slc
Home   |    News
ජනවාරි 13, 2023
ඉතිහාසයේ පළමු බාළිකා ලෝක කුසලාන තරගාවලිය හෙට ඇරඹෙයි

sinhala editor

බාලිකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පළමු වතාවට පවත්වනු ලබන බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරාවලිය හෙට (14 වැනිදා) දකුණු අප්‍රිකාවේදී ආරම්භ වේ. විස්සයි-20 තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලියේදී සමාරම්භක දිනයේදී ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම සමඟ බෙනෝනිහිදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16 කගේ සහභාගිවයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය හෙටින් ආරම්භව ලබන ජනවාරි 29 වැනිදා දක්වා පැවැත්වෙන අතර සමස්ථ තරගාවලිය තරග 41 කින් සමන්විත වේ.

‘ඒ’, ‘බි’, ‘සී’ සහ ‘ඩී’ වශයෙන් කාණ්ඩ 4 ක් යටතේ පැවැත්වෙන මෙහි මූලික වටයේ තරග වලදී ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදියි. ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම හැරුණු විට බංග්ලාදේශය සහ ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකා පිලේ ප්‍රතිවාදීහු බවට පත්ව සිටිති. එංගලන්තය, ඉන්දියාව, ඉන්දුනීසියාව, අයර්ලන්තය, නවසීලන්තය, පාකිස්තානය, රුවන්ඩා, ස්කොට්ලන්තය, එක්සත් අරාබි එමීර්, ඇමරිකා එක්සත් ජනපදය සහ සත්කාරක දකුණු අප්‍රිකාව තරගාවලිය නියෝජනය කරනු ලබන සෙසු රටවල් වෙති.

විශ්මි ගුණරත්නගේ නායකත්වය යටතේ අභිනව ලෝක කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විතය. මූලික තරග වටය අවසානයේ වැඩිම ප්‍රසාද ලකුණු දිනා ගන්නා කණ්ඩායම් 3 සුපිරි කණ්ඩායම් 12 දෙනාගේ තරග වටයට සහභාගිවන බැවින් දෙවැනි වටයට පිවිසීම සදහා එක් තරගයක ජයග්‍රහණය පමණක් රටකට ප්‍රමාණවත් වේ. සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටය කාණ්ඩයකට කණ්ඩායම් 6 ක් වන සේ දෙකට බෙදා තරග පවත්වනු ලබන අතර එහි පළමු ස්ථාන දෙකට පත්වන කණ්ඩායම් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබනු ඇත.

ප්‍රධාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාවට හිමි පුහුණු තරග 2 දී ඉතා සාර්ථක වුණු ශ්‍රී ලංකා කණ්ඩායම එක්සත් අරාබි එමීර් සහ ස්කොට්ලන්තයට එරෙහිව පැවැති තරග ජය ගනිමින් ජයග්‍රාහී මානසිකත්වයකින් පසුවේ. ‌පැවැති තරග වලදී ශ්‍රී ලංකා පිලේ දැවැන්තම ශක්තිය ලෙසින් දඟ පන්දුව හඳුනාගෙන තිබේ. ‌ඒ අතර දෙව්මි විහංගා සහ විදුෂිකා පෙරේරා ඉදිරියෙන් සිටිම පන්දු යවන්නියෝ වෙති. ඒ අතරින් දකුණත් පිට දඟ පන්දු යවන දෙව්මි විහංගා විසින් ස්කොට්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනිණ.

වමතින් දඟ පන්දු යවන විදුශිකා සහ දෙව්මි දෙදෙනා එම තරග 2 දී දවා ගන්නා ලද කඩුලු 20 න් 13 ක්ම තමන් සතු කර ගැනීමට සමත්ව සිටීම කැපී පෙනෙයි. ඊට අමතරව නෙත්මි සේනාරත්න අර්ධ ශතකයක් වාර්තා කිරීට පිතිකරණයෙන් කැපී පෙනෙයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැති එම තරගයේදී නෙත්මි දස්කම් දක්වද්දී ස්කොට්ලන්තයට එරෙහි තරගයේදී නායිකා විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 39 ක් ලබා ගැනීමට සමත්වූවාය. ඊට මතරව මනුදි නානායක්කාරද ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩිකාවකි.

ශ්‍රී ලංකා බාලිකා පිල – විශ්මි ගුණරත්න (නායිකා), දහමි සෙනෙත්මා, උමායා රත්නායක, රශ්මි නේත්‍රාංජලී, රශ්මික සෙව්වන්දි, දෙව්මි විහංගා, මනුදි නානායක්කාර, සුමුදු නිසංසලා, පමෝදා ශයිනි, විදුශිකා පෙරේරා, දුලංගා දිසානායක, රිස්මි සංජලා, නෙත්මි සේනාරත්න, හරිනි පෙරේරා, විහාරා සෙව්වන්දි.

ශ්‍රී ලංකා‌ව මූලික වටයේ තරග වදිනු ලබ දින සහ රටවල් මෙසේය.

ජනවාරි 14  – ඇමරිකා එක්සත් ජනපදය සමඟ

ජනවාරි 16  – බංග්ලාදේශය සමඟ

ජනවාරි 18 – ඔස්ට්‍රේලියාව සමඟ

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest