slc
Home   |    News
ඔක්තෝබර් 3, 2022
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු ජය ලබයි

sinhala editor

බංග්ලාදේශයේ පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු වටය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිලට එරෙහිව පැවැති තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 11 ක ජයක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (02 වැනිදා) සමත්විය.

ශ්‍රී ලංකා පිල ලබා දුන් ලකුණු 110 ක ඉලක්කය හඹා යන අතරතුර =අකුණු සහිත තත්ත්වයක් හේතුවෙන් තරගය තාවකාලිකව අත්හිටුවීමට විනිසුරුවරුන් පියවර ගත් අතර නැවත තරගය ආරම්භ කරන විට ඩක්වර්ත් න්‍යාය අනුව එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ ඉලක්කය පන්දුවාර 11 කදී ලකුණු 66 ක් ලෙසින් සංශෝධනය විය. කෙසේ වෙතත් ඔවුන්ට එම ඉලක්කය හඹා යන විට කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 54 ක් පමණි.

පන්දු යැවීමේදී කැපී පෙනුණු ඉනෝකා රණවීර සහ කවීෂා දිල්හාරි කඩුලු 2 බැගින් බිඳ හෙළමින් අරාබි එමීර් පිල අසීරුතාවට ඇද දැමූහ. ඊට අමතරව දුවද්දී දැවී යෑම් දෙකකටද මොවුන් දායකත්වය ලබාදීම කැපී පෙනිණ.

කාසියේ වාසියත් සමඟ පළමුව පිති ප්‍රහාරය දියත් කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නියමිත න්දුවාර 20 අවසනදී කඩුලු 9 කට ලුකණු 109 ක් රැස් කළහ. එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ පන්දු යවන්නනියන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ව අසීරුතාවයට පත් කරමින්  පන්දු යැවීම කැපී පෙනිණ.

අසීරුතාවයන් මධ්‍යයේ සිය පිත්තෙන් පිළිතුරු ලබා දුන් ආරම්භක පිතිකාරිණී හර්ෂිතා සමරවික්‍රම පන්දු 40 කදී ලකුණු 37 ක් ලබා ගත්තාය. එම දක්තාව මත තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වෙනුවෙන් ලබාදුන් සම්මානයෙන්ද හර්ෂිතා පිදුම් ලැබුවාය.

 මෙම තරගයේදී නායිකා චමරි අතපත්ති යළිත් වරක් අසාර්ථක වීම කැපී පෙනණු අතර ඇය ලකුණු 06 කට දැවී ගියාය. හර්ෂිතාට අමසතරව එකම පිතිකාරිණියක හෝ ලකුණු 20 සීමාව ඉක්මවාලීමට අරාබි පන්දු යවන්නියන් අවස්ථාව ලබා නොදීම කැපී පෙනුණි. හර්ෂිතාට අමතරව ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ලකුණු 10 සීමාව ඉක්මවාලීමට සමත්වූයේ නිලක්ෂි ද සිල්වා (19) සහ අනුෂ්කා සංජීවනී (නොදැවී 17) පමණි.

පන්දු යැවීමේදී අරාබි පිල වෙනුවෙන් වෛෂ්නව් මහේෂ් සහ මිහිකා ගෝර් කඩුලු 3 බැගින් ිඳ හෙළූහ. ඔවුන් දෙදෙනාට අමතරව සමයිරා ධර්ණිධර්කා කඩුලු 2 ක් බිඳ හෙළුවාය.

මෙම තරගයේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කෞෂානි නුත්‍යාංගනා විස්සයි-20 ජාත්‍යන්තර වරම් දිනාගත් නමුත් සිය මංගල ඉනිම ලකුණු 08 කට සීමා විය.

ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 109 යි – (හර්ෂිතා මාධවී 37, නිලක්ෂි ද සිල්වා 19, අනුෂ්කා සංජීවනී 17, වෛෂ්නව් මහේෂ් 15/3, මහිකා ගෝර් 21/3, සමයිරා ධර්ණිධර්කා 18/2)

එක්සත් අරාබි එමීර් පිල පන්දුවාර 11 කදී කඩුලු 7 ට ලකුණු 54 යි – (තීර්තා සතීෂ් 19, ඉනෝකා රණවීර 07/2, කවීෂා දිල්හාරි 07/2)

Active filters

Recent Posts

  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
  • කුරුණෑගල පරදවන්න එස්. එස්. සී. ලොකු සටනක් දෙයි
    අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ එස්.එස්.සී. කුරුණෑගල යූත් තරගයෙන් එස්.එස්.සී. ලකුණු නවයක තියුණු ජයක් අත්කර ගත්තත් කුරුණෑගල යූත් කණ්ඩායම ජයග්‍රහණය උදෙසා ප්‍රබල සටනක නියැළීමට සමත් විය. මේ තරගයේදී […]
  • මහනුවර 2, පුත්තලම සහ කුරුණෑගල විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරති
    වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට […]
USD United States (US) dollar

Pin It on Pinterest