slc
logo
Home   |    News
ජනවාරි 31, 2023
එංගලන්ත ලයන්ස් – ශ්‍රී ලංකා ‘ඒ’ සිව්දින අභියෝගය ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමත් එංගලන්ත ලයන්ස් ක්‍රිකට් කණ්ඩායමත් අතර පැවැත්වෙන තරග 2 කින් සමන්විත සිව්දින ටෙස්ට් තරගාවලිය ජනවාරි මස 31 වනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය කලක් තිස්සේම රතු පන්දුවෙන් කෙරෙන ටෙස්ට් ක්‍රිකට් තරග රටාවේ ගිලිහී ගොස් ඇති රිද්මය යළි ගොඩනඟා ගැනීම සඳහා ක්‍රීඩකයින්ට ලැබුණු වැදගත් තරගාවලියක් බවට පත්ව තිබේ.

අවසන් වතාවට ගෙවී ගිය වසරේ ජූලි මසදී පාකිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයට සහභාගිවීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ගෙවී ගිය කාල සීමාවේදී රතු පන්දුවෙන් කෙරෙන තරග සඳහා ක්‍රීඩා නොකළේය. එබැවින් නවසීලන්ත තරග සංචාරයට කණ්ඩායම් සූදානම් කර ගැනීම වෙනුවෙන් එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව ආරම්භ වන මෙම සිව්දින තරග සංචාරය තේරීම් කමිටුවට මෙන්ම ක්‍රීඩකයින්ට වෙස් වළාගත් ආශිර්වාදයක් බවට පත්ව තිබේ.

කෙසේ වෙතත් මෙම තරගාවලියත් මාර්තු මසදී පැවැත්වීමට නියමිත නවසීලන්ත තරග සංචාරයත් ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය ආරම්භ කළ බැවින්, ‘ඒ’ සංචිතයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින්ට රතු  පන්දුවට හුරුවීම සඳහා දේශීය වශයෙන් සති 2 ක කාලයක් හිමිවිය.

ඒ හැරුණු විට එංගලන්ත ලයන්ස් පිලට ලබා දුන් තුන්දින පුහුණු තරගය සඳහා ක්‍රීඩා කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන XI ක්‍රීඩකයින්ට එය ඉතා වැදගත් තරගයක් බවට පත්වූයේද ඉහතින් සඳහන් කළ රතු පන්දුව සඳහා හුරුවීමට හිමි හොඳම අවස්ථාවක් බවට පත්වීම හේතුවෙනි. එම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන XI කණ්ඩායම කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට සමත්වීම නිසා සිව්දින තරගාවලියට එය සුභ පෙර නිමිත්තක් ලෙස සැලකිය හැක.

මෙම තරග 2 සදහා නම් කරන ලද කණ්ඩායම් දෙකටම ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් ඇතුළත්ව සිටින බැවින් මෙය ඉතාමත් තරගකාරී ස්වරූපයක් ගනු ලබනු ඇති බවට අපේක්ෂා කළ හැක. එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු ලෙසින් කටයුතු කළ ඇලෙක්ස් ලීස් මෙන්ම හසීම් හමීඩ්ද එංගලන්ත ලයන්ස් පිල සතුව සිටියි. ඒ හැරුණු විට වේග පන්දු යවන්නන් වන ඔලී රොබින්සන් සහ මැට් ෆිසර්ද ඔවුන් සතුය.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ලසිත් ඇඹුල්දෙණිය, කමිඳු මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම සහ ඕෂද ප්‍රනාන්දු යන ටෙස්ට් වරම් හිමි ක්‍රීඩකයින් ඇතුළත්ව සිටිති. ජාතික කණ්ඩායමට එක්වීමේ වරම් අහිමිව තිබෙන ලසිත් ඇඹුල්දෙණියට සුපුරුදු රිද්මය ගොඩ නගා ගැනීම වෙනුවෙන් මෙම තරගාවලිය ඉතා හොද තරගාවලියක් වනු ඇත. ඔස්ට්‍රේලියානු පිලට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයෙන් පසු කණ්ඩායමේ ස්ථානය අහිමි වුණු වමත් දඟ පන්දු යවන්නා නැෂනල් සුපර් ලීග් තරගාවලියේ පළමු තරගයට සහභාගිවෙමින් කලම්බු පිලට එරෙහිව ලකුණු 86 කට කඩුලු 10 ක් දවා ගනිමින් තේරීම් කමිටු‌වේ අවධානය දිනා ගැනීමට සමත්ව සිටියි.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම – නිපුන් ධනංජය (නායක), ලසිත් ඇඹුල්දෙණිය, ඔෂධ ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් කෲස්පුල්ලේ, අම්ෂි ද සිල්වා, නිශාන් මදුශ්ක, මිලාන් රත්නායක, ළහිරු උදාර, ශිරාන් ප්‍රනාන්දු, ඉසිත විජේසුන්දර, චමිඳු විජේසිංහ, සහන් ආරච්චිගේ, ධනංජය ලක්ෂාන්, තනුක දාබරේ, සුමින්ද ලක්ෂාන්, ෂෙවෝන් ඩැනියෙල්, ලක්ෂිත මනසිංහ, නුවනිදු ප්‍රනාන්දු, ජනිත් ලියනගේ, දුෂාන් හේමන්ත, අවිශ්ක ගුණවර්ධන (ප්‍රධාන පුහුණුකරු), විනෝදන් ජෝන් (කලමනාකරු), තිළිණ කණ්ඩම්බි (පිතිකරණ පුහුණුකරු), සජීව වීරකෝන් (පන්දු යැවීමේ පුහුණුකරු), ඇන්ටන් රූක්ස් (පන්දු රැකීමේ පුහුණුකරු)

එංගලන්ත ලයන්ස් පිල – හසීම් හමීඩ් (නායක), ඇලෙක්ස් ලීස්, ටොම් හේන්ස්, ටොම් අබෙල්, ජොෂ් බොහානන්, ලින්ඩන් ජේම්ස්, ජැක් හයින්ස්, ජෑම් ස්මිත්, ඔලී රොබින්සන්, සෑම් කුක්, ජෑක් කාසන්, ජොෂ් ටොංග්, නේතන් ගිල්ක්‍රිස්ට්, ලියාම් පැටින්සන්, මැට් ෆිෂර්, ටොම් හාට්ලි, සකීබ් මොහොමඩ්.

Active filters

Recent Posts

  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]
  • ලකුණු 99 ක විශිෂ්ඨ ජයක් සමගින් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනියි
    කුසල් මෙන්ඩිස්ගේ වටිනා ශතකයත් වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු […]
  • ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තීරණාත්මකම සාධයකයක් බවට පත්ව තිබෙන කාසියේ වාසිය තමන්  සතු කරගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම අද […]
  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee