slc
logo
Home   |    News
ජනවාරි 25, 2023
එංගලන්ත ලයන්ස් පිතිකරුවෝ වේගවත් පිතිහරඹයක

sinhala editor

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත සිව්දින තරගාවලියට පෙර එංගලන්ත ලයන්ස් පිලට ලැබුණු පළමු සහ එකම තුන්දින පුහුණු තරගයේ පළමු දිනය අවසන් වීමට තවත් පන්දුවාර 23 ක් ඉතිරිව තිබියදී සිය ඉනිම අත්හිටුවීමට එංගලන්ත ලයන්ස් පිල තීරණය කළේය. ඒ වන විටත් පන්දුවාර 67 කට පමණක් ක්‍රීඩා කර තිබූ ලයන්ස් පිතිකරුවෝ කඩුලු 8 කට ලකුණු 413 ක තරම් දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ගොඩනැංවීමට සමත්ව සිටියහ.

ලබන 27 වැනිදා තෙක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අනුකම්පා විරහිත පිතිහරඹයක් දියත් කළ එංගලන්ත ලයන්ස් පිතිකරුවෝ එක්දින තරගයක මෙන් පන්දුවාරයකට ලකුණු 6.164 ක දළ ලකුණු වේගයක් තබා ගනිමින් ලකුණු රැස් කිරීම අද දිනයේ කැපී පෙනිණ.

ආරම්භක පිතිකරු ඇලෙක්ස් ලීස් එංගලන් ඉනිමේ කැපී පෙනෙනම පිතිකරුවා බවට පත් වද්දී තවත් පිතිකරුවන් සිව් දෙනෙකු අර්ධ ශතක ඉක්මවා ලකුණු රැස් කළහ. ටොම් අබෙල් (57), ජොස් බොහනන් (58), ජැක් හයින්ස් (නොදැවී 63) සහ ජෙමී ස්මිත් (50) එසේ අර්ධ ශතක වාර්තා කළ පිතිකරුවෝ බවට පත්වූහ.

දිනයේ ශතක ලාභියා වූ ආරම්භක පිතිකරු ඇලෙක්ස් ලීස් පන්දු 94 කදී සිය ශතකය සපුරා ගත්තේ පයේ පහර 2 ක් සහ හතරේ පහර 12 ක්ද සිය ඉනිමට ඇතුඅළත් කර ගනිමිනි. ළහිරු උදාරගේ සුපිරි ස්ටම්ප් කිරීම හමුවේ ලීස් දැවී යනවිට පන්දු 97 කදී වේගවත් ලකුණු 103 ක් ලබා සිටියේය.

ලයන්ස් පිතිකරුවො කෙතරම් වේගයෙන් පන්දුවට පහර දුන්නේද කිවහොත් දිවා ආහාරය සඳහා යවන ලද පන්දුවාර 24 දී ලකුණු 167 ක් රැස් කර ගැනීමට සමත්වූහ. දිවා භෝජනයට පෙර ප්‍රතිවාදින්ගේ ඩුලු 3 ක් දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් XI සමත්වද්දී ඉන් 2 ක් කවිඳු පතිරත්නගේ නමට ලියැවී තිබිණ.

ලයන්ස් පිතිකරුවන්ගේ වේගය පාලනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් XI  සහන් ආරච්චිගේට පන්දු යවන්නන් 10 දෙනෙකුගේ සේවය ලබා ගැනීමට සිදු වුවත් ඉන් මහග ප අත්කරගත්තේ වේග පන්දු යවන ජනිත් ලියනගේ පමණි. තේ පානයට පෙර කඩුලු 2 ක් දවා ගැනීමට සමත්වන ජනිත් එංගලන්ත ඉනිම අත්හිටුවීම සඳහා අවසන් වතාවට දැවී ගිය පිතිකරුවා වූ ඔලී රොබින්සන්ගේ කඩුල්ල ද ඇතුළත්ව ලකුනු 47 කට කඩුලු 3 ක් දවා ගත්තේය. ඒ හැරුනු කොට තරිඳු රත්නායක සහ කවිඳු පතිරත්න කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත්වූහ.

Active filters

Recent Posts

  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ ජයග්‍රහණයකින් වැඩ අරඹති
    සහන් ආරච්චිගේ සහ තරිඳු රත්නායකගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් අබුඩාබි නුවර අද (13 දා) ආරම්භ වුණු ‘ඒ‘ කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ‘ පිල සහභාගිවූ පළමු තරගයෙන්ම අයර්ලන්ත ‘ඒ‘ […]
  • සුපුරුදු රිද්මයට එන්න බලාපොරොත්තු වෙනවා – සධීර
    ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවත වතාවක් තරග දිනවා දිය හැකි ක්‍රීඩකයකු බවට පත්වීම තම අපේක්ෂාව යැයි ශ්‍රී ලංකා ‘ඒ ‘ ක්‍රිකට් කණ්ඩායමේ නායක සධීර සමරවික්‍රම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ […]
  • අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම අපේක්ෂාවයි – අවිශ්ක
     එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී දී මේ මස පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන – අයර්ලන්ත ‘ඒ ‘ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee