slc
logo
Home   |    News
ඔක්තෝබර් 4, 2022
‘අනාගත ක්‍රිකට් තරු ගවේෂණය’ චාරිකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 185 ක් සංචිත ගත කරයි

sinhala editor

සහජ දක්ෂතාවයෙන් යුත් ඕනෑම ක්‍රීඩකයකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව සලසා දීම අරමුණු කරගත් ශ්‍රී  ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන “ගමන් මග” වැඩසටහනේ  ‘ක්‍රිකට් ගමට’ සංකල්පය යටතේ අනාගත ක්‍රිකට් තරු සොයා ගමින් ගමට යන කුසලතා ගවේශණ වැඩසටහන පසුගිය සැප්තැම්බර් 18 වෙනිදා පොලොන්නරුව රාජකීය විදුහල් ක්‍රීඩාංගනයෙන් ආරම්භ විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා ඇතුළු විධායක කමිටුවේ සංකල්පයක් අනුව දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ ආවරණය කරමින් ගමින් ගමට යන මෙම දක්ෂතා ගවේෂණ ව්‍යාපෘතියේ  මූලික  අරමුණ වන්නේ තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත නොවන පාසල්වල, ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි දරු දැරියන්ගේ  දක්ෂතා හඳුනාගැනීම වේ.

උතුරු මැද පළාත් ක්‍රිකට් සංගමයේ අධීක්ෂණය යටතේ පොලොන්නරුව දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින් මෙහෙයවන ලද මෙම සමාරම්භක වැඩසටහන, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

පළමු අදියරය යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ වූ ප්‍රා‌දේශීය ලේකම් කොට්ඨාශ හත ආවරණය වන පරිදි ප්‍රාදේශීය ක්‍රිකට් සංවර්ධන මධ්‍යස්ථාන 07 ක් ස්ථාපිත කෙරෙන අතර ඒ අතරින් දක්ෂතාවයෙන් හෙබි ක්‍රීඩකයින් තෝරා වයස අවුරුදු 13, 15, 17, 19 සහ 23 න් පහළ යන වයස් කාණ්ඩයන්හි බාලක සහ බාලිකා වශයෙන් කණ්ඩායම් ගත කෙරෙනු ඇත. සැප්තැම්බර් මස 18 වැනිදා ආරම්භ වුණු මෙම වැඩසටහන 24 වැනිදා දක්වා වැලිකන්ද, දිඹුලාගල, ලංකාපුර, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය සහ ඇලහැර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂ ආවරණය කරමින් පැවැත්විණ. දිස්ත්‍රික් සහ පළාත් පුහුණුකරුවන් 25 දෙනෙකුගේ අධීක්ෂණය යටතේ සිදුකෙරුණු මෙම දක්ෂතා ගවේෂණ වැඩසටහනේදී බාලක ක්‍රීඩකයෙන් 170 ක් සහ බාළිකා ක්‍රීඩිකාවන් 15 දෙනෙකු වශයෙන් සමස්ථ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 185 දෙනෙකු තෝරා ගනු ලැබූ අතර ඔවුන් සියල්ල අදාළ ප්‍රාදේශීය ක්‍රිකට් සංවර්ධන මධ්‍යස්ථානවලට යොමු කෙරෙනු ඇත.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee