slc
logo
Home   |    News
දෙසැම්බර් 12, 2022
දසුන්ට දඩයක්

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරගයක් අතරතුර එහි ආචාර ධර්ම පද්ධතියට හානිවන අයුරින් හැසිරීම නිසා දඹුල්ල අවුරා කණ්ඩායමේ නායක දසුන් ශානකට එරෙහිව තරග ගාස්තුවෙන් 40% ක මුදලක් දඩ වශයෙන් නියම කිරීමට එම තරගයේ තීරකයවරයා පියවර ගෙන ති‌බේ.

කොළඹ ස්ටාර්ස් පිලට එරෙහිව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී දසුන්, පළමු මට්ටම උල්ලංඝනය කර තිබේ. ආචාර ධර්ම පද්ධතියේ 2.8 වගන්තිය හෙවත් තරගයකදී විනිසුරු තීරණයට අවනත නොවීම නිසා දසුන්ට දඩ වශයෙන් ඇමරිකානු ඩොලර් 3000 ක මුදලක් ගෙවීමට සිදුවනු ඇත. වර්තමාන ශ්‍රී ලංකා මුදල් ඒකකයට මෙම මුදල සසඳන විට එය රුපියල් ලක්ෂ 11 කට (10,80,000/=) ආසන්න මුදලකි. මෙම දඩ මුදලට අමතරව දසුන්ගේ විනය වාර්තාවට සෘණ ලකුණු 2 ක්ද එක්කාසු කිරීමට තරග තීරකවරයා ලෙසින් කටයුතු කරන ලද ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතා පියවර ගෙන තිබේ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee