slc
logo
Home   |    News
දෙසැම්බර් 5, 2022
LPL සැණකෙළියේ තෙවැන්න ආරම්භය තව හෝරා කීපයකින්

sinhala editor

Chamila Karawita reporting from Hambantota

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නව මානයකට රැගෙන යමින් 2020 වසරේ ආරම්භ කරන ලද දේශීය ක්‍රිකට් සැණකෙළිය වන ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැන්න හෙට (දෙසැම්බර් 06 වැනිදා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩංගණයේදී ආරම්භ වේ. සමාරම්භක දිනයේදී ගෙවී ගිය දෙවතාවේදීම ශූරයින් සහ අනුශූරයින් බවට පත් වුණු තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා කිංග්ස් සහ කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර් අතර තරගයෙන් ආරම්භ වනු ඇත.

ප.ව. 3.00 ට ආරම්භවීමට නියමිත මෙම තරගයට පෙර තරගාවලිය නිල වශයෙන් විවෘත කෙරුණු වග සංකේතවත් කරනු ලබන සමාරම්භක උළෙල ප.ව. 1.30 ට ආරම්භ වනු ඇත. 2020 වසරේදී යථාර්ථයක් බවට පත් වුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වන විටත් ලොව ප්‍රධානතම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලි අතර දින දර්ශනයේ සුවිශේෂී ස්ථානයක් අත්පත් කරගෙන සිටියි.

පළමු තරගාවලි 2 දී සමාරම්භක දිනයේ ක්‍රියාත්මක වූයේ එක් තරගයක් පමණක් වුවත් මෙවර තරගාවලියේදී තරග 2 ක් පැවැත්වීම විශේෂත්වයක් ලෙස සැලකිය හැක. ඒ අනුව වර්තමාන ශූරයින් සහ අනුශූරයින්ගේ සටන අවසන් වූ විගසම ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු කලම්බු ස්ටාර්ස් සහ වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුතු කැන්ඩි ෆැල්කන්ස් අතර තරගය ප.ව. 7.30 ට ආරම්භ වනු ඇත.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින් 42 දෙනෙකු සහ විදේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් 30 දෙනෙකු සති තුනක කාලයක් කණ්ඩායම් 5 කට බෙදී තරග වදිනු ඇත. තරගාවලියට ක්‍රීඩකයින් තේරීම වෙනුවෙන් වූ කෙටුම්පත් කිරීමේදී ඔස්ට්‍රේලියාවේ පැවැති පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද 18 දෙනා අතරට ඇතුළත් වුණු ධනුෂ්ක ගුණතිලක සහ ආබාධයකට ලක් වුණු දුෂ්මන්ත චමීර ක්‍රීඩා නොකරති. කෙසේ වෙතත් විස්සයි-20 තරග අංශයට නම්‌ නොකෙරුණු ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් පෙරේරා යන ක්‍රීඩකයින් මෙවර තරගාවලියේදී යළිත් විස්සයි-20 තරග බිමට අවතීර්ණවීම සනිටුහන් වනු ඇත.

ඒ අතර අවිශ්ක දනහිසේ ආබාධයක් හේතුවෙන්ද කුසල් උරහිසේ ආබාධයක් හේතුවෙන් වූ ශල්‍යකර්මවලට මුහුණ දීමෙන් අනතුරුව තරග බිමට පිවිසෙති. ‌මෙවර තරගාවලියේ වැඩිම විදේශීය ක්‍රීඩකයින් පිරිසක් සහභාගිවන රට බවට පාකිස්තානය පත්ව සිටින අතර ඉන් ක්‍රීඩකයින් 8 දෙනෙකු මෙවර තරගාවලිය නියෝජනය කරති. ඒ හැරුනු විට බටහිර ඉන්දීය කොදෙව් සහ ඇෆ්ගනිස්තානයෙන් ක්‍රීඩකයින් හය දෙනෙකු බැගින්ද, එංගලන්තයෙන් ක්‍රීඩකයින් පස් දෙනෙකුද, නවසීලන්තයේ ක්‍රීඩකයින් දෙදෙනෙකුද සහ සිම්බාබ්වේ සහ නෙදර්ලන්තයෙන් එක් ක්‍රීඩකයින් බැගිනුත් ක්‍රීඩා කරති. කෙසේ වෙත් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම, තවමත් ඔවුන්ගේ හය වැනි විදේශීය ක්‍රීඩකයා නම් කර නොමැත.

පෙර තරගාවලියේදී දඹුල්ල ජයන්ස්ට් ලෙසින් තරග වැදි දඹුල්ල ‌පිල මෙවර දඹුල්ල අවුරා ලෙසින්ද කැන්ඩි වොරියර්ස් පිල කැන්ඩි ෆැල්කන් ලෙසින්ද නම් සංශෝධනය කරමින් අවතීර්ණව සිටිති.

මෙවර තරගාවලියට සහභාගිව සිටින විදේස්  ක්‍රීඩකයින් අතරින් 8 දෙනෙකුම අවසන් වරට ඔස්ට්‍රේලියාවේ පැවැති පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩකයෝ වෙති. නවීන් උල්හක, රාමනුල්ලා ගුර්බාස්, නජිබුල්ලා සද්‍රාන් ඇෆ්ගනිස්තානය නියෝජනය කරමිනුත්, සිඛන්දර් රාසා සිම්බාබේව කණ්ඩායමත්, පෝල් වැන් මීකරෙන් නෙදර්ලන්තයත්, හයිදර් අලී සහ මොහොමඩ් හස්නෙයින් පාකිස්තානයත් සහ ජෙම්ස් නීෂම් නවසීලන්තය නියෝජනය කළ ක්‍රීඩකයෝ වෛති. මේ අතර වේග පන්දු යවන පෝල් වැන් මීකරන් විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර සිව්වැනි ස්ථානයට පත් පන්දු යවන්නා ද වේ. පිතිකරුවන් අතරින් සිකන්දර් රාස් ලකුණු 219 ක්ද කඩුලු 10 ක් ද දවා ගනිමින් තුන් ඉරියව්වෙන්ම පෙරමුණ ගෙන සිටි ක්‍රීඩකයා වේ. මීට අමතරව රාමනුල්ලා ගුර්බාස් සහ නජිබුල්ලා සද්‍රාන් මීට දින කීපයකට ඉහතදී ශ්‍රී ලංංකාවේදී නිමාවට පත් වුණු ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෝ වෙති.

ජැෆ්නා කිංග්ස්

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් (10) – තිසර පෙරේරා (නායක), ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ, බිනුර පනාන්දු, දුනිත් වෙල්ලාලගේ, සදීර සමරවික්‍රම, ප්‍රවීන් ජයවික්‍රම, ඩිල්ෂාන් මදුශංක, අවිශ්ක ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු.

විදෙස් ක්‍රීඩකයින් (6) – ජිමී නීෂම් (නවසීලන්තය), ටොම් කොලර් කැඩ්මෝර් (එංගලන්තය), ෂොයෙබ් මලික් (පාකිස්තානය), ජේම්ස් ෆුලර් (නවසීලන්තය), රාමනුල්ලා ගුර්බාස් (ඇෆ්ගනිස්තානය), වකාර් සලමකෙයිල් (ඇෆ්ගනිස්තානය)

දේශීය ක්‍රීඩකයින් (6) – සුමින්ද ලක්ෂාන්, නිපුන් ධනංජය, විජයකාන්ත් වියස්කාන්ත්, තීශාන් විතූෂාන්, තේවේන්ද්‍රියම් දිනෝෂාන්, අශාන් රන්දික.

පුහුණු කාර්යය මණ්ඩලය – තිළිණ කණ්ඩම්බි (ප්‍රධාන පුහුණුකරු), මාරියෝ වෙල්ලවරායන් (සහාය පුහුණුකරු), පිතිකරණ පුහුණුකරු (විමුක්ති දේශප්‍රිය (පිතිකරණ පුහුණුකරු), ජෙහාන් මුබාරක් (පන්දු රැකීමේ පුහුණුකරු)

ගෝල් ග්ලැඩියේටර්

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් (6)  – කුසල් මෙන්ඩිස් (නායක), කුසල් පෙරේරා, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සදකැන්, නුවන් තුෂාර, තරිඳු කෞෂාල්.

විදේශීය ක්‍රීඩකයින් (6) – ඉමාඩ් වසීම් (පාකිස්තානය), ඉෆ්තිකාර් අහමඩ් (පාකිස්තානය), මොහොමඩ් හස්නේන් (පාකිස්තානය), සෆ්‍රාස් අහමඩ් (පාකිස්තානය), අසාම් ඛාන් (පාකිස්තානය), අන්වර් අලී (පාකිස්තානය)

දේශීය ක්‍රීඩකයින් (8) – නුවනිදු ප්‍රනාන්දු, නිමේෂ් විමුක්ති, පුලින තරංග, මොවින් සුබසිංහ, නිපුන් මාලිංග, සචිඳු කොළඹගේ, ලක්ෂාන් ගමගේ, සම්මු අශාන්.

පුහුණු කාර්යය මණ්ඩලය – මොයින් ඛාන් (ප්‍රධාන පුහුණුකරු), උමාර් ගුල් (සහාය පුහුණුකරු), වකාර් අලී (පන්දු රැකීමේ පුහුණුකරු)

දඹුල්ල අවුරා

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් (6) – දසුන් ශානක (නායක), භානුක රාජපක්ෂ, ළහිරු කමාර, රමේෂ් මෙන්ඩිස්, චතුරංග ද සිල්වා, ප්‍රමෝද් මදුශාන්.

විදේස් ක්‍රීඩකයින් (6) – සිකන්දර් රාසා (සිම්බාබ්වේ), නූර් අහමඩ් (ඇෆ්ගනිස්තානය), ටොම් අබෙල් (එංගලන්තය), ජෝර්ඩ්න් කොක්ස් (එංගලන්තය), මැතිව් ෆෝර්ඩ් (බ.ඉ.කොදෙව්) වෑන් මීකරන් (නෙදර්ලන්තය)

දේශීය ක්‍රීඩකයින් (10) ලසිත් කෲස්පුල්ලේ, තරිඳු රත්නායක, කලන පෙරේරා, දිලුම් සුදීර, සචිත ජයතිලක, දුෂාන් හේමන්ත, ෂෙවෝන් ඩැනියල්, රවිදු ප්‍රනාන්දු, ළහිරු මදුශංක, චමිඳු වික්‍රමසිංහ.

පුහුණු කාර්යය මණ්ඩලය – මිකී ආතර් (ප්‍රධාන පුහුණුකරු), අවිෂ්ක ගුණවර්ධන (සහාය පුහුණුකරු), රුවින් පීරිස් (පන්දු රැකීමේ පුහුණුකරු)

කලම්බු ස්ටාර්ස්

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් (9) – ඇන්ජලෝ මැතිව්ස් (නායක), චරිත් අසලංක, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ලක්ෂාන්, දිනේෂ් චන්දිමාල්, සීක්කුගේ ප්‍රසන්න, ජෙෆ්රි වැන්ඩර්සි, සුරංග ලක්මාල්, කසුන් රජිත.

විදේස් ක්‍රීඩකයින් (6) – බෙනී හොවෙල් (එංගලන්තය), රොමාරියෝ ෂෙපර්ඩ් (බ.ඉ.කොදෙව්), ඩොමිනික් ඩ්‍රෙක්ස් (බ.ඉ.කොදෙව්), රවී බොපාරා (එංගලන්තය), නවීන් උල් හක් (ඇෆ්ගනිස්තානය), කරීම් ජැනට් (ඇෆ්ගනිස්තානය)

දේශීය ක්‍රීඩකයින් (7) නිශාන් මදුශ්ක, මුදිත ලක්ෂාන්, ලක්ෂිත මානසිංහ, කෙවින් කොත්තිගොඩ, චතුරංග කුමාර, නවෝද් පරණවිතාන, චාමෝද් බට්ටගේ.

පුහුණු කාර්යය මණ්ඩලය – රුවන් කල්පගේ (ප්‍රධාන පුහුණුකරු), චමිල ගමගේ (සහාය පුහුණුකරු), සම්පත් පෙරේරා (පිතිකරණ පුහුණුකරු), උපුල් චන්දන (පන්දු රැකීමේ පුහුණුකරු)

කැන්ඩි ෆැල්කන්ස්

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් (11)- වනිදු හසරංග (නායක), චාමික කරුනාරත්න, ඉසුරු උදාන, මතීෂ පතිරණ, අෂේන් බණ්ඩාර, අශාන් ප්‍රියන්ජන්, මිනෝද් භානුක, කමිඳු මෙන්ඩිස්, මාලින්ද පුෂ්පකුමාර, ජනිත් ලියනගේ, පැතුම් නිස්සංක

විදේස් ක්‍රීඩකයින් (6) – කාලෝස් බ්‍රැත්වයිට්(බ.ඉ.කොදෙව්), ෆේබියන් ඇලන් (බ.ඉ.කොදෙව්), ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් (බ.ඉ.කොදෙව්), ඔෂේන් තෝමස් (බ.ඉ.කොදෙව්), නජිබුල්ලා සද්‍රාන් (ඇෆ්ගනිස්තානය), සහූර් ඛාන් (පාකිස්තානය)

දේශීය ක්‍රීඩකයින් (5) – අවිෂ්ක පෙරේරා, අෂේන් ඩැනියල්, ලසිත් අබේරත්න, කවීන් බණ්ඩාර, චමිදු විජේසිංහ, මිලාන් රත්නායක.

පුහුණු කාර්යය මණ්ඩලය – පියල් විජේතුංග (ප්‍රධාන පුහුණුකරු), තරංග ධම්මික (සහාය පුහුණුකරු), මනෝජ් අබේවික්‍රම (පන්දු රැකීමේ පුහුණුකරු)

Active filters

Recent Posts

  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]

Pin It on Pinterest

USD United States (US) dollar