slc
Home   |    News
දෙසැම්බර් 21, 2022
අවසන් සටනට කෙළින්ම යන තරගයේ කැන්ඩි පන්දුවට පහර දෙයි

sinhala editor

By Chamila Karawita

පිළිමළුන්ගේ තරග වටය යටතේ පැවැත්වෙන පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී කාසියේ වාසිය දිනූ කැන්ඩි ෆැල්කන්ස් නායක වනිදු හසරංග පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. කාසියේ වාසිය උරගා බැලීමේදී ජැෆ්නා කිංග්ස් නායකයාගේ ඉල්ලුම වූයේ මුහුණත වුවත් පෙරැළී වැටුණේ අනෙක් පැත්තය.

මෙම තරගයෙන් ජය ගනු ලබන කණ්ඩායම ලබන 23 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගය සඳහා සෘජුවම සුදුසුකම් ලබනු ඇත. මින් පෙර පැවැති එල්.පී.එල්. තරගාවලියේ දෙකේදීම ශූරයින් බවට පත්ව සිටින යාපනය කණ්ඩායම මෙවර තරගාවලියේ කැන්ඩි පිල මුණ ගැසුණු අවස්ථාවන් දෙකේදීම පරාජයට පත්විය.  එබැවින් පිට පිටම තෙවැනි තරගයත් පරායට පත් නොවී සිටීමේ අභියෝගයද ජැෆ්නා කණ්ඩායම හමුවේ ඇත.

අද තරගයේ පරාජය වන කණ්ඩායමට අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලැබීම සඳහා තවත් අවස්ථාවක් හිමිවන අතර ඒ සඳහා ඔවුන්ට අද රාත්‍රියේ පැවැත්වීමට නියමිත කලම්බු ස්ටාර්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර තරගයේ ජයග්‍රාහකයින් සමග තරග වැදීමට සිදුවනු ඇත. එම තරගයෙන් ජය ගත හොත් නැවතත් අද තරගයේ ප්‍රතිවාදීන් සමඟ පරාජිතයින්ට අවසන් මහ සටනේදී තරග වැදීමට අවස්ථාව හිමිවනු ඇත.

අද තරගය සඳහා ජැෆ්නා කිංග්ස්  කණ්ඩායම වෙනස්කම් 3 ක්සිදුකරමින් අවතීර්ණව සිටින අතර බිනුර ප්‍රනානදු, මහීෂ් තීක්ෂණ සහ විජයකාන්ත් වියස්කාන්ත් අවසන් 11 දෙනා අතරට පැමිණ සිටිති.

මේ අතර කැන්ඩි ෆැල්කන්ස් පිල සුදුසුකම් ලැබීමේ තරගය සඳහා වෙනස්කම් 4 ක් සිදු කර තිබේ. පැතුම් නිස්සංක, ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර්, කාලෝස් බ්‍රැත්වයිට් සහ ඉසුරු උදාන අවසන් 11 දෙනා අතර පිවිස සිටින්නේ මූලික වටයේ 19 වැනි තරගයේදී කණ්ඩායමට ක්‍රීඩා කරන ලද මිනෝද් භානුක, කවීන් බණ්ඩාර, ඔෂේන් තෝමස් සහ සහූර් ඛාන් වෙනුවටය.

කැන්ඩි ෆැල්කන්ස් – පැතුම් නිස්සංක, ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර්, කමිදු මෙන්ඩිස්, අෂේන් බණ්ඩාර, නිජිබල්ලා සද්‍රාන්, වනිදු හසරංග (නායක), ෆේබියන් ඇලන්, චමිදු විජේසිංහ, කාලෝස් බ්‍රැත්වයිට්, චාමික කරුණාරත්න, ඉසුරු උදාන.

ජැෆ්නා කිංග්ස් – අවිශ්ක ප්‍රනාන්දු, රාමනුල්ලා ගුර්බාස්, අෆීෆ් හොසේන්, සදීර සමරවික්‍රම, ෂොයෙබ් මලික්, තිසර පෙරේරා (නායක), දුනිත් වෙල්ලාලගේ, සමාන් ඛාන්, බිනුර ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ, විජයකාන්ත් වියස්කාන්ත්.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest