slc
logo
Home   |    News
දෙසැම්බර් 12, 2022
අපරාජිතයෝ කාසියේ වාසිය පරදිති

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගය ලෙසින් පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී අද (12 දා) පස්වරු යාමයේ පැවැත්වෙන තරගයේදී කැන්ඩි ෆැල්කන්ස් නායකයා විසින් කාසිය කැරකැවීමේ කාර්යය සිදු කළද එහි වාසිය හිමිවූයේ ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ නායක කුසල් මෙන්ඩිස්ටය. කාසියේ වාසිය දිනා ගැනීමත් සමඟ පළමුව පන්දුවට පහර දීමට ගෝල් නායකයා තීරණය කළේය.

ඊයේ වන තෙක්ම ජයග්‍රහණ වාර්තා කිරීමට අපොහොසත් වුණු ගෝල් ග්ලැඩියේටර්ස් පිල කලම්බු පිලට එරෙහිව ලකුණු 25 ක ජයක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්වූවේය. එබැවින් අද තරගයේදීත් එම ජයග්‍රාහී සංයුතියෙහි කිසිදු වෙනසක් නොකිරීමට කුසල් මෙන්ඩිස් වග බලාගෙන තිබේ.

මෙතෙක් තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායමට බවට පත්ව සිටින වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුතු කැන්ඩි ෆැල්කන්ස් පිල, අද තරගයේදී තුන් ඉරියව් ක්‍රීඩක ෆේබියන් ඇලන්ව විවේක ගන්වමින් ඒ වෙනුවට අශාන් ප්‍රියන්ජන් කැඳවමින් තරගයට අවතීර්ණව සිටියි.

ගෝල් ග්ලැඩියේටර්ස් – 1. තනුක දාබරේ, 2. කුසල් මෙන්ඩිස් (නායක), 3. ළහිරු උදාර, අසාම් ඛාන්, ඉෆ්තිකාර් අහමඩ්, නුවනිඳු ප්‍රනාන්දු, ඉමාද් වසීම්, වහාබ් රියාස්, නුවන් ප්‍රදීප්, නුවන් තුෂාර, ලක්ෂාන් සඳකැන්.

කැන්ඩි ෆැල්කන්ස් – පැතුම් නිස්සංක, ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර්, කමිදු මෙන්ඩිස්, අශේන් බණ්ඩාර, වනිඳු හසරංග (නායක), කාලෝස් බ්‍රැත්වයිට්, චාමික කරුණාරත්න, ඉසුරු උදාන, සහූර් ඛාන්, අශාන් ඩැනියෙල්. අශාන් ප්‍රියන්ජන්.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee