slc
logo
Home   |    News
ජනවාරි 26, 2023
ජැෆ්නා ලකුණු 62කට දැවී යයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වතාවටත් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අද (26 දා) කොළඹ එස්. එස්. සී පිටියේ ඇරැඹි තරගයේදී ජැෆ්නා පිල ලකුණු 62කට දවා ගැනීමට  දඹුල්ල පිල සමත් විය. වේග පන්දුවෙන් ප්‍රතිවාදීන් ආක්‍රමණය කළ දඹුල්ල පිලේ විශ්ව ප්‍රනාන්දු කඩුලු 5ක් හා අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් දවාගෙන ජැෆ්නා පිතිකරුවෝ අසරණ කළහ.  දඹූල්ල පිල දිනය නිමා වෙද්දී සිය පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබා සිටියේය.

දඹුල්ල පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දු රැකීමට තීරණය කළ අතර, ජැෆ්නා පිතිකරුවන් හතරක්ම ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමට සමත් විය. ජැෆ්නා පිලේ කසුන් අබේරත්න ලකුණු 16ක් හා රවිදු ප්‍රනාන්දු ලකුණු 13ක් ලබා වැඩිම ලකුණු දායකත්වය තම පිලට එක් කළහ. නායක ළහිරු මධුසංඛ ලකුණු 10ක් ලබා ගනිද්දී පිතිකරුවන් 4ක් ලකුණු ලකුණු 8කට අඩුවෙන් දැවී ගියහ.

දඹුල්ල පිලේ මුල් කඩුලු 5ක් ලකුණු 50කට දැවී ගිය අතර, නායක මිනේද් භානුක හා රනිත ලියනාරච්චි එක්ව 6වැනි කඩුල්ලට ලකුණු 112ක සම්බන්ධතාවක් ගොඩ නැගූහ. රනිත ලියනාරච්චි ලකුණු 51වට දැවී ගිය අතර පන්දු 73කදී හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් ඔහුගේ ඉනිමට අයත් විය. මිනෝද් භානුක පන්දු 93කට මුහුණ දී හතරේ පහර 7ක් සමග නොදැවී ලකුණු 64ක් ලබා ගත්තේය.

මෙම තරගාවලියේ පළමු සතියේදී දිනයක් ඉතිරිව තිබියදී ඉනිමක ජයග්‍රහණ වාර්තා කිරීමට කැන්ඩි සහ ගෝල් කණ්ඩායම් සමත්වූහ.

ජැෆ්නා – පළමු ඉනිමට ලකුණු 62යි (ඕවර් 26.5) කසුන් අබේරත්න 16, රවිදු ප්‍රනාන්දු 13, ළහිරු මධුසංඛ 10, රොන් චන්ද්‍රගුප්ත 7 ( විශ්ව ප්‍රනාන්දු 14/5, අසිත ප්‍රනාන්දු 24/4, දෙවිඳු තිලකරත්න 4/1)

දඹූල්ල – පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 170යි (ඕවර් 41) නිමේෂ් ගුණසිංහ 10, මිනෝද් භානුක නොදැවී 64, සනෝජ් දර්ශික 19, රනිත ලියනාරච්චි 51 ( යසිරු රොද්‍රිගු 39/3, නිපුන් මාලිංග 36/1, ළහිරු මධුසංඛ 33/1, දිලුම් සුධීර 14/1)

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee