slc
logo
Home   |    News
දෙසැම්බර් 21, 2022
ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් 4 ට ගෙන ගිය ‘නුවනිු’

sinhala editor

තීරණාත්මක අවස්ථාවක දී තරගාවලියක හෝ තරගයක ස්වරූපයක් ස්වල්ප වේලාවක දී වෙනස් කළ හැකි පිතිකරුවකු හෝ පන්දුයවන්නෙකු බිහිවන්නේ කලාතුරකිනි.  එවැනි අතළෝස්සක් වැනි ක්‍රීඩක පිරිසක් ජගත් ක්‍රිකට් ක්ෂේත්‍රයේ දස්කම් දක්වනු අප දැක ඇත්තෙමු.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සඳුදා (19) පැවැති ගෝල් ග්ලැඩියේටර්ස් – දඹුල්ල අවුරා තරගයේ දී එවැනි සිදුවීමක් අපි දුටුවෙමු.  මේ සිද්ධියේ කතානායකයා වූයේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ දකුණත් පිතිකරු 23 හැවිරිදි නුවනිඳු ප්‍රනාන්දු ය.  නුවනිඳු සාමාන්‍යයෙන් ආරම්භක පිතිකරු ලෙස හෝ අංක තුන හෝ අංක හතර ස්ථානයේ පන්දුවට පහරදෙන දක්ෂ පිතිකරුවෙකි.

මෙදින නුවනිඳු පන්දුවට පහරදීමට පිවිසියේ අංක හය පිතිකරුගේ ස්ථානයටය.  දඹුල්ල අවුරා කණ්ඩායමේ මැතිව් ෆෝඩ්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ගෝල් ග්ලැඩියේටර්ස් පන්දුවාර 18ක් වන විට කඩුලු අටක් දැවී ලබා සිටියේ ලකුණු 89කි.  තවත් පන්දුවාර 2 ක් පමණක් ඉතිරිව තිබූ අතර, ගෝල් ග්ලැඩියේටර්ස් ලබා සිටින ලකුණු සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බවක් ද ලකුණු පුවරුවේ දිස්වේ.  මේ අවස්ථාවේ නුවනිඳු වෙනම ආකල්පයක් දැරූ අතර ඔහු මුහුණ දුන් අවසාන පන්දු නවයේ දී ලකුණු 34ක් රැස් කළේ පළමු ඡේදයේ කී පෙරළිකාර පිතිකරුවකුගේ රාජකාරිය ද ඉටු කරමිනි.  ඉනිම අගභාගයේ දැඩි ප්‍රහාරාත්මක පිති හරඹයක නියැලුණු නුවනිඳු නොදැවී ලකුණු 66ක් රැස් කළේ පන්දු 43ක දී හතරේ තුනක් සහ හයේ පහර පහක් ද සමගය.

දඹුල්ල අවුරාට ගෝල් ග්ලැඩියේටර්ස් පරදා අවසාන පූර්ව තරගයට යාමට පන්දුවර 11.1ක දී ලකුණු 130ක් අවශ්‍ය වූවත් (දළ වේගය මත) එම ලකුණු ප්‍රමාණය කරා යන විට පන්දුවාර 14.2ක් ගතව තිබිණි.  දඹුල්ලට ජය අත්වූවත් අවසාන පූර්ව තරගයේ ස්ථානය අහිමි විණි.

පෙරළිකාර පිතිකරු නුවනිඳු ප්‍රනාන්දුගෙන් ඔහු පෙන්වූ වික්‍රමය පිළිබඳව අදහස් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ තරගයේ ජය අහිමි වූවත් තම කණ්ඩායම අවසාන පූර්ව තරගයට රැගෙන යාමට අවස්ථාව උදාවීම පිළිබඳව සතුටුවන බවය.

“අංකය හය පිතිකරුගේ ස්ථානයට මා පන්දුවට පහරදීමට පිටියට පිවිසෙන අවස්ථාවේ අප සිටියේ බැරෑරුම් අවස්ථාවකයි.  මා තුළ තිබුණේ කෙසේ හෝ පන්දුවාර 20 අවසාන වනතෙක්ම පන්දුවට පහරදිය යුතුය යන සිතුවිල්ලක්.  මුලින් කඩුල්ල ආරක්ෂා කරගනිමින් සෙමින් ලකුණු රැස් කළ මා ඉනිම අගභාගය වන විට ආක්‍රමණශීලී විලාශයකින් හයේ සහ හතරේ පහර එල්ල කරමින් වේගයෙන් ලකුණු රැස් කළා.  මෙය මා හට පහසු වූයේ මීට පෙර ඉදිරිපෙළ පිතිකරුවකු ලෙස ක්‍රීඩා කර තිබීම මත” යැයි නුවනිඳු ප්‍රකාශ කළේය.

විස්සයි විස්ස තරගයක තමාට පන්දුවට පහරදීමට හොඳම ස්ථානය අංක හය ස්ථානය බව තමා සිතන බව කී නුවනිඳු ප්‍රනාන්දු යම් හෙයකින් තමාට ඉදිරියේ පවතින ඉන්දීය සංචායරට සහභාගිවීමට ලැබෙන්නේ නම් මේ ස්ථානයේ ක්‍රීඩා කර දස්කම් අතරට ඒමට අපේක්ෂා කරන බව ද කීය.

තමා සාමාන්‍යයෙන් දුර්වල පන්දු තෝරාගෙන ඉක්මනින් ලකුණු රැස් කරන පිතිකරුවකු බව කී නුවනිඳු ප්‍රනාන්දු ක්‍රීඩා මණ්ඩපයෙන් නිතර ලැබුණු උපදෙස් වලට ද සවන් දෙමින් කණ්ඩායම අවසාන පූර්ව තරගය කරාගෙන යාමට තරම් ලකුණු ප්‍රමාණයක් රැස් කිරීම පිළිබඳව සතුටු වන බව ද ඔහු පැවසීය. තරගය පරාජය වූවත් කණ්ඩායම අවසාන පූර්ව තරගයට ගෙනයාමට ලැබීම පිළිබඳව සතුටු වන බව කී නුවනිඳු නායකයා සමග එක්වී ඉදිරි තරග දෙකේදීත් දස්කම් පෑමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.

Active filters

Recent Posts

  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]
  • ලකුණු 99 ක විශිෂ්ඨ ජයක් සමගින් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනියි
    කුසල් මෙන්ඩිස්ගේ වටිනා ශතකයත් වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු […]
  • ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තීරණාත්මකම සාධයකයක් බවට පත්ව තිබෙන කාසියේ වාසිය තමන්  සතු කරගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම අද […]
  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee