slc
Home   |    News
දෙසැම්බර් 21, 2022
පිට පිටම තෙවැනි වතාවටත් ජැෆ්නා කිංග්ස් අවසන් සටනට

sinhala editor

By Chamila Karawita

මූලික වටයේ මුණ ගැසුණු අවස්ථා දෙකේදී පරාජයට පත් වුවද අත්‍යාවශ්‍යම තරගය බවට පත් වුණු සුදුසුකම් ලැබිමේ තරගය සදහා ඉතාමත් සැලසුම් සහගතව අවතීර්ණ වුණු ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කැන්ඩි ෆැල්කන්ස් පිලට එරෙහිව ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 24 ක පරාජයකට ඇද දමමින් පිට පිටම තෙවැනි වතාවටත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද (21 දා) සමත්වූහ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී. ලකුණු 144 ක ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා කිංග්ස් පිතිකරුවෝ, ළඟ එන වර්ෂාව පිළිබඳව අවධානය යොමු කරමින් අවශ්‍ය ලකුණු වේගය රදවා ගත්හ. එහි මූලිකම පියවර වූයේ ප්‍රහාරක පන්දුවාර 6 න් ලකුණු 71 ක් ලබා ගැනීමට සමත්වීමයි. කඩුලු 3 ක් ඒ අතරතුරදී දවා ගැනීමට ෆැල්කන්ස් පන්දු යවන්නෝ සමත් වුවද, දුනිත් වෙල්ලාලගේ (19) සහ සධීර සමරවික්‍රම (15) කණ්ඩායමේ වගකීම ගෙන පන්දුවට පහර දුන්හ.

ප.ව. 6.25 ට තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවූ අතර එහිදී මුලු ක්‍රීඩාංගණයම ආවරණය කිරීමට විනිසුරුවන් විසින් ක්‍රීඩාංගණ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්හ. ඒ වන විටත් ජැෆ්නා ඉනිමේ පන්දුවාර 11 ක් නිමාව තිබුණු අතර ලකුණු පුවරුව කඩුලු 3 ට ලකුණු 98 ක් ලෙස දිස් විය. තරගය එතැනින් හමාර කළ හෙයින් ප්‍රතිඵලය ඩක්වර්ත් ලුවිස් න්‍යායට මත පදනම් විය. ඒ අනුව ඒ වන විට ජැෆ්නා කිංග්ස් පිල ලකුණු 24 කින් පෙරමුණ ගෙන සිටියේය.

පිතිකරුවන්ට යෝග්‍ය වනු ඇතැයි සිතා කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළද තණතීරුවෙන් සිතූ තරම් වාසියක් කැන්ඩි ෆැල්කන්ස් වෙත නොලැබිණ. පන්දුව යහමින් පිත්තට නොපැමිනිණු. ආර්. ප්‍රේමදාස තණතීරුවේදී ලකුණු සොයා පහරවල් කරා යෑමට ගත් උත්සාහයේදී ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් (02) වේලාසනම දැවී ගියේය. තිසර පෙරේරාගේ පන්දුවකට වියස්කාන්ත් උඩ පන්දුවක රැක ගැනීම නිසා ෆ්ලෙචර් පිටියෙන් ඉවත් වුවද දෙවැනි කඩුල්ලට එක් වුණු පැතුම් නිස්සංක සහ කමිදු මෙන්ඩිස්, කැන්ඩි ෆැල්කන්ස් පිල කිසියම් ස්ථාවරත්වයක් කරා රැගෙන ගියහ.

තරමක් තරගයේ පාලනය ගනු ලැබූ බවක් මෙම සම්බන්ධතාවෙන් පනේනුම් කළ නමුත්, දෙදෙනාම ප්‍රහාරාත්ම පහර කරා යෑම නිසා කඩුලු අහිමි කර ගත්හ. විජයකාන්ත් වියස්කාන්ත් ක්‍රියාත්මක කරන ලද 10 වැනි පන්දුවාරයේ පන්දු 4 කද පැතුම් (35) සහ කමිදු (26)  දැවී යන විට දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාවද ලකුණු 61 කදි බිඳ වැටිණ.

එම බිඳ වැටීමෙන් පසු නැවත කැන්ඩි කණ්ඩායමට හිස එසැවීමට නොහැකි විය. ඔවුන්ගේ මැද පෙළ සහ පසුළෙ පිතිකරුවන් පන්දුවට දැවැන්ත පහර එල්ල කිරීමට උත්සාහ ගත්තද නජිබුල්ලා සද්‍රාන් සහ කාලෝස් බ්‍රැත්වයිට් එල්ල කරන ලද හයේ පහර හැරුණු කොට අනෙක් කිසිවකුටත් හයේ පහරක් එල්ල කළ නොහැකි විය. කැන්ඩි සමස්ථ ඉනිමටම පිතිකරුවන් එල්ල කිරීමට සමත්ව තිබුණේද හතරේ පහර 10 ක් පමණි. මෙම දක්ෂ පන්දු යැවීම නිසා තරගයේ වීරයා සම්මානයෙන් ද වියස්කාන්ත් පිදුම් ලැබුවේය.

කැන්ඩි කණ්ඩායමේ පන්දු යැවීම ගත් විට සියල්ලෝම සැලසුමට අනුගතව පන්දු යැවීම කැපී පෙනුණි. ඒ අතරින් විජයකාන්ත් වියස්කාන්ත් කැපී පෙනුණි. පන්දුවාර 4 දී ලකුණු 30 කට කඩුලු 3 ක් දවා ගැනීමට මත්වීමත් සමඟය. පැතුම් නිස්සංක, කමිදු මෙන්ඩිස් සහ අෂේන් බණ්ඩාර යන තිදෙනාම වියස්කාන්ත්ගේ ගොදුරු වූහ.  මහීෂ් තීක්ෂණ ලකුණු 24 කට කඩුලු 2 ක් දවා ගනිද්දී තිසර, බිනුර සහ සමාන් එක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest