slc
Home   |    News
දෙසැම්බර් 3, 2022
විස්සයි 20 සමාරම්භයේදී ග්‍රේස් – රෙඩ්ස් ජය ලබති

sinhala editor

මෙරට ජාතික සහ ක්‍රීඩා සමාජ තරගාවලි තුලින් හදුනාගත් දක්ෂතම ක්‍රීඩිකාවන් සහභාගීවන දේශීය කාන්තා ක්‍රිකට් ඉහළම මට්ටමේ විස්සයි 20 තරගාවලියේ පළමු තරග දෙකෙන් ග්‍රේස් පිල ලකුණු 2කින් හා රෙඩ්ස් පිල කඩුලු 6කින් ජය වාර්තා කළහ.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ ඊයේ (2) පැවැති තරගයේදී කාසියේ වාසිය දිනාගත් ඔෂධී රණසිංහගේ නායකත්වයෙන් යුත් ග්‍රීන් පිල ඕවර් 20 කදී කඩුලු 9කට ලකුණු 89ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නිලක්ෂි ද සිල්වාගේ නායකත්වයෙන් යුත් රෙඩ්ස් පිල ඕවර් 18. 3කදී කඩුලු 4කට ලකුණු 90ක් ලබා ජය තහවුරු කර ගත්තේය.

ග්‍රීන් පිලේ ආරම්භක පිතිකාරිණිය හෂිනි පෙරේරා පන්දු 46කදී හතරේ පහර 5ක් සමග ලකුණු 43ක් ලබා සිටියදී දුවද්දී දැවී ගිය අතර, අනෙක් පිතිකාරිණියන් කිසිවෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට නොහැකි වූහ.

රෙඩ්ස් පිලේ පන්දු යවන්නියන් අතර ප්‍රබල දස්කම් පෑ තාරිකා සෙව්වන්දි ඕවර් 4කදී ලකුණු 13කට කඩුලු 3ක් බිදහෙලා ගැනීමට සමත් වූ අතර, මධුෂිකා මෙත්තානන්ද කඩුලු 2ක්, මල්ෂා ෂෙහානී, තාරුකා ෂෙහානී හා සචිනි නිසංසලා කඩුල්ල බැගින් බිද හෙලූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෙඩ්ස් පිලේ නායිකා නිලක්ෂී ද සිල්වා පන්දු 29කදී හතරේ පහර දෙකක් සමග නොදැවී ලකුණු 27ක් ලබාගත් අතර, ප්‍රසාදිනී වීරක්කොඩි ලකුණු 17ක් එක් කළහ.

දිනයේ පැවැති දෙවැනි තරගයේදී කාසියේ වාසිය දිනාගත් චමරි අතපත්තුගේ නායකත්වයයෙන් යුත් බ්ලූස් පිල ඕවර් 20කදී කඩුලු 9කට ලකුණු 109ක් ලබාගත් අතර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව 

හර්ෂිතා සමරවික්‍රමගේ නායකත්වයෙන් යුත් ග්‍රේස් පිල ඕවර් 10.2කදී ලකුණු 51ක් ලබා ජය තහවුරු කර ගත්තේය.

බ්ලූස් පිල වෙනුවෙන් වේගවත් ප්‍රහාරයක නිරත වූ නායිකා චමරි අතපත්තු පන්දු 28කදී හතරේ 8ක් හා හයේ පහරක් සමග ලකුණු 49ක් ලබාගත් අතර ළිහිනි අප්සරා ලකුණු 28ක් එක් කළාය. ග්‍රේස් පිලේ තරූෂි රාජකරුණා ලකුණු 19කට කඩුලු 4ක් බිද හෙලූවාය.

ග්‍රේස් පිල වෙනුවෙන් හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 30ක් එක්කරමින් ජයග්‍රහණය තහවුරු කළාය.

ග්‍රීන් – රෙඩ්ස් තරගය

ග්‍රීන් පිල කඩුලු 9කට ලකුණු 89 (ඕවර් 20)  – හසිනි පෙරේරා 43 ( තාරාකා සෙව්වන්දි 13/3, මධුෂිකා මෙත්තානන්ද 26/2, මල්ෂා ෂෙහානී 10/1, තාරුකා ෂෙහානී 20/1, සචිනි නිසංසලා 13/1)

රෙඩ්ස් පිල කඩුලු 4කට ලකුණු 90 (ඕවර් 18. 3) – නිලක්ෂී ද සිල්වා නොදැවී 27, ප්‍රසාදිනී වීරක්කොඩි 17, නවෝද්‍යා ප්‍රනාන්දු 13, සචිනි නිසංසලා නෙ‍ාදැවී 11 ( රශ්මි සිල්වා 20/2, ඔෂධි රණසිංහ 19/1)

බ්ලූස් – ග්‍රේස් තරගය

බ්ලූස් පිල කඩුලු 9කට ලකුණු 109 (ඕවර් 20) – චමරි අතපත්තු 49, ළිහිනි අප්සරා 28, (තරූෂි රාජකරුණා 19/4, විහාරා එස් ද සිල්වා 18/2, ඉනොෂි ප්‍රනාන්දු 9/1, හංසිමා කරුණාරත්න 14/1)

ග්‍රේස් පිල කඩුලු 1කට ලකුණු 51 (ඕවර් 10.2) – හර්ෂිතා සමරවික්‍රම නොදැවී 30, ඉමල්කා මෙන්ඩිස් 13, විශ්මි ගුණරත්න නොදැවී 7  රශ්මි සංජනා 5/1)

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest