slc
logo
Home   |    News
ඔක්තෝබර් 11, 2022
දුර්වල පන්දු රැකීම නිසා පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකා කාන්තාවෝ පරදිති

sinhala editor

කාන්තාවන් සදහා වෙන්වුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමත් පාකිස්තානු කන්ඩායමත් සහභාගිවුණු අවසන් තරගයේදී ශ්‍රී ලංකා පිල පරදා කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට පාකිස්තානු කණ්ඩායම අද (11 දා) පස්වරුවේ සමත්විය. මෙම තරගයෙන් පරාජයට පත් වුවත් ලබන 13 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා පිල යළි පාකිස්තානය මුණ ගැසෙනු ඇත.

ජයග්‍රහණය සඳහා ලකුණු 113 ක ඉලක්කයක් හඹා යෑමේදී තරගයේ පාලනය ශ්‍රී ලංකාවේ වාසියට හරවා දීමට පන්දු යවන්නියන් සමත් වුවත්, මැද පෙළින් පන්දුවට පහර දීමට පැමිණි අයේෂා නසීම් හයේ පහර 2 ක් ද සමඟින් පන්දු 5 කදී ලකුණු 16 ක් රැස් කිරීමට සමත්වීම නිසා තවත් පන්දු 7 ක් ඉතිරිව තිබියදීම තරගයේ ජය වාර්තා කිරීමට පාකිස්තානු පිලට හැකියාව ලැබිණ.

පාකිස්තානු ඉනිම ක්‍රියාත්මක වන අතරතුරදී ශ්‍රී ලංකා පන්දු රකින්නියන් අතින් රැක ගැනීමට පහසුම මට්ටමේ උඩපන්දු 3 ක් ගිලිහී නොයන්නට මීට වඩා තරගය පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබිණ, නිලක්ෂි ද සිල්වා, ඉනෝකා රණවීර සහ මල්ෂා ෂෙහානි අද දිනයේදී උඩ පන්දු ගිලිහී ගිය පන්දු රකින්නියන් බවට පත්වූහ.

පළමු කඩුල්ල වෙනුවෙන් ලකුනු 28 ක සම්බන්ධතාවක් පැවැත්වුවත් තවත් ලකුණු 23 ක් ලකුණු පුවරුවට එකතු වන අතරතුරදී කඩුලු 4 ක් දවා තරගයේ පාලනය ශ්‍රී ලංකාව දෙසට ලබා දීමට අචිනි කුලසූරිය සහ කවීෂා දිල්හාරි ප්‍රමුඛ පන්දු යවන්නියෝ සමත්වූහ. කඩා වැටුනු පාකිස්තානු ඉනිම ලකුණෙන් ලකුණ රැස් කර ගොඩ ගැනීමට ගත් උත්සාහයේදී වැඩිම ලකුණු ලාභිණිය වූ නිදා දර්ට (26) අනගි සහායක් ලබා දුන් අලියා රියාස් (20) ලබා දුන් උඩ පන්දුව ලෝන් ඔ්න් කළාපයේ පන්දු රැකි මල්ෂා ෂෙහානි අතින් ගිලිහි ගියාය. එය ගිලිහී නොයන්නට රියාස්ගේ ඉනිම ලකුණු 08 දී නිමාවට පත්වනු ඇත.

පන්දු යවන්නියන් ලෙස නම් දරා සිටින ක්‍රීඩිකාවන්ට පන්දුවාර යැවීමට ඉතිරිව තිබියදී 16 වැනි පන්දුවාරය යැවීම සදහා හදිසියේම චමරි අතපත්තු ගත් තීරණයද ශ්‍රී ලංකා පිලේ පරාජයට තවත් හේතු වුණු කාරණාවක් විය. එම පන්දුවාරය ඇතුළතදී ලකුණු 11 ක් ලබා ගැනීමට පාකිස්තානු පිතිකාරිණියෝ සමත්වූහ. එහෙත් ලියාස්ව දවා ගැනීමට දිල්හාරි සමත් වුවත් අනතුරුව පිටියට පිවිසි අයේෂා නසීම් පාකිස්තානු ජයග්‍රහණය ඉක්මන් කලාය.

පන්දුවට පහර දීමේදී සිදුවූ සතුටුදායකම කරුණ බවට පත් වූයේ නායිකා චමරි අතපත්තු ලකුණු අතරට පිවිසීමට සමත්වීමය. මෙවර තරගාවලියේදී ලකුණු අතරට ඒමට දැඩි උත්සාහයක් ගත් වමත් ආරම්භක පිතිකාරිණිය අද දිනයේදී ලකුණු 41 ක් රැස් කළේ පන්දු 26 ක් පමණක් භාවිතා කරමිනි. චමරි ලකුණු අතරට පිවිසියද සෙසු පිතිකාරිණියන් අනපේක්ෂිත ලෙස දැවී යෑම ශ්‍රී ලංකාවට පහසුවෙන්ම ලකුණු 140 සීමාව පසුකර යෑමට නොහැකිවීමට හේතු විය.

මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 58 ක්ව තිබියදී චමරි අතපත්තු දැවී ගිය අතර අනතුරුව ලකුණු පුවරුවට 20 ක් එකතුවන අතරතුර ශ්‍රී ලංකා පිලේ කඩුලු 6 ක් දැවී යෑම එම අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිවීමට හේතු විය. මෙහිදී පන්දු යැවීමෙන් කැපී පෙනුණු ඔමයිමා සොහෙල් තම පන්දුවාර 4 ලකුණු 13 කට සීමා කළේ ශ්‍රී ලංකා පිලේ කඩුලු 5 ක් ද දවා ගනිමිනි. මෙම දක්ෂතාව පාකිස්තානු කාන්තා ක්‍රිකට් ඉතිහාසටය එක්වූයේ විස්සයි-20 තරගයකදී පාකිස්තානු ක්‍රීඩිකාවක් දක්වන ලද හොඳම පන්දු යැවීම ලෙසිනි. එම දක්ෂතාව නිසා ඇයට දක්ෂතම ක්‍රීඩිකාව සම්මානයද හිමිවිය.

කඩා වැටූණු ශ්‍රී ලංකා ඉනිම සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යෑමේ මූලික වගකීම කරටගත් ඔෂධී රණසිංහ අවසන් පිතිකාරිණියන් වූ ඉනෝකා රණවීර සහ අචිනි කුලසූරිය සමගග එක්ව ලකුණු 78 සිට 112 දක්වා ඉහළට රැගෙන ගියහ. ස්වීප් පහර, රිවර් ස්වීප් පහරසමග පන්දුවට පහර දුන් ඔෂධී පන්දු 29 කදී ලකුණු 26 ක් ලබා ගත්තාය.

ශ්‍රී ලංකා කාන්තා‌ පිල පන්දුවාර 20 කදී සියලු දෙනා දැවී ලකුණු 112 යි – (චමරි අතපත්තු 41, හසිනි පෙරේරා 18, කවීෂා දිල්හාරි 11, ඔෂධී රණසිංහ 26, ඔමයිමා සොහෙල් 13/5)

පාකිස්තානු කාන්තා පිල පන්දුවාර 18.5 කදී කඩුලු 5 ට ලකුණු 113 යි – (මුනීබා අලී 10, සිද්‍රා අමීන් 13, බිස්මා මරූෆ් 13, නිදා දර් (නොදැවී) 26, අලියා රියාස් 20, අහේෂා නසීම් 16, 16/2)

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest