slc
logo
Home   |    News
දෙසැම්බර් 10, 2022
ද්වේශසහගත චෝදනා සියල්ල විධායක කමිටුව ප්‍රතික්ෂේප කරයි

sinhala editor

විදෙස් සංචාරයක් සදහා කාන්තාවන් සහභාගිවීමට කටයුතු කළේයැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයා වෙත මාධ්‍යයන් දෙකක් විසින් එල්ල කර තිබෙන චෝදනා සියල්ල ද්වේශසහගතව සිදුකරන ලද්දක් බවත් ඒ සියල්ල පදනම් විරහිත චෝදනා බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අවධාරණය කර සිටියි.

“විදෙස් සංචාරවලට කාන්තාවන් අරන් ගිහිං ශම්මි ද සිල්වා සැප ගත්තේ කාගේ සල්ලිවලින්ද” යනුවෙන් හිරු පුවත් වෙබ් අඩෙවිය ඔස්සේද, 2022 වසරේ නොවැම්බර් මස 25 වැනිදා ලංකා ඊ නිවුස් නැමැති ලංකාවේ තහනම් කර ඇති  වෙබ් අඩෙවිය විසින්ද මෙම ද්වේශසහගත ප්‍රවෘත්තිය පළ කර තිබුණත් එවැනි ආකාරයේ කිසිදු පුද්ගලික සංචාරයක් සඳහා කිසිවකුටත් අරමුදල් සපයා නොමැති බවත් එම චෝදනාව ශ්‍රී ලංකා ක්‍රිකට් තරයේම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කර සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  හා එහි නිලධාරීන්ගේ  කීර්තිනාමයට හානි කිරීම අරමුණු කරගෙන පළ කරන ලද මෙවැනි අසත්‍ය චෝදනා එල්ල කරන ලද පිරිස ඇතුළුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම අසත්‍ය පැමිණිල්ල ඉදිරිපත් කළ පුද්ගලයන්ට එරෙහිව සුදුසු එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය නීති අංශ වෙත උපදෙස් ලබා දීමටද පියවර ගෙන තිබේ.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest