slc
logo
Home   |    News
ඔක්තෝබර් 29, 2022
වැස්සෙන් පසු ශතක 7 ක්

sinhala editor

ශ්‍රී ලංකා   ක්‍රිකට්  ආයතනය  මෙහෙවන   තුන් දින  ලීග්    අන්තර්   සමාජ  ක්‍රිකට්  තරගාවලියේ  එකොළොස්  වන   සති  අන්තයේ  ප්‍රථම   දිනයවූ  අද   (28) පිතිකරුවන්   හත්  දෙනෙකුම ශතක   ලබා ගැනීමට   සමත්වීම විශේෂත්වයකි. මෙදින  ආරම්භ  වූ   තරග  12 ටම    අයහපත් කාලගුණයෙන්  කිසිදු බාධාවක්  ඇති  නොවීය .

එස්.එස්.සී  කණ්ඩායමේ   පිතිකරුවන්   දෙනෙකුවන මනෝජ්   සරත්චන්ද්‍ර (113) සහ  රොෂේන් සිල්වා(100)  කුරුණෑගල  යුත්  සමග ශතක දෙකක් රැස් කිරීම  කැපීපෙනුණි. මීට  අමතරව  ලන්කන්  කණ්ඩායමේ  ලසිත්  අබේරත්න  (111) සෙබස්ටියනයිට්ස්  සමගත් බදුරලිය  කණ්ඩායමේ   මළිදු මදුරංග ( නොදැවී 113) නුගේගොඩ  කණ්ඩායම සමගත්  යුදහමුදා නායක ලක්ෂාන් එදිරිසිංහ (112) චිලව්මේරියන්ස් සමගත් කෝල්ට්ස්   කණ්ඩායමේ  ධනංජය ලක්ෂාන් ( නොදැවී 113) රාගම  කණ්ඩායම  සමගත්  මුවර්ස්  කණ්ඩායමේ   පසිදු සුරියබණ්ඩාර (නොදැවී 131) කලුතර නගර    කණ්ඩායම  සමගත්  ශතක වාර්තා කළහ.

කඩුලු පහ ඉක්මවා  ලබාගත්තේ  පන්දු යවන්නන් සිව්දෙනෙකු  පමණකි. සී.සී.සී  කැන්ඩිකස්ටම්  තරගයේදී  කැන්ඩිකස්ටම් කණ්ඩායමේ   සහන්   අදීෂ ලකුණු  32  කට   කඩුලු  හයක්ද   එන්.සී.සී – බ්ලුම්ෆීල්ඩ්  තරගයේදී   බ්ලුම්ෆීල්ඩ්  කණ්ඩායමේ ළහිරු මධුශංඛ ලකුණු  70කට   කඩුලු   පහක් ද  නිගම්බු – ගුවන් හමුදා තරගයේදී  ගුවන්  හමුදාවේ දුලාංජන මෙන්ඩිස් ලකුණු 88 කඩුලු පහක්ද පානදුර – ඒස්කැපිටල් තරගයේදී පානදුර කණ්ඩායමේ නිමේෂ් විමුක්ති ලකුණු 64 කට කඩුලු හතක්ද  දවාලුහ..

  • එන්.සී.සී –  බ්ලුම්ෆීල්ඩ්

එන්.සී.සී  මුල්  ඉනිම   සියල්ල  දැවී    130 ( පන්දුවාර  37.3) – ( උපුල් තරංග 26,  අහන්  වික්‍රමසිංහ 24,  නිපුන්   රන්සික 19  ළහිරු මධුශංඛ 70/5  මධුක ලියනපතිරනගේ  18/3  චානක  කොමසාරු  20/2)  

බ්ලුම්ෆීල්ඩ් මුල්  ඉනිම  කඩුලු  7149 යි  ( පන්දුවාර 33.4 යි)

හස්නේන් බොකාරි  නොදැවී  72 ළහිරු  මධුශංඛ 21  නිපුන් රන්සික 24/2අම්සි  සිල්වා35/2යි)

  • පනදුර ඒස් කැපිටල්

පානදුර මුල්  ඉනිම   සියල්ල දැවී  126  (පන්දුවාර 34.4)   ( කොසාන්  ධනුෂ්ක 32 රොෂාන් විජේනායක 30,  රමින්ද  විජේසුරිය 20 රොෂාන් ජයතිස්ස  26/3 මොහමඩ් ඉර්ෆාන් 66/3 සිතුම් දිසානායක  32/2)

ඒස් කැපිටල් මුල්  ඉනිම   කඩුලු  9 ට   197යි ( පන්දුවාර 51) – (හර්ෂ  කුරේ 47 ලසිත් කෘස්පුල්ලේ 44 සකුන් ලියනගේ නොදැවී 24 යි වනුජ  සහන්23 නිමේෂ් විමුක්ති 64/7)

  • පොලීසිය –  ගෝල් 

ගෝල්  මුල්  ඉනිම  සියල්ල  දැවී 223(  පන්දුවාර 63.2) – (නිශාන්  කුස්වා 74  වනුර  දුල්සර 39 ශලිත් ප්‍රනාන්දු 34 යශෝධ ලංකා 20  හරීන්  බුද්දිල  19    චතුර  රන්දුනු  71/4  සුපුන්මධුශංඛ 20/2  නුවන්  ප්‍රදීප්  33/2)

 පොලිසිය මුල්  ඉනිම කඩුලු 4 111යි ( පන්දුවාර 24 යි) – (මදුරංග සොයිසා 43 නදීරබාලසුරිය 24 දුලාෂ් උදයංග නොදැවී 14 හරීන් බුද්දිල  42/2   රගු ෂර්මා 22/2)

  • නිගම්බු ගුවන් හමුදාව

නිගම්බු  මුල්  ඉනිම  කඩුලු 8 ට  295( පන්දුවාර 90) – දිල්ෂාන් මුනවීර 85 ජේටින්  සක්සේනා  82 ජීවක  සෂින්  31, අමෝද් විදානපතිරන 19 දුලාංජන මෙන්ඩිස් 88/5   මදුෂාන් රවිචන්ද්‍රකුමාර් 50/2)

  • ලන්කන් සෙබස්ටියනයිට්ස්

ලන්කන් මුල් ඉනිම  කඩුලු 5 ට  291 ( පන්දුවාර 93යි) –  (කසුන්  අබේරත්න 111 රිසිත්  උපමල්  නොදැවී  76 දමිතසිල්වා 32 ප්‍රසංසන   ජයමාන්ත 22 ඊස්වර දිසානායක නොදැවී 21 ශශ්‍රික පුස්සෙගොල්ල 23/1 තරුෂ ප්‍රනාන්දු 51/1)

  • නුගේගොඩබදුරලිය

නුගේගොඩ මුල් ඉනිම සියල්ල දැවී 185 ( පන්දුවාර   48.3)  – (කාරන්  කයිලා  37  සුවත්මෙන්ඩිස්  35 නවීන්   ප්‍රනාන්දු 20 ළහිරු ගමගේ  12/4රුචිර කෝසිත 43/2)

බදුරලිය මුල්  ඉනිම  කඩුලු 5 ට  185(පන්දුවාර 41යි) (මළිදු මදුරංග නොදැවී 113 අනුක් ප්‍රනාන්දු  24  කරන්   කයිලා37/2)

  • යුදහමුදා –  චිලව්මේරියන්ස්

යුදහමුදාව මුල්  ඉනිම  කඩුලු 7 ට  363 ( පන්දුවාර 93යි) – ( ලක්ෂාන් එදිරිසිංහ 112 මහේෂ් කුමාර නොදැවී 93 තුලින් දිල්ෂාන් 50 අෂාන්  රන්දික 35 සුමිද ලක්ෂාන් 24 ස්වාප්නිල් ගුගේල්  102/3)

  • සී.සී.සී. කැන්ඩිකස්ටම්

සී.සී.සී මුල්  ඉනිම  201යි  ( පන්දුවාර 76.1)  – ( මාලිංග අමරසිංහ 92  චමිදු විජේසිංහ 65  සහන්  අදීෂ 32/6  සචිත්‍ර පෙරේරා  59/2)

කැන්ඩිකස්ටම් මුල් ඉනිම කඩුලු 2ට  18 ( පන්දුවාර 8.3යි)  -( කවිදු  ලක්ෂාන්  09  මලින්ද පුෂ්පකුමාර 2/1)

  • කෝල්ට්ස් –  රාගම

කෝල්ට්ස් මුල්  ඉනිම කඩුලු 3357( පන්දුවාර 81)   ධනංජය ලක්ෂාන් නොදැවී  113   සංගීත්  කුරේ  64  ඇන්ජ්ලෝ  මැතිව්ස් 61  හෂාන්  දුමිදු  60  ප්‍රියමල් පෙරේරා නොදැවී 50  නිපුන්  මාලිංග   46/1)

  • එස්.එස්. සී –  කුරුණෑගල යුත්

එස්. එස්.සී  මුල්  ඉනිම  කඩුලු 8 ට  317( පන්දුවාර 85යි)  –  (රොෂේන් සිල්වා 100 මනෝජ් සරත්චන්ද්‍ර 113 නිපුන් ධනංජය 29 නුවනිදු ප්‍රනාන්දු 24 දිනුෂ්ක  මලන්  50/3 නවීන්  ගුණවර්ධන 69/2)

  • මුවර්ස් –    කලුතර නගර

මුවර්ස්   මුල්  ඉනිම කඩුලු 5334( පන්දුවාර 90)– (පසිදු සුරියබණ්ඩාර  නොදැවී  131 කවිදු කුලසේකර 65,  සොහාන් ද  ලිවේරා 61  ජනිෂ්ක   පෙරේරා 24  සුදාර  දක්ෂිත 69/2)

  • නාවික හමුදාව  –  ටැමිල් යුනියන්

නාවික හමුදාව මුල් ඉනිම සියල්ල දැවී 282 ( පන්දුවාර 85.3යි)  – (සහන්  කෝසල 94  අදීෂ නානායක්කාර 63  අසන්ත  සිංගප්පුලි 41  මාලිංග මාලිගස්පෙ 40 රවීන්ද  සිල්වා  86/4 ශිරාන් ප්‍රනාන්දු 33/3 )

ටැමිල් යුනියන් මුල්  ඉනින   කිසිවෙකු නොදැවී 14  ( පන්දුවාර 2) නවෝද්‍ පරනවිතාන නොදැවී 13)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee