slc
logo
Home   |    News
නොවැම්බර් 16, 2022
ශ්‍රී ලංකා බාලිකාවෝ පළමු ජය ලබති

sinhala editor

ඉන්දියාවේ පැවැත්වෙන සිව්කොන් ක්‍රිකට් තරාවලිය යටතේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාලිකා කණ්ඩායම සිය පළමු ජයග්‍රහණය බටහිර ඉන්දීය කොදෙව් බාලිකා කණ්ඩායමට එරෙහිව වාර්තා කිරීමට නොවැම්බර් මස 10 වැනිදා සමත්විය. විසාග්හි පැවැති මෙම තරගයේදී කඩුලු 6 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා බාලිකාවෝ ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා තවත් එක් පියවරක් ඉදිරියට තැබීමට සමත්වූහ.

පළමුව පන්දුවට පහර දුන් කොදෙව් බාළිකා පිල පන්දුවාර 20 කදී කඩුලු 3 ක ට ලකණු 95 ක් ලබා ගත් නමුත් ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී පන්දු 29 ක් සහ කඩුලු 6 ක් ඉතිරිව තබා ගිමින් ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකා බාලිකාවෝ සමත්වූහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූෆය් ආරම්භක පිතිකාරිණිය වන සුමුදු නිසංසලා වන අතර ඇය හතරේ පහර 8 ක් ද සමඟ පන්දු 16 කදී ලකුණු 33 ක් ලබා ගත්තාහ. ඇයට අමතරව පළමු තරගයේදීද පිතිකරණයෙන් සාර්ථක වුණු මනුදි නානායක්කාර පන්දු 28 කදී නොදැවී ලකුණු 22 ක් ලබා ගත්තාය. මෙම තරගයේදී නායිකා විශ්මි ගුණරත්න යළිත් අසාර්ථක වෙමින් ලකුණු 01 කට දැවී ගියාය.

පන්දු යැවීමේදී විහාරා සෙව්වන්දි ලකුණු 20 කට කඩුලු 2 ක්ද විදුෂිකා පෙරේරා ලකුණු 17 කට එක් කඩුල්ලක්ද දවා ගත්තාය. මූලික වටය යටතේ ශ්‍රී ලංකා පිල මේ දක්වා තරග 2 කට සහභාගිවී එක් තරගයක් ජය ගෙන සිටින අතර ඉන්දීය බාලිකා ‘ඒ’ පිලට එරෙහිව තරගය පමණක් ඉතිරිව තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් බාලිකා පිල පන්දුවාර 20 කදී කඩුලු 3 ට ලකුණු 95 යි – (ශනෙල් ස්වා (නොදැවී) 35, සයිඩා ජේම්ස් 22, ජනිලීයා ග්ලාස්ගෝව් (නොදැවී) 12, ට්‍රිෂාන් හෝල්ඩර් 12, විහාරා සෙව්වන්දි 20/2, විදුෂිකා පෙරේරා 17/1)

ශ්‍රී ලංකා බාලිකා පිල පන්දුවාර 15.1 කදී කඩුලු 5 ට ලකුණු 99 යි – (සුමුදු නිසංසලා 33. මනුදි නානායක්කාර (නොදැවී) 22, විහාරා සෙව්වන්දි (නොදැවී) 10)

Active filters

Recent Posts

  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]
  • යාපනයේ ජයග්‍රහණයට ලකුණු 381ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ජයග්‍රහණය හඹා යන යාපනය පිල කඩුලු 9ක් අතැතිව […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee