slc
logo
Home   |    News
නොවැම්බර් 22, 2022
ප්‍රීමා කුසලාන සමාරම්භයේදී කොළඹ කණ්ඩායම් ජය ලබති

sinhala editor

ප්‍රීමා සමාගම සමඟ එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයේදීම ජය වාර්තා කිරීමට කොළඹ දකුණ සහ කොළඹ උතුරු කණ්ඩායම් සමත්වූහ.

සමාරම්භක දිනයේදී රත්මලාන ජනසතු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී මහනුවර පිට ලකුණු 94 කට දවාලමින් ලකුණු 112 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට කොළඹ දකුණු ක්‍රීඩකයෝ සමත්වූහ. පළමුව පන්දුවට පහර දුන් කොළඹ දකුණු කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී කඩුලු 5 ට ලකුණු 206 ක් ලබා ගත් නමුත් ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කීරීමේදී හිමරු දේශාන් සහ කොශේන්ද්‍ර ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ලකුණු 94 කට සීමා විය.

එම තරගයේදී යසිඳු දිසානායක ලකුණු 77 ක් වාර්තා කරමින් පිතතෙන් කැපී පෙනුණේය.

මේ අතර කොළම වෙළෙද සේවා ක්‍රීඩාංගණයේ පැවැති තරගය කරට කර සටනක් ගිය නමුත් අවසානයේ ගාල්ල පරදා ලකුණු 12 ක ජයක් වාර්තා කිරීමට කොළඹ උතුරු ක්‍රීඩකයෝ සමත්වූහ. පළමුව පන්දුවට පහර දුන් කොළඹ උතුරු පිල පන්දුවාර 49.5 කදී ලකුණු 150 කට සීමා වූ අතර එය හඹා යෑමේදී ගාල්ල කණ්ඩායම පන්දුවාර 46.3 කදී ලකුණු 138 කට සීමා කිරීමට උතුරු පන්දු යවන්නෝ සමත්වූහ.

කොළඹ දකුණට ලකුණු 112ක ජයක්

කොළඹ දකුණ පන්දුවාර 50 කදී කඩුලු 5 ට ලකුණු  206 යි – යසිඳු දිසානායක 77*, සත්සර නිලන්ජිත් 36*, හිරුක සිල්වා 35, කෙනුල පිහිලංග 32/2)

මහනුවර පන්දුවාර 25.2 කදී සියලු දෙනා දැවී ලකුණු  94 යි – (සෙත්මික සෙනෙවිරත්න 16, හිමරු දේශාන් 35/5, කොශේන්ද්‍ර ප්‍රනාන්දු 17/4)

කොළඹ උතුරු පිලට ලකුණු 12 ක ජයක්

කොළඹ උතුර – 150 (49.5): සදීෂ සිල්වා 46, ඔසඳ පමුදිත 33, කසුන් කාවින්ද 25/3, ප්‍රවීන් මදුශංක 08/2)

ගාල්ල – 138 (46.3): දුල්ශිත් දර්ශන 28, රිසිනු ගීනුක 23, දිනුජ සමරරත්න 15/4, ලහිරු ලක්මාල් 29/3

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee