slc
logo
Home   |    News
දෙසැම්බර් 7, 2022
සධීර සහ අවිශ්ක ජැෆ්නා ජයග්‍රහණයට පාර කපති

sinhala editor

Chamila Karawita reporting from Hambantota

පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 118 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සදීර සමරවික්‍රම සහ අවිශ්ක ප්‍රනාන්දු සමත්වීම නිසා දඹුල්ල අවුරා පිලට එරෙහිව අද (07 දා) පස්වරුවේ පැවැති තරගයෙන් කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය. මෙය ජැෆ්නා පිල පිට පිට තරග 2 කදී ලද දෙවැනි ජයග්‍රහණය ලෙසින් සටහන් විය.

කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දුන්නද දසුන් ශානකගේ නායක්තවයෙන් යුතු දඹුල්ල අවුරා පිලට නියමිත පන්දුවාර 20 අවසනදී රැස් කරගත හැකි වූයේ කඩුලු 9 කට ලකුණු 121 කි. නොසිතූ ලෙස තණතීරුව මන්දගාමී ලෙසින් හැසුරුණද රාත්‍රි කාලයේදී එය පිතිකරුවන්ට වාසි දායක ලෙසින් හැසිරීම, ජැෆ්නා පිතිකරුවන්ට පහසු කරවන්නක් විය.

පන්දු 93 ක් වැය වුණු ආර්භක කඩුල්ලේ සම්බන්ධතාව සමඟ සාර්ථක හඹා යෑමක නිරත වුණු ජැෆ්නා පිතිකරුවෝ 16 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවේදී ඉලක්කය සපුරා ගත්හ. ජයග්‍රහණයට ලකුණු 4 ක් තිබියදී අවිෂ්ක ප්‍රනාන්දු දැවී ගිය නමුත් ඊට පසු පන්දුවට පහර දීමට පැමිණි අශාන් රන්දික මුහුණ දුන් පළමු පන්දුවම හතරේ සීමාවට යවමින් තරගය හමාර කළේය.

ඒ වන විටත් අනෙක් අන්තයේ පන්දවට පහර දෙමින් සිටි සධීර සමරවික්‍රම පන්දු 44 කට මුහුණ දෙමින් ලකුණු 62 ක් ලබා සිටියේය. රාමනුල්ලා ගුර්බාස් ආබාධයකට ලක්වීම නිසා කණ්ඩායමට පැමිණීමට අවස්ථාව ලද සධීර සමරවික්‍රම හයේ පහරක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් කරගත්තේ තව දුරටත් තමා බංකුවේ සිටිය යුතු ක්‍රීඩකයකු නොවන බවට කණ්ඩායම් කලමනාකාරීත්වයට ඒත්තු ගන්වමිනි.

දණහිසේ ආබාධයක් නිසා පසුගිය කාලයේදීම තරග කිරීමෙන් ඉවත්ව සිටි අවිශ්ක ප්‍රනාන්දු අද දිනයේදී යළිත් සිය සුපුරුදු රිද්මය සොයා ගියේ මුහුණ දුන් 47 වැනි පන්දුවේදී අර්ධ ශතකය වාර්තා කර ගනිමිනි. ජයග්‍රහණයට ලකුණු 4 ක් තිබියදී නූර් අහමඩ්ගේ පන්දුවකට ස්ටම්ප් කිරීම නිසා අවිශ්ක පිටියෙන් ඉවත් වන විට පන්දු 49 කදී ලකුණු 51 ක් ලබා සිටියේ හතරේ පහර 4 ක් සහ හයේ පහරකින්ද සිය ඉනිම සරසා ගනිමිනි.

පළමු වතාවට එල්.පී.එල්. වරම් ලද අෂේන් ඩැනියල් සහ ජෝර්ඩ්න් කොක්ස් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී වේගවත් ලකුණු 63 ක් එක් කිරීමට සමත්වූහ. පවර්ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 දී ලකුනු 50 ක් රැස් කිරීමට සමත් වූ දකුණත් සහ වමත් පිතිකරුවන් දෙදෙනා දැවී යෑමත් සමඟ දඹුල්ල ඉනිම කඩා වැටීම ඇරඹිණ.

එම කඩා දැමීමේ පුරෝගාමියා වූයේ තවමත් 21 වැනි වියේ පසුවන විජයකාන්තා වියස්කාන්ත්ය. යාපනය මධ්‍ය මහ විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණව සිටින දකුණත් පා දඟ පන්දු යවන්නා, එතෙක් වේලා පිටිය සිසරා පහර එල්ල කළ ජෝර්ඩ්න් කොක්ස් දවා ගත්තේය. ඒ වන විටත් සිය ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් ද සමඟ පන්දු 22 කදී ලකුණු 43 ක් රැස් කර ගැනීමට කොක්ස් සමත්ව සිටියේය. ඉන් නොනැවතුණු දකුණත් පා දඟ පන්දු යවන්නා අනතුරුව භානුක රාජජපක්ෂව දවා ගත්තේ මුලු ලකුණු සංඛ්‍යාව 96 ක් ව සටහන් ව තිබියදීය. ඉනිම මැද භාගයේදී පන්දු යවන්නන් යළිත් දක්ෂතා අතරට පැමිණිමට සමත්වීම නිසා අවසන් කඩුලු 9 ම ලකුණු 58 කදී දවා ගැනීමට ඔවුහු සමත් වූහ. මෙහිදී වියස්කාන්ත් සහ මහීස් තීක්ෂණ දැවී ගිය කඩුලු 9 න් 6 කට හිමිකම් කීහ.

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

USD United States (US) dollar