slc
logo
Home   |    News
නොවැම්බර් 4, 2022
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ශාන්ත මරියා විදුහලට අතහිත

sinhala editor

බාලිකාවන් අතර ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකරගෙන යනු ලබන වැඩසටහන යටතේ කොළඹ 03, ශාන්ත මේරී බාලිකා විදුහල වෙත ක්‍රිකට් ආම්පණ්න පරිත්‍යාගයක් පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන අංශ ප්‍රධානී කමල් ධර්මසේන ඇතුලු පිරිසකගේ ප්‍රධානත්වයෙන් එම පාසලේදී සිදුකෙරිණ.

ශාන්ත මේරී විදුහල්පතිනී ප්‍රමිලා පෙරේරා මහත්මිය සිදුකරන ලද ඉල්ලීමක් සලකා බලමින් ඉහත පියවර ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, සතියකට දෙවතාවක් දිස්ත්‍රික් පුහුණුකරුවකුගේ සේවය ලබාදීමටද පියවර ගනු ලැබීය. ක්‍රිකට් ක්‍රීඩාව ලැදි බාලිකා ක්‍රීඩිකාවන් රැසක් එම පාසලේ සිටීම නිසා ඉදිරියේදී වයස අවුරුදු 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ, බාලිකා පාසල් තරගාවලිය නියෝජනය කරනු ඇත.

සහජ දක්ෂතාවයෙන් යුතු ඕනෑම අයෙකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ සම අවස්ථාව සලසා දීම අරමුණු කරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන ගමන් මඟ වැඩසටහනේ ක්‍රිකට් ගමට සංකල්පය යටතේ, වූ කුසලතා ගවේෂණ වැඩසටහනක්ද මීට සමගාමීව සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගනු ලැබීය. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිණිය වන අප්සාරි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැති අතර අදාළ ක්‍රීඩා භාණ්ඩ ප්‍රධානයේදී, ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙක් කෙටි පැහැදිළි කිරීමක් සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාවට කමල් ධර්මසිරි මහතාට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාසල් ක්‍රිකට් සම්බන්ධීකාරක මොරිස් ඩිලා ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් බාලිකා ක්‍රිකට් කැඳවුම්කාරිණී අප්සාරි තිලකරත්න, දිස්ත්‍රික් පුහුණුකරු නිසංසල මෙන්ඩිස් සහ ශාන්ත මරියා විදුහලේ විදුහල්පතිනී ප්‍රමිලා පෙරේරා යන මහත්ම මහත්මීහු සහභාගිවූහ.

Active filters

Recent Posts

  • සොනාල් දිනූෂගෙන් ශතකයක්
    සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 327ක් […]
  • ලෝක කුසලානෙට යන ශ්‍රී ලංකා පිලේ නිල ජර්සිය එළිදැක්වේ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් සහකරුවන Moose Clothing සමාගම එළැඹෙන විස්සයි 20 ලෝක කුසලානය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් නිල ටීෂර්ටය (ජර්සිය) එළැදැක්වීම ඊයේ සිදු […]
  • අන්තර්සමාජ විස්සයි-20 12 වැනිදා ඇරඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය මැයි මස 12 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මෙවර […]
  • ‘ඒ‘ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සූරියබණ්ඩාරට
    ඇෆ්ගනිස්තානු ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ නායකයා ලෙස ඉදිරි පෙළ පිතිකරුවකු වන පසිදු සූරියබණ්ඩාරව නම් කර තිබේ. […]
  • ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ගෙවීම් ඉහළ දමයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගතව සිටින ජාතික තලයේ ක්‍රීඩකයින් සඳහා වාර්ෂිකව සිදුකරනු ලබන ගෙවීම් ඉහළ දැමීමට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ. […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee