slc
logo
Home   |    News
නොවැම්බර් 22, 2022
ප්‍රීමා කුසලාන සමාරම්භයේදී කොළඹ කණ්ඩායම් ජය ලබති

sinhala editor

ප්‍රීමා සමාගම සමඟ එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයේදීම ජය වාර්තා කිරීමට කොළඹ දකුණ සහ කොළඹ උතුරු කණ්ඩායම් සමත්වූහ.

සමාරම්භක දිනයේදී රත්මලාන ජනසතු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී මහනුවර පිට ලකුණු 94 කට දවාලමින් ලකුණු 112 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට කොළඹ දකුණු ක්‍රීඩකයෝ සමත්වූහ. පළමුව පන්දුවට පහර දුන් කොළඹ දකුණු කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී කඩුලු 5 ට ලකුණු 206 ක් ලබා ගත් නමුත් ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කීරීමේදී හිමරු දේශාන් සහ කොශේන්ද්‍ර ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ලකුණු 94 කට සීමා විය.

එම තරගයේදී යසිඳු දිසානායක ලකුණු 77 ක් වාර්තා කරමින් පිතතෙන් කැපී පෙනුණේය.

මේ අතර කොළම වෙළෙද සේවා ක්‍රීඩාංගණයේ පැවැති තරගය කරට කර සටනක් ගිය නමුත් අවසානයේ ගාල්ල පරදා ලකුණු 12 ක ජයක් වාර්තා කිරීමට කොළඹ උතුරු ක්‍රීඩකයෝ සමත්වූහ. පළමුව පන්දුවට පහර දුන් කොළඹ උතුරු පිල පන්දුවාර 49.5 කදී ලකුණු 150 කට සීමා වූ අතර එය හඹා යෑමේදී ගාල්ල කණ්ඩායම පන්දුවාර 46.3 කදී ලකුණු 138 කට සීමා කිරීමට උතුරු පන්දු යවන්නෝ සමත්වූහ.

කොළඹ දකුණට ලකුණු 112ක ජයක්

කොළඹ දකුණ පන්දුවාර 50 කදී කඩුලු 5 ට ලකුණු  206 යි – යසිඳු දිසානායක 77*, සත්සර නිලන්ජිත් 36*, හිරුක සිල්වා 35, කෙනුල පිහිලංග 32/2)

මහනුවර පන්දුවාර 25.2 කදී සියලු දෙනා දැවී ලකුණු  94 යි – (සෙත්මික සෙනෙවිරත්න 16, හිමරු දේශාන් 35/5, කොශේන්ද්‍ර ප්‍රනාන්දු 17/4)

කොළඹ උතුරු පිලට ලකුණු 12 ක ජයක්

කොළඹ උතුර – 150 (49.5): සදීෂ සිල්වා 46, ඔසඳ පමුදිත 33, කසුන් කාවින්ද 25/3, ප්‍රවීන් මදුශංක 08/2)

ගාල්ල – 138 (46.3): දුල්ශිත් දර්ශන 28, රිසිනු ගීනුක 23, දිනුජ සමරරත්න 15/4, ලහිරු ලක්මාල් 29/3

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest