slc
Home   |    News
නොවැම්බර් 13, 2022
දේශීය ප්‍රධානතම කාන්තා ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 16 දා ඇරඹෙයි

sinhala editor

ජාතික මට්ටමේ මෙන්ම ක්‍රීඩා සමාජ මට්ටමේ ක්‍රීඩිකාවෙන් තරග වදිනු ලබන දේශීය කාන්තා ක්‍රිකට් තරගාවලියන්හි ඉහළම මට්ටමේ තරගාවලිය වන කාන්තා ක්‍රිකට් සුපිරි කණ්ඩායම් 4 අතර තරගාවලිය මෙම මස 16 වැනිදා ආරම්භ වේ.

බ්ලූස්, ග්‍රේස්, ග්‍රීන්ස් සහ රෙඩ්ස් යන කණ්ඩායම් 4 ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ සියලුම තරග කොළඹ බී.ආර්.සී. පිටියේ පැවැත්වේ. පන්දුවාර 50 ක තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ඇත. මෙම තරගාවලිය සදහා  ජාතික තලයේ පසුවන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදිනු ලබන බැවින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉහළම මට්ටමේ ජාතික තරගාවලිය ලෙසින්ද මෙම තරගාවලිය හඳුන්වනු ඇත. තරගාවලියේ අවසන් මහ තරගය ලබන 25 වැනිදා බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest