ලංකා ප්රිමියර් ලීග් තරගාවලිය ආරම්භයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පිට පිට පිටම තෙවැනි වතාවට ශූරතාව දිනාගැනීමේ අපේක්ෂාවෙන් ඉදිරිපත්වන විට විශාල අභියෝගයක් සහ පීඩනයක් තිබුනත් එය නොසළකමින් දක්ෂ ලෙස ක්රීඩා කිරීමෙන් ශූරතාව දිනා ගැනීමට තම කණ්ඩායමට හැකියාව ලැබුණු බව ජයග්රාහී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු තිළිණ කණ්ඩම්බි ප්රකාශ කරයි.
පසුගිය වසරේ ක්රීඩා කළ ජේෂ්ඨ ක්රීඩකයන් දෙතුන් දෙනෙකුම වෙන කණ්ඩායම්වලට අනුයුක්ත කරගැනීමෙන් පීඩනය තවත් වැඩි වුවත් වනිදු හසරංග වෙනුවට කණ්ඩායමට එක්වු විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු ලබාගනිමින් නැගී එන ක්රීඩකයා ලෙස තේරී ප්රශ්ණවලට පිළිතුරු ලැබුණු ආශිර්වාදයක් වු බවද කීය.
තරගාවලියේ අවසාන භාගය වනවිට කළම්බු ස්ටාර්ස්ද පිළිමළුන් පරාජය කරමින් අවසාන තරගයට ප්රබල ලෙස අවතීර්ණවීමද තර්ජනයක් හා අභියෝගයක් වූ බව කී ජැෆ්නා පුහුණු කරු කෙසේ වෙතත් විරුද්ධ කණ්ඩායම් අතුරින් දක්ෂම කණ්ඩායම ලෙස තමා දකින්නේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම බවද කීය.
අවිශ්ක ප්රනාන්දු , අසිත ප්රනාන්දු සහ දුනිත් වෙල්ලාලගේ යන ක්රීඩකයන් පාසල් වියෙහි සිට අන්තර් සමාජ පවා නියෝජනය කරමින් දක්ෂ ලෙස ඉදිරියට පැමිණෙනු අයුරු තමා පුහුණු කරුවකු ලෙස දීර්ඝ කළක සිට නීරීක්ෂණය කර ඇතැයි පවසන කන්දම්බි දුනිත් වෙල්ලාලගේ ඉතා ඉහළ මානසිකත්වයකින් යුත් ක්රීඩකයෙකු බවත් අවිශ්ක ප්රනාන්දු ඔහුගේ හැකියාවන් සහ දක්ෂතා ඔහුවත් නොදන්න තරන් දක්ෂයෙකු බවත් කියයි.
ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම තෝරන සෑම විටෙකම මා පළමු වෙන්ම ෂොයිබ් මලික් කණ්ඩායමට තෝරගන්නේ ඔහු දක්ෂ ක්රීඩකයෙකුටත් වඩා දක්ෂ උපදේශයෙකු වන නිස.යි කණ්ඩායමේ රැස්වීම් පවතින විට ෂොයිබ් මටත් වඩා උපදෙස් දෙමින් ක්රීඩකයන් දිරිමත් කරනවා” යැයිද තිළිණ කණ්ඩම්බි කීය.