slc
Home   |    News
සැප්තැම්බර් 15, 2022
වනිඳු යළිත් ඉදිරියට

sinhala editor

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දක්වන ලද දක්ෂතා‌ හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අලුත්ම ශ්‍රේණිගත කිරීම්වලට අනුව විස්සයි-20 පන්දු යවන්නන් අතර හය වැනි ස්ථානයටත් එම අංශයේ තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර සිව්වැනි ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව සිටියි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් තුන් ඉරියව්වෙන්ම දස්ෂතා දැක්වීමට වනිඳු සම්වීම මත තරගාවලියේ වීරයා සම්මානයෙන්ද හේ පිදුම් ලැබීය. එම දක්ෂතා ප්‍රධාන කොට ශ්‍රේණිගත කිරීම්හි ඉදිරි ස්ථානයන් ඔහු වෙනුවෙන් වෙන්වීමට ප්‍රධාන හේතු වී තිබේ.

අවසන් මහ තරගයේදී පන්දු 21 කින් ලකුණු 36 ක් ලබා ගත් දකුණත් පිතිකරුවා පා දඟ පන්දු යවමින් ලකුණු 27 කට කඩුලු 3 ක් දවා ගනිමින් ජයග්‍රහණය සඳහා දැඩි දායකත්වයක් ලබා දුන්නේය.

අවසන් මහ තරගයේ දවා ගන්නා ලද කඩුලු 3ත් සමග සමස්ථ ආසියානු කුසලාන තරගාවලියේදී තරග 6 කදී කඩුලු 9 ක් දවාගැනීමට සමත්විය. ‌ආසියානු කුසලාන තරගාවලිය ආරම්භයේදී හොඳම පන්දු යවන්නන් 10 දෙනා අතර නව වැනි ස්ථානයේ වනිඳු රැඳී සිටි නමුත් මෙම දක්ෂතා ප්‍රධාන කොට ඔහු තවත් පියවර 3 ක් ඉදිරියට පැමිණ සිටියි. මෙම තරගාවලිය ආරම්භයට පෙර වනිඳුට වඩා එක් ස්ථානයක් හෙවත් 8 වැනි ස්ථානයේ රැඳී සිටි මහීෂ් තීක්ෂණ කිසිදු වෙනසක් නොමැතිව 8 වැනි ස්ථානයේ රැදී සිටින්නේය.

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest