slc
Home   |    News
දෙසැම්බර් 22, 2022
තමාටම ආවේනික වූ පන්දු යවන්නකු වීමට වෙර දරන යාපනයේ තරුව ‘වියස්කාන්ත්’

sinhala editor

ජැෆ්නා කින්ග්ස්  –  කැන්ඩි ෆැල්කන්ස් අතර   දෙසැම්බර් 21 වැනිදා පැවැති   ලංකා ප්‍රිමියර් ලීග් තරගයේ  දක්ෂතම   ක්‍රීඩකයා  ලෙස  තේරුණු   ජැෆ්නා කින්ග්ස්   කණ්ඩායමේ  දඟ  පන්දු  යවන    21 හැවිරිදි  විජයකාන්ත් වියස්කාන්ත් තරගයෙන් පසුව ප්‍රකාශ කළේ  තමා    දග පන්දු    යවන  විලාශය   ඉදිරියේදී  තවත්  වර්ධනය  කරගෙන   ජාත්‍යන්තර   මට්ටමේ   දඟපන්දු යවන්නෙකු    ලෙස  ශ්‍රී ලංකාවට  ගෞරවයක් ගෙන  ඒමට  අපේක්ෂා කරන  බවයි.

ලෝක    වාර්තා  තබා    සිටින  ශ්‍රී ලංකා දඟපන්දු යවන්නෙකු වු  මුත්තයියා මුරලිදරන් හෝ   වත්මන්  දගපන්දු  යවන    ක්‍රීඩක    වනිදු හසරංග ද  සිල්වා   යන    පන්දු   යවන්නන්   අනුගමනය   කිරීමට   ඔබ   අපේක්ෂාවෙන්   සිටින්නේදැයි    විමසුවිට     ඔහු   පැවසුවේ   තමාගේ  අපේක්ෂාව  වන්නේ  දැනට    පන්දු යවන ආකාරය තවත් දියුණු කර ගනිමින් දක්ෂ  දඟපන්දු යවන්නෙකු   බවට   පත්වීමය   යන්නයි.

 ” මම යාපනයේදීත් ,  කොළඹදීත්  ,  එංගලන්තයේදීත්   දඟ  පන්දු යැවීමට  ගොඩක්   මහන්සිවී  උපරිමයෙන්  කැපවීම්    කර   පුහුණුව   ලබා    තිබෙනවා.    ඒවගේම     ඉදිරියේදීත් අන්තර් සමාජ  ජාතික  මට්ටමේ තරගාවලියන්ට සහභාගි වී    උපරිම  දක්ෂතා  දැක්වීම මගේ  අපේක්ෂාවයි   එම  මාර්ගය ඔස්සේ  රටට   කීර්තියක්  ගෙන  ඒමට   අවස්ථාව   ලැබෙතැයි  විශ්වාස කරනවා” යැයි     වියස්කාන්ත්  ප්‍රකාශ කරයි.

“යාපනයේ   ක්‍රිකට් පුහුණුකරුවන් රාශියක්ම  සිටිනවා .මා එහිදී   තවමත්   පුහුණුව ලබනවා.   ඒත්   කොළඹ   පුහුණු වන විට    මෙහි    පවතින  පහසුකම්   ගොඩක්    ප්‍රයෝජනවත් වනවා.    මා  බලාපොරොත්තු වන්නේ ඉදිරියේ  එන  අන්තර් සමාජ තරගාවලියේ දී  ටැමිල් යුනියන් කණ්ඩායම   නැවත වරක් නියෝජනය කර    දස්කම් දැක්වීමටයි”  යනුවෙන්ද ඔහු පවසයි.

ජාතික  සහ  ජාත්‍යන්තර මට්ටමේ  ක්‍රිකට්  ක්‍රීඩකයෙකු වීමට    ගොඩක්  කැපකිරීම්    සහ    දැඩි  පුහුණුවක්   ලබා   ගත යුතුව    ඇතැයි   පවසන    වියස්කාන්ත්   ඒ සියල්ල  ජය  ගැනීමට   තමා  අපේක්ෂාවෙන් පසු  වන බවද   පවසයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට  වසර  තුනක් පුරා සහභාගි විමෙන්   තම  ක්‍රිකට් කෞශල්‍ය විශාල  වශයෙන්  වර්ධනය  වු  බව   පවසන     වියස්කාන්ත් තම හැකියාවන්    තවත්  වර්ධනය   කරගැනිමට    හැකි    බවට    තමා තුළ  විශ්වාසයක්    පවතින   බවද  කියයි. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය  සංවිධානය කිරිමෙන්  තරුණ  ක්‍රීඩකයනට  ඉදිරියට  යාමට    විශාල   අත්වැලක් ලැබී  ඇතැයි   පවසන    වියස්කාන්ත්  ඒ  පිළිබඳව    ක්‍රිකට් ආයතනයට  ස්තුතිවන්ත  වන බවද  කියයි .

Active filters

Recent Posts

  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
  • ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය
    ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට […]
  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
USD United States (US) dollar

Pin It on Pinterest