slc
logo
Home   |    News
නොවැම්බර් 13, 2022
2024 වසරේ යොවුන් ලෝක කුසලාන සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

sinhala editor

2027 වසර වන තෙක් පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියන් අතරින් 2024 වසරේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබා දීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

මෙම කාල සීමාවේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් බාලිකා ලෝක කුසලාන තරගාවලි 2 කුත් බාලක අංශයේ ලෝක කුසලාන තරගාවලි දෙකකුත් පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ අතරින් ශ්‍රී ලංකාව හැරුණු කොට අනෙක් බාලක යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2026 වසරේදී සිම්බාබ්වේ ස නැමීබියාව යන රටවල සත්කාරකත්වයෙන් පැවැත්වෙන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව දැනුම් දී සිටියි.

ඊට අමතරව 2025 වසරේ පැවැත්වීමට නියමිත බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මැලේසියාව සහ තායිලන්තයේ සත්කාරකත්වයෙන්ද 2027 වසරේ පැවැත්වීමට නියමිත කාන්තා යොවුන් ලෝක කුසලාන තරගාවලිය බංග්ලාදේශය සහ නේපාලයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙනු ඇත.

තරගකාරී ලංසු තැබීමේ ක්‍රියාවලියකින් පසු අදාළ සුවිශේෂී තරගාවලියන්හිදී සත්කාරකයින් කවුරුන්ද යන්න මාටින් ස්නෙඩන්ගේ සාභාපතිත්වයෙන් යුත් මණ්ඩලය විසින් තෝරා ගැනීමට පියවර ගෙන තිබේ.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee