උදුරා ගැනීමට සමත්වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස  එක්සත් එමීර් රාජ්‍යයේදී ඔවුන් මෙතෙක් ලද ඉහළම විස්සයි-20 ලකුණු සංඛ්‍යාව  වාර්තා කිරීමට අද හැකියාව ලැබිණ. බංග්ලාදේශ අඩු ලකුණු සංඛ්‍යාවකට නවතාලමින් පහසු ඉලක්කයක් ලබා ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණ වුවත්, බලාපොරොත්තු වූ සේවය පන්දු යවන්නන්ට ලබා දීමට නොහැකි විය. අද තරගයේදී මංගල විස්සයි-20 වරම් දිනා ගත් අසිත ප්‍රනාන්දු තෙවැනි පන්දුවාරයේදීම සබීර් රහ්මාන් දවා ගනිමින් සිය මංගල කඩුල්ලට හිමික්ම කීවද ඔහුගේ පන්දුවාර 4 අවසන් වන විට ලකුණු 51 ක් ලබා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්වූහ. ඩිල්ෂාන් මදුශංක සහ මහීෂ් තීක්ෂණ පමණක් පන්දුවාරයකට ලකුණු 6 සීමාව තුළ රඳවා ගෙන පන්දු යැව්වද වනිඳු හසරංග සහ චාමික කරුණාරත්නට පන්දුවාරයකට ලකුණු 8 කට වැඩි වේගයක් තබාගැනීමට ප්‍රතිවාදීහු සමත්වූහ.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest