slc
Home   |    News
ඔක්තෝබර් 11, 2022
ශ්‍රී ලංකාවට ජයග්‍රාහී පෙරහුරුවක්

sinhala editor

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වුණු පළමු පුහුණු තරගයෙන් සිම්බාබ්වේ පිලට එරෙහිව ලකුණු 33 ක ජයක් වාර්තා කරමින් තරගාවලියට ජයග්‍රාහී ප්‍රවේශයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11 දා) සමත්විය.

මෙල්බර්න් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවෝ නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 5 කට ලකුණු 188 ක් කළහ. ජයග්‍රහණයට කිරීමට නම් පන්දුවාරයකට 9.45 ක දළ වේගයක් රඳවා ගනිමින් පන්දුවට පහර දීමේ අභියෝගය සමඟ පිටියට පිවිසි සිම්බාබ්වේ පිතිකරුවන්ට ශ්‍රී ලංකා පිලේ ප්‍රබල පන්දු යැවීම හමුවේ රැස් කරගත හැකි වූයේ කඩුලු 5 කට ලකුණු 155 ක් පමණි.

ඉලක්කය හඹා යෑමේදී පළමු පන්දුවාර 6 දී ලකුණු 61 ක් රැස් කිරීමට සිම්බාබ්වේ ඉදිරි ‌පෙළ පිතිකරුවන් සමත් වුවත්, වඩා කල්පනාකාරීවූ පන්දු යවන්නෝ සිම්බාබ්වේ පිතිකරුවන්ව අසීරුවට පත් කළහ. ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාව 339 කදී නවතාලීමට චාමික කරුණාරත්න සමත් වද්දී තීක්ෂණ එර්වින්ගේ කඩුල්ල දවා ගත්තේය. එතැන් පටන් සිම්බාබ්වේ පිලට රඳවා ගත් වේගය එලෙසම තබා ගැනීම අසීරු කරුණක් විය.

පන්දු යැවීමේදී චාමික කරුනාරත්න සහ මහීෂ් තීක්ෂණ කඩුලු 2 බැගින් බිඳ හෙළද්දී ධනංජය ද සිල්වා එක් කඩුල්ලක් බිඳ‌ හෙළුවේය.

පන්දුවට පහර දීමේදී වැඩිම ලකුණු ලාභී පිතිකරුවා වූයේ කුසල් මෙන්ඩිස් වන අතර ඔහු පන්දු 29 කදී ලකුණු 54 ක් රැස් කළේය. පළමු කඩුල්ලේ සම්බන්ධතාව 57 කදී බිඳ වැටෙන විට ඒ සදහා කුසල් සහ පැතුම් වැය කරන ලද්දේ පන්දු 31 ක් පමණි. අර්වින්ගේ පන්දුවක් හමුවේ පැතුම් ලකුණු 21 කට දැවී ගියේය.

‌ශ්‍රී ලංකා පිලේ අංක 3 සිට අංක 5 දක්වා පිතිකරණ ස්ථානයන්හි පන්දුවට පහර දුන් ධනංජය, ගුණතිලක සහ භානුක ලකුණු 17 බැගින් රැස් කළහ. 16 වැනි පන්දුවාරයේදී ගුණතිලකගේ දැවී යෑමත් සමඟ නායක දසුන් ශානකට එක් වුණු වනිදු හසරංග ප්‍රවේග කාරී ඉනිමක නිරත වූයේ පන්දු 14 කදී ලකුණු 37 ක් රැස් කරමිනි. හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් වනිදු සිය ඉනිමට ඇතුළත් කරද්දී අනෙක් අන්තයේ රැඳී සිටි නායක දසුන් පන්දු 13 කදී ලකුණු 16 ක් රැස් කරන ලද්දේ ඉනිම නොබිඳිව තබා ගනිමිනි. ඔවුන් දෙදෙනාගේ 6 වැනි කඩුල්ලේ නොබිඳුණු සම්බන්ධතාව පන්දු 24 කදී ලකුණු 55 ක් විය.

ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුණු 188 යි – (කුසල් මෙන්ඩිස් 54, පැතුම් නිස්සංක 21, ධනංජය ද සිල්වා 17, භානුක රාජපක්ෂ 17, ධනුෂ්ක ගුණතිලක 17, භානුක රාජපක්ෂ 17, දසුන් ශානක (නොදැවී) 16, වනිදු හසරංග (නොදැවී) 37)

සිම්බාබ්වේ පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුණු 155 යි – (රෙගිස් චකබ්වා 20, ක්‍රෙග් එර්වින් 23, වෙස්ලි මාඩවර් 43, මිල්ටන් ශුම්බා 32, චාමික කරුණාරත්න 26/2, මහීෂ් තීක්ෂණ 39/2)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest