slc
Home   |    News
ජනවාරි 7, 2023
ඉතිහාසය වෙනස් කිරීමට වෙර දරන තරගයේදී ශ්‍රී ලංකාවට අවිශ්කත් ශක්තියක් වෙයි

sinhala editor

ඉන්දු – ශ්‍රී ලංකා විස්සයි-20 තරග ඉතිහාසයේ ඔවුන්ගේ නිජ බිමේදී විස්සයි-20 තරගාවලියක් ජය ගැනීමට අපොහොසත්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එම ඉතිහාසය වෙනස් කිරීමේ අරමුණින් තරග වදින තෙවැනි විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය තමන් සතු කර ගැනීමට ඉන්දීය නායක හර්දික් පාණ්ඩ්‍යා සමත්විය. ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කර තිබේ.

අද (07 දා) තරගයේ ජය ශ්‍රී ලංකාවට ඉහතින් සඳහන් කරන ලද කරුණට අමතරව තවත් කරුණක් හේතුවෙන් වැදගත් වේ. ඒ 2019 වසරෙන් පසු සිය මව්බිමේදී විස්සයි-20 තරගාවලි පරාජයක් ලබා නොමැති ඉන්දීය කණ්ඩායමේ එම ජයග්‍රාහී ගමනට නිමාවට තැබීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවීමයි. ඉන්දියාව අවසන් වරට ඔවුනගේ මව්බිමේදී විස්සයි-20 තරගාවලි පරාජයක් ලබා ඇත්තේ 2019 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගාවලියේ වේ. එම තරගාවලියෙන් පසු ඉන්දිය සිය දේශීය තත්ත්වයන් යටතේ සහභාගිවුණු විස්සයි-20 තරගාවලි 11 දීම අපරාජිත භාවය රැග ගැනීමට ඉන්දියාව සමත්ව සිටියි.

මෙම තරගයට පෙර පැවැති පළමු තරගයෙන් ඉන්දියාව ලකුණු 02 ක ජයක් ලබද්දී දෙවැනි තරගයෙන් ලකුණු 16 ක ජයක් ලද ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත් කර ගැනීමට සමත්විය. මේ නිසාම අද රාත්‍රීයේ තරගය අවසන් මහ තරගයක් ස්වරූපයක් ගෙන ඇත්තේ ජයග්‍රාහී පිලට තරගාවලියේ ජයද හිමිවන බැවිනි.

ඉන්දීය පිල අද තරගයේදී කිසිදු වෙනස්කමක් නොමැතිව අවතීර්ණ වද්දී ශ්‍රී ලංකාව අසාර්ථක භානුක රාජපක්ෂ වෙනුවට අවිශ්ක ප්‍රනාන්දුව කැදවමින් අවතීර්ණව සිටියි. අවිශ්ක ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරගයකට පිවිසෙන්නේ මාස 11 කට පසුව වේ. 2022 වසරේ පෙබරවාරි මස ඔස්ට්‍රේලියාවට එරෙහිව සිඩ්නිහි පැවැති තරගය අවිශ්ක අවසන් වතාවට ක්‍රීඩාකර ඇති තරගය වන අතර එම තරගයෙන් පසුව පැවැති පුහුණු සැසියක් අතරතුරදී දණහිස පැනීමේ ආබාධයකට මුහුණ දුන්නේය. එබැවින් ඔහුට ගෙවී ගිය මාස ගණනාවක්ම විවේකයෙන් සිටීමට සිදුවිය. නිමාවට පත් වුණු එල්.පී.එල්. තරගාවලියේදී නැවතත් ක්‍රීයාකාරී ක්‍රීඩාවට පිවිසි දකුණත් පිතිකරුවා එම තරගාවලියේ දක්ෂතම පිතිකරු සම්මානයෙන් ද පිදුම් ලැබුවේ තරග 10 කදී මුලු ලකුණු 339 ක් ලබා ගනිමිනි. තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණු 24 හැවිරිදි පිතිකරුවාගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 37.77 ක් ලෙස සටහන් කරගත්තේ ප්‍රහාරාත්මක වේගය 124.63 ක් රදවා තබා ගනිමිනි.

ඉන්දියාව – ඉෂාන් කිෂාන්, ශුබ්මන් ගිල්, සූර්යකුමාර් යාදව්, රාහුල් ට්‍රිපාටි, හර්දික් පාණ්ඩ්‍යා (නායක), දීපාක් හූඩා, අක්සාර් පටෙල්, ශිවාම් මාවි, උමර් මලික්, යුස්වේන්ද්‍ර චෙහෙල්, අර්ශ්දීප් සිං.

ශ්‍රී ලංකාව – පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දසුන් ශානක (නායක), වනිදු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, කසුන් රජිත, ඩිල්ෂාන් මදුශංක.

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest