slc
Home   |    News
ඔක්තෝබර් 10, 2022
ශ්‍රී ලංකා කාන්තාවෝ අවසන් පූර්ව වටයට ස්ථාන වෙන් කරගනිති

sinhala editor

බංග්ලාදේශයේ පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශ පිලට එරෙහිව පැවැති තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 03 ක තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවෝ අවසන් කණ්ඩායම් 4 අතර තරග වටය ක්‍රීඩා කිරීම සඳහා ස්ථාන වෙන් කර ගැනීමට අද (10 දා) පෙරවරුවේ සමත්වූහ.

මෙවර තරගාවලිය යටතේ ක්‍රීඩා කරන ලද 5 වැනි තරග බවට පත්වූ මෙම තරගයේදී ජයත් සමග ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණ සංඛ්‍යාව 4 දක්වා ඉහළ ගොස් තිබෙන්නේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 8 දක්වා ඉහළට රැගෙන එමිනි. ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකා පිලට තෙවැනි ස්ථානය වෙන්වී ඇතත් පළමු සහ දෙවැනි ස්ථානවල පසුවන ඉන්දියාව සහ පාකිස්තානු කාන්තා කණ්ඩායම්ද ලබා සිටින්නේ ප්‍රසාද ලකුණු 8 බැගිනි.

සිලෙට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායිකාව පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනා කර සිටි නමුත්, ඉනිම ක්‍රියාත්මක වන අතරතුරදී වර්ෂාවෙන් බාධා ඇතිවිය.

19 වැනි පන්දුවාරයේ පළමු පන්දුව යැවීමත් සමඟ වර්ෂාවෙන් බාධා ඇතිවූයෙන් ශ්‍රී ලංකා ඉනිම සටහන් වූයේ කඩුලු 5 ට ලකුණු 83 ක් වශයෙනි. අද දිනයේදීත් නායිකා චමරි අතපත්තු ලකුණු 01 කට දැවී ගිය නමුත් සුපුරුදු පරිදි වගකීම් කරට ගත් හර්ෂිතා සමරවික්‍රම *18) සහ නිලක්ෂි ද සිල්වා (නොදැවී 28) ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායකත්වය දැක්වූහ.

කෙසේ වෙතත් තරගය නැවත ආරම්භ කිරීමේදී ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව බංග්ලාදේශ පිලට පන්දුවාර 7 කදී ලකුණු 41 ක් ලබාගත යුතු වුවත් ඉනෝකා රණවීර ප්‍රමුඛ පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පන්දුවාර 7 අවසනදී කඩුලු 7 ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුනු 37 ක් පමනි.

මෙහිදී කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ හිටපු නායිකා ඉනෝකා රණවීට සිය පන්දුවාර 2 දී ලකුණු 07 ක් පමණක් ලබා දී කඩුලු 4 ක් බිඳ හෙළුවාය. මෙම දක්ෂතාවය ප්‍රධාන කොට තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වෙනුවෙන් පිදෙන සම්මානයද රණවීර විසින් දිනා ගත්තාය.

බංග්ලාදේශ ජයග්‍රහණය සඳහා අවසන් පන්දු 12 දී ඉලක්කය ලකුණු 14 ක් දක්වා අවම මට්ටමකට පැමිණියත් හය වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ ඉනෝකා රණවීර එම පන්දුවාරය ලකුණු 03 කට සීමා කිරීමට සමත්වූයේ දුවද්දී දවා ගැනීමක්ද සමඟ කඩුලු 4 ක් දවා ගැනීමට දායකත්වය ලබා දෙමිනි. එම පන්දුවාරය නිසා බංග්ලාදේශ පිලේ අවසන් පන්දු 6 දී ලබාගත යුතු ඉලක්කය ලකුණු 11 ක් තරම් පරතරය වැඩිවිය.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ ශ්‍රී ලංකා පිල සහභාගිවන අවසන් තරගය වන පාකිස්තානයට එරෙහි තරගය හෙට ප.ව. 1.30 ට සෙලෙට්හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකා කාන්තාවෝ පන්දුවාර 18.1 කදී කඩුලු 5 ට ලකුණු 83 යි – (නිලක්ෂි ද සිල්වා (නොදැවී) 28, හර්ෂිතා සමරවික්‍රම 18, හසිනි පෙරේරා 11, කවීෂා දිල්හාරි 11, රුමානා අහමඩ් 14/2)

බංග්ලාදේශ කාන්තාවෝ පන්දුවාර 7 කදී කඩුලු 7 ට ලකුණු 37 යි – (නිගාර් සුල්තානා 12, ඉනෝකා රණවීර 07/4, ඔෂධී රණසිංහ 13/1)

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest