slc
Home   |    News
දෙසැම්බර් 27, 2022
අවසන් මහ තරගයේ වීරයා වීමත් භාග්‍යයක් අවිශ්ක ප්‍රනාන්දු

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් වැනි   ප්‍රධානම   තරගාවලියක    අවසාන මහා තරගයේදී   දස්කම්  දක්වා එම අවසන් මහ තරගයේ    දක්ෂතම  ක්‍රීඩකයා    ලෙස   තේරීම  ජිවිතයේ   තමා ලත්   භාග්‍යයක් ලෙස සළකන   බව     අවසාන    මහා තරගයේ දක්ෂතම    ක්‍රීඩක  සම්මානයෙන්    පිදුම්   ලද  අවිශ්ක ප්‍රනාන්දු තරගයෙන්  පසුව ප්‍රකාශ කළේය

මාස  දහයක  පමණ   කාලයක්   ආබාධිත තත්ත්වයයෙන්    පසුවු  තමාට පෙර  පරිදි    වේගයෙන් ලකුණු රැස් කිරීමට  අවස්ථාව නොලැබුනත්  අනෙක්  ආරම්භක පිතිකරු  රාමනුල්ලා  ගුර්බාස්ට  සහ අංක තුන පිතිකරු සධීර සමරවික්‍රමට පහසුවෙන්   ලකුණු රැස් කිරීමට තමා  උපරිම    සහය සැපයු  බවද   අවිශ්ක ප්‍රනාන්දු පවසයි.

“මට  අවශ්‍ය වුයේ  කළම්බු ස්ටාර්ස් රැස්කළ   ලකුණු 163  සංඛ්‍යාව  අප ලබා ගන්නා තෙක්ම  මාගේ කඩුල්ල  ආරක්ෂා කරගනිමින්     පන්දුවට   පහර දීමයි   .ලකුණු 153ක්  අප රැස් කරන  තෙක්ම මා  එය  ඉටු කළා” යැයි    අවිශ්ක  ප්‍රනාන්දු   පවසයි. 

ආබාධයක් මත    තම මාස දහයක්ම    ක්‍රිකට් ක්‍රීඩාවේ    නොනියැලුණු  බව   කී අවිශ්ක ප්‍රනාන්දු  ආබාධය සුවවීමෙන්  පසුව   දැඩි   කැපවීමකින්  සති   ගණනාවක්ම    පුහුණුව ලැබු  බවත්    ඊටත්   අමතරව එල්.පී.එල්  තරගාවලිය  වෙනුවෙන් දිනකට    පැය  3-4ක්     බැගින්   ද  අසීරු  පුහුණුවක   නියැලුණු      බවද  පැවසීය

තමාට  පෙර   පරිදිම    දස්කම්    දක්වමින්    වේගවත්  පහර එල්ල  කිරීමට    තවමත්    අවස්තාව ලැබී     නොමැතිව   ඇත්තේ     ආබාධය සහ  ප්‍රතිවාදී   කණ්ඩායමේ   ක්‍රීඩකයන්  හොදින්   තමන්ව  අධ්‍යානය    කරගෙන  සිටින  හෙයින් බව   පවසන    අවිශ්ක ප්‍රනාන්දු කෙසේ වුවද  ඉදිරියේ  එන   ඉන්දීය සංචාරයේදීත්    තමා  දස්කම්  දැක්වීමට   අපේක්ෂාවෙන් පසුවන   බවද   ප්‍රකාශ  කරයි.

ජැෆ්නා   කින්ග්ස්   කණ්ඩායම පිට පිටම තෙවරක්   එල්.පී.එල්  කුසලානය   දිනාගැනීමට අවස්ථාව   සැළසීම      පිළිබඳ සතුටුවන බව   කී  අවිශ්ක ප්‍රනාන්දු ක්‍රීඩකයන්ගේ    කැපවීමට     අමතරව    පුහුණු  කරුවන්ගේ    සහකාර්යය  මණ්ඩලයේ   සහයද  ඊට  බලපෑ බවද කිවේය . මනා  සැළැස්මකියුතුව  ක්‍රිඩා කිරීමත්   පුහුණුකරුවන්ගේ කැපවීමත්    ජැෆ්නා   කින්ග්ස්   ජයග්‍රහණයට  බෙහෙවින්  බලපෑ  බවද     අවිශ්ක   ප්‍රනාන්දු පැවසීය

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest