slc
Home   |    News
ඔක්තෝබර් 15, 2022
ඉන්දියානු ක්‍රීඩිකාවෝ 7 වැනි වතාවටත් ආසියානු ශූරතාව දිනති

sinhala editor

රේණුකා සිං ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නනියන්ගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් බංග්ලාදේශයේ පැවැති ආසියානු කුසලාන අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 65 ක පරාජයකට ඇද දැමීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද (15 දා) පස්වරුවේ සමත්විය. ඒ සමඟම ඉන්දියානු කණ්ඩායම 7 වැනි වතාවටත් ආසියානු ශූරයන් බවට පත්විය.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දීමට චමරි අතපත්තු සීමා කළද රේණුකා සිං ලකුණු 05 කට කඩුලු 3 ක්, රාජේශ්වරී ගයික්වාඩ් ලකුණු 16 කට කඩුලු 2 ක් සහ ස්නේහා රානා ලකුණු 13 කට කඩුලු 2 ක් වශයෙන් කඩුලු දවා ාගැනීමට සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 9 ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 65 ක් පමනි. රේණුකා සිංගේ දක්ෂ පන්දු යැවීම නිසා ඇය අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් නම් කරනු ලැබුවාය.

ජයග්‍රාහී හඹා යෑමේදී ඉන්දීය පළමු කඩුලු 2 ම ලකුණු 35 ක් ඇතුළතදී බිඳ දැමූ නමුත් සටනක් දිය ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ නොමැතිවීම නිසා ඉන්දීය කණ්ඩායම කඩුලු 8 කින් තරගය ජය ගත්තේය. ඉන්දීය පිල වෙනුවෙන් පස්මිත්‍රි ිමන්දනා පන්දු 25 කදී ලකුණු 51 ක් රැස් කරන ලද්දේ හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් ද සමඟිනි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු බිඳ වැටීම වූයේ නායිකා චමරි අතපත්තු දුවද්දී දැවී යෑමට ලක්වීමය. මුලු ලකුණු සංඛ්‍යාව 08 ක්ව තිබියදී නායිකාව දවා ගත් රේණුකා සිං සහ රිෂා ඝෝෂ් ආරම්භයේදීම වාසිය ඉන්දියාවට ලබා දුන්හ. එතැන් පටන් කඩා ශ්‍රී ලංකා පිලේ කඩා වැටීම හැරුණු කොට වෙනත් කිස්වක් නොවීය.

12 වැනි පන්දුවාරය අවසන් වීමට මත්තෙන් ඉන්දීය පන්දු යවන්නියෝ කඩුලු 8 ක් දවා ගනු ලැබුවේ ලකුණු ප්වරුව 32 ක්ව සටහන් තිබිදීය. අවසන් කඩුලු දෙකට ඔෂධී රණසංහ, ඉනෝකා රණවීර සහ අචිනි කුලසූරිය එක් කරන ලද ලකුණු 33 නොවන්නට ශ්‍රී ලංකා ඉනිම ලකුණු 50 ට අඩුවෙන් දැවී යෑමේ අවධානමකට මුහුණ දී සිටියේය.

ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 65 යි – (ඉනෝකා රණවීර (නොදැවී) 18, ඔෂධී රණසිංහ 13, රේණුකා සිං 05/3, රාජේෂ්වරී ගයික්වාඩ් 16/2, ස්නෙහා ‌රානා 13/2)

 ඉන්දියානු කාන්තා පිල පන්දුවාර 8.3 කදී කඩුලු 2 ට ලකුණු 71 යි – (ස්මිත්‍රී මන්දනා (නොදැවී_ 51, හර්මන්ප්‍රීට් කෝර් නොදැවී 11)

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest