slc
logo
Home   |    News
දෙසැම්බර් 10, 2022
දෙස් – විදෙස් ක්‍රිකට් තරු දකුණේ සිට කන්ද උඩරටට

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ පැවැති තරග අදියර නිමාවීමෙන් අනතුරුව දෙස් – විදෙස් ක්‍රිකට් තරු දකුණු ලක සිට උඩරටට සංක්‍රමණය වෙයි. තරගාවලියේ දෙවැනි කොටස හෙට (10) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර එහිදී කැන්ඩි ෆැල්කන්ස් හා ජැෆ්නා කිංග්ස් අතර තරගය පස්වරු 7. 30ට පැවැත්වීමට නියමිතය.

මේ කණ්ඩායම් දෙකම තරගාවලියේ අපරාජිත කණ්ඩායම් බැවින් එකිනෙකාට දෙවැනි නොවන තියුණු සටනකට අවතීර්ණ වනු ඇත. එහෙත් තරගය අවසන් වෙද්දී මෙවර එල්පීඑල් තරගාවලියේ පෙරැළිකාර සැබෑ අපරාජිතයා කවුරුන්ද යන්න තහවුරුවන බැවින් අන්තිම පන්දුව දක්වා උණුසුම් තරගයක් අපේක්ෂා කළ හැක.

තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් හා වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් කැන්ඩි ෆැල්කන්ස් සහභාගී වූ තරග දෙකෙන්ම ජය ලබා අපරාජිතව ඉදිරියට යද්දී ඇන්ජලෝ මැතිව්ස් ප්‍රමුඛ කලම්බු ස්ටාර්ස් එක් තරගයක් ජයගෙන ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පත්විය. දසුන් ශානකගේ නායකත්වයෙන් පිටියට පිවිසි දඔුල්ල අවුරා පිල හා කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් තවමත් ජයග්‍රහණ වාර්තා කොට නොමැති හෙයින් ලකුණු සටහනේ පිළිවෙලින් සිවුවැනි හා පස්වැනි ස්ථානවල සිටිති.

මෙතෙක් පැවැති තරගවලදී වත්මන් එල්පීඑල් ශූර ජැෆ්නා කිංග්ස් පිල විසින් ගෝල් ග්ලැඩියේටර්ස් පිල ලකුණු 24 කින් පරාජය කළ අතර, කැන්ඩි ෆැල්කන්ස් පිල විසින් කලම්බු ස්ටාර්ස් ලකුණු 109කින් පරාජය කළේය. තෙවැනි තරගයේදී ජැෆ්නා කිංග්ස් විසින් දඔුල්ල අවුරා පිල කඩුලු 9කින් පරාජය කළ අතර, කැන්ඩි ෆැල්කන්ස් විසින් කඩුලු 5කින් ගෝල් ග්ලැඩියේටර්ස්  පරාජයට පත් කරද්දී සූරියවැව පැවැති අවසන් තරගයේදී කළම්බු ස්ටාර්ස් වෙතින් ලකුණු 9ක පරාජයක් දඔුල්ල අවුරා පිලට ලැබුණි.

මෙවර නිමාවූ තරග 5න් 4ක්ම කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම් පරාජයවීම කැපී පෙණුනි. සූරියවැව ක්‍රීඩාංගණයේ පැවැති අවසන් තරගයේදී කළම්බු ස්ටාර්ස් නායක ඇන්ජලෝ මැතිව්ස් කාසියේ වාසිය දිනා පන්දු රැකීමට ගත් තීරණය පමණක් කාසියේ වාසිය දිනූ කණ්ඩායමක වාසියට හේතු විය. ප්‍රවේගකාරී විස්සයි 20 තරග රටාවේ වුවද නිමාවූ තරග පහේදීම කිසිදු කණ්ඩායමක් ලකුණු 200 සීමාව ඉක්මවා යෑමට සමත් නොවීමද විශේෂත්වයකි.  කැන්ඩි ෆැල්කන් කණ්ඩායම විසින් කළම්බු ස්ටාර්ස් ට එරෙහිව කඩුල්ලක් දැවී ලකුණු 199ක් ලබා ගැනීම දැනට වැඩිම ලකුණු ගණන වන අතර එම තරගයේදීම කළම්බු ස්ටාර්ස් ලකුණු 90කට දැවී යෑම අඩුම ලකුණු එකතුව ලෙස සටහන්වී තිබේ.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දැනට වැඩිම ලකුණු කැන්ඩි ෆැල්කන්ස් පිලට ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් ජාතික ඇන්ඩි ෆ්ලෙචර් (122) හිමිකරගෙන සිටින අතර එම කණ්ඩායමේ ක්‍රීඩා කරන පැතුම් නිශ්ශංක (93) දෙවැනි තැන හා දඹුල්ල අවුරා පිලේ එංගලන්ත ජාතික ජෝර්ඩාන් කොක්ස් (72) තෙවැනි තැන සිටිති. ගෝල් ග්ලැඩියේටර්ස් නායක කුසල් මෙන්ඩිස් (65) පස්වැනි තැනට ඇද දැමූ දඹුල්ල අවුරා පිලේ නිරෝෂන් දික්වැල්ල (67) සිවුවැනි ස්ථානයට බහළ ගියේය.

කැන්ඩි ෆැල්කන්ස් පිලේ කාලෝස් බැරත්වයිට්, වනිදු හසරංග හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ විජේකාන්ත් වියස්කාන්ත් කඩුලු 5 බැගින් දවා පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම සිටින අතර, කඩුලු 4 බැගින් බිදහෙලා ජැෆ්නා කිංග්ස් හී මහීෂ් තීක්ෂණ, ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ නුවන් ප්‍රදීප් හා දඹුල්ල අවුරා පිලේ ළහිරු කුමාර සිටිති. 

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee