slc
Home   |    News
දෙසැම්බර් 14, 2022
පිට පිටම දෙවැනි වරටත් ජැෆ්නා පරාජය කළ කැන්ඩි කළින්ම අවසන් පූර්ව වටයට

sinhala editor

Chamila Karawita reporting from Pallekele

ෆේබියන් ඇලන්ගේ තුන් ඉරියව් දක්ෂතාත්, කාලෝස් බ්‍රැත්වයිට් සහ වනිඳු හසරංග එක්ව කඩුලු 6 ක් දවා ගැනීමට සමත්වීමත් ප්‍රධාන කොට පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (14 දා) පැවැති තරගයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 10 ක යක් වාර්තා කිරීමට කැන්ඩි ෆෑල්කන්ස් කණ්ඩායම සමත්විය. මෙම ජයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ ස්ථීරවම පෙරමුණ ගැනීමට ද කැන්ඩි කණ්ඩායමට අවස්ථාව උදාවිය.

කණ්ඩායම වැටී සිටින අවස්ථාවේදී පිත්ත අතට ගත් ෆේබියන් ඇලන්, පන්දු 23 කදී ලකුණු 47 ක්ද පන්දු යවමින්, තීරණාත්මක පිතිකරුවකු වන අවිශ්ක ප්‍රනාන්දුගේ කඩුල්ලත් දවා ගනිමින් තරග ජයග්‍රහණය සඳහා වැඩි දායකත්වයක් දැක්වූවේය. ඒ නිසාම ඔහුට මෙම තරගයේ වීරයා සම්මානයද හිමිවූවේය.

ලකුණු 161 ක් ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා කණ්ඩායම ෆැල්කන්ස් පන්දු යවන්නන්ගේ පන්දු යැවම හමුවේ නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 150 ක් පමණි.

ලකුණ 161 ක ඉලක්කයක් යනු පල්ලලකැලේ තණතීරුවේදී එතරම් අභියෝගයක් නොවුණද කිසිදු අතපසුවීමක් නොකිරීමට කැන්ඩි පන්දු යවන්නෝ වග බලා ගත්හ. එහිදී දෙවැනි පන්දුවාරය වන විට ගුර්බාස්ව සහ ධනංජය ද සිල්වාව දවා ගැනීමට උදාන සහ බ්‍රැත්වයිට් සමත්වූහ. තෙවැනි කඩුල්ලට එක් වුණු අවිශ්ක (33) සහ සහ සදීර සමරවික්‍රම ලකුණු 58 ක් රැස් කළ නමුත් මැද පෙළ පිතිකරුවන්ගේ දායකත්වය අහිමිවීම මත තරගය සම්පූර්ණයෙන්ම කණ පිට හැරිණ. ෂොයෙබ් මලික් (08), තිසර පෙරේරා (02) සහ දුනිත් වෙල්ලාලගේ (01) අඩඩු ලකුණු වල දැවී යෑමත් හොඳින් පන්දුවට පහර දුන් සධීර සමරවික්‍රම පෙරළා ලබා දුන් උඩ පන්දුව වනිඳු හසරංග රැක ගැනීමත් සමඟ ජැෆ්නා කිංග්ස් පිල බිඳ වැටිණ.

යළිත් වරක් සාර්ථක පන්දු යැවීමක නිරත වුණු කාලෝස් බ්‍රැත්වයිට් ලකුණු 18 කට කඩුලු 4 ක් දවා ගනිද්දී වනිඳු  හසරංග ලකුණු 21 කට කඩුලු 2 ක් දවා දැවී ගිය කඩුලු 9 න් 6 කට හිමිකම් කීහ. මෙම කඩුලු 4 දවා ගැනීමත් සමග බ්‍රැත්වයිට් මෙවර තරග වාරයේ වැඩිම කඩුලු ලාභියාගේ වාර්තාව තරග 6 කදී 15 ක් දක්වා ඉහළට රැගෙන යෑමටද සමත්වූවේය.

කාසියේ වාසියත් සමග පළමුව පිති ප්‍රහාරයත් දියත් කළ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමෙන් සාර්ථක ආරම්භයක් ලබා දීමට පැතුම් සහ ෆ්ලෙචර් සමත් වූ අතර පවර් ප්ලේ අවස්ථාව වන විටත් කඩුල්ලකට ලකුණු 42 ක් රැස් කර ගැනීමට කැන්ඩි පිල සමත්ව සිටියේය.

එහෙත් දුනිත් වෙල්ලාලගේ දක්ෂ පන්දුව දඟ කවමින් පන්දු යැවීම නිසා ෆැල්කන් ඉනිමේ මැද භාගයේ අසීරුවකට මුහුණ දුන්නේය. එහි භයානකම පැතිකඩ වූයේ පිට පිට පන්දු ‌දෙකකදී ෆ්ලෙචර් (35) සහ කාලෝස් බ්‍රැත්වයිට් (0) දැවී යෑමය. ෆැල්කන්ස් පිතිකරුවන්ට ‌වෙල්ලාලගේ කෙතරම් තදින් පන්දු යැව්වේද කිවහොත් ඔහුගේ පන්දුවාර 4 දී ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබුණේ ලකුණු 07 ක් පමණි. කඩුලු දෙකක්ද දවා ගැනීමට සමත් 19 හැවිරිදි පන්දු යවන්නාගේ දක්ෂතාවය මෙවර තරග වාරයේ පන්දු යවන්නකු විසින් ලබා දුන් අවම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සටහන් විය.

එහෙත් අංක 8 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණී ෆේබියන් ඇලන් කැන්ඩි ඉනිමේ ගැලවුම් කරුවා බවට පත්වූවේය. ඩිල්ෂාන් මදුශංකගේ පන්දුවක් හමුවේ නායක වනිඳු හසරංග දැවී යන විට කැන්ඩි ලකුණු පුවරුව 14 වැනි පන්දුවාරයේ සටහන් වූයේ ලකුණු 79 කට කඩුලු 6 ක් වශයෙනි. එම දැවී යෑමෙන් පසු අෂේන් බණ්ඩාර එකතු වූ ඇලන්, පන්දු 21 කදී ලකුණු 40 ක් එක් කළහ. දැවැන්ත හයේ පහර 4 ක් සහ තවත් හතරේ පහර 3 ක් සිය ඉනිමට ඇතුළත් කිරීමට ඇලන්, පන්දු 23 කදී ලකුණු 47 ක් ලබා ගත්තේය. ඩිල්ෂාන් මදුශංකගේ පන්දුවක් කෙළින්ම පන්දුව කඩුල්ලේ වැදීම නිසා ඇලන් දැවී යෑමට පෙර චාමික කරුණාරත්න සමඟ 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 16 කදී වේගවත් ලකුණු 32 ක් රැස් කළහ. ඇලන් මෙන්ම වේගවත් පිතිහරඹයක නියැළුණු චාමික අවසන් පන්දුවේදීද දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් කැන්ඩි ලකුණු පුවරුව ලකුනු 160 ක් දක්වා ඉහළ දැමුවේය. පන්දු 9 කට මුහුණ දුන් චාමික හයේ පහර 2 ක්ද සමඟින් ලකුණු 18 ක් ලබා සිටියේ සිය කඩුල්ලද ආරක්ෂා කර ගනිමිනි.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest