slc
logo
Home   |    News
දෙසැම්බර් 22, 2022
තීරණාත්මක තරගයේදී මැතිව්ස්ලා පන්දු යවයි

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් පිලේ ප්‍රතිවාදීන් කවුරුන්ද යන්න තෝරනු ලබන සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගයේදී කාසියේ වාසිය තමන් සතු කරගැනීමට කලම්බු ස්ටාර්ස් නායක ඇන්ජලෝ මැතිව්ස් සමත්විය. ඒ අනුව ඔවුන් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ලකුණු හඹා යෑම තෝරාගත්තේය.

කැන්ඩි ෆැල්කන්ස්ට එරෙහිව පැවැති සුදසූකම් ලැබීමේ පළමු තරගය ජය ගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හෙට (23 දා) පැවැත්වෙන අවසන් මහ තරගය සඳහා මේ වන විටත් සුදුසුකම් ලබා සිටි අතර මෙම තරගයේ ජයගනු ලබන කණ්ඩායම හෙට රාත්‍රියේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත්වනු ඇත. එබැවින් මෙම තරගය කැන්ඩි පිලට මෙන්ම කලම්බු පිලට අතිශය තීරණාත්මක තරගයකි.

අද තරගයේදී දෙපිළම එක වෙනස්කම බැගින් සිදුකරමින් අවතීර්ණව සිටිති. මෙහිදී කැන්ඩි පිල මැද පෙළ පිතිකරු නජිබුල්ලා සද්‍රාන් වෙනුවට ඔෂේන් තෝමස්වද කලම්බු පිල ජෙෆ්රි වැන්ඩර්සි වෙනුවට සික්කුගේ ප්‍රසන්නවද කැඳවා තිබේ.

අද දින පස්වරුවේදී ඇද හැලුනු වරුෂාව හේතුවෙන් මුළු ක්‍රීඩාංගණයම වසා තැබීමට ක්‍රීඩාංගණ සේවක පිරිසට සිදු වුවත්, තරගය ආරම්භ වීමට නියමිත ප.ව. 7.30 ටම ආරම්භ කිරීමට හැකියාව ලැබී තිබේ.

එලිමිනේටර් තරගයේදී කලම්බු ස්ටාර්ස් පිලේ පන්දු යවන්නන් ඉතා හොඳින් පන්දු යැවීම කැපී පෙනුණු අතර අද තරගයේදීද එම උපක්‍රමය භාවිතා කිරීම ඔවුන්ගේ අදහස වී තිබේ.

කැන්ඩි ෆැල්කන්ස් – ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර්, පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස්, අෂේන් ණ්ඩාර, වනිඳු හසරංග (නායක), ෆේබියන් ඇලන්, කාලෝස් බ්‍රැත්වයිට්, චාමික කරුණාරත්න, ඉසුරු උදාන, චමිදු විජේසිංහ, ඔෂේන් තෝමස්.

කලම්බු ස්ටාර්ස් – නිශාන් මදුශ්ක, දිනේෂ් චන්දිමාල්, චරිත් අසලංක, රවී බොපාරා, ඇන්ජලෝ මැතිව්ස් (නායක), මොහොමඩ් නබී, ඩොමිනික් ඩ්‍රේක්ස්, සික්කුගේ ප්‍රසන්න, සුරංග ලක්මාල්, බෙනී හොවෙල්, කසුන් රජිත.  

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee