slc
Home   |    News
ජනවාරි 26, 2023
නිශාන් මදුෂ්ක 150 සීමාවට – ශ්‍රී ලංකා XI පිල ඉනිම අත්හිටුවයි

sinhala editor

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්දින පුහුණු තරගයේ දෙවැනි දිනය වූ අද (26 දා) තේ පානයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම කඩුලු 9 කට ලකුනු 355 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා නැවතත් පන්දුවට පහර දීමේ අවස්ථාව එංගලන්ත ලයන්ස් පිලට ලබා දුන්නේය.

තේ පානය සඳහා තරගය 2.40 ට නවතා දැමිය යුතු වුවත්, ඒ වන විටත් අවසන් පිතිකරුවන් දෙපළ පන්දුවට පහර දෙමින් සිටි බැවින් එය ඉදිරි මිනිත්තු 30 කාලය දක්වා තරගය දිග්ගැස්සින. කෙසේ වෙතත් ඉන් මිනිත්තු 7 ක පමණ කාලයක් පන්දුවට පහර දීමෙන් අනතුරුව එංගලන්ත ලයන්ස් පිලට වඩා ලකුණු 58 ක් පිටුපසින් සිටදීම ඉනිම අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් XI පිල තීරණය කළේය.

දිවා ආහාරයට පෙර ශතකයක් ලබා සිටි නිශාන් මදුශ්ක අද දිනයේදී එය ලකුනු 150 සීමාවට රැගෙන එන තෙක් එංගලන්ත ලයන්ස් කිසිදු පන්දු යවන්නකු ඔහුව දව අසමත්විය. තේරීම් කමිටුව බලාපොරොත්තු වූ පිතිහරඹයේ වගකීම ඉටු කිරීමට මදුශ්ක සමත් වූයෙන් මුලු ලකුණු සංඛ්‍යාව 328 ක් ව තිබියදී ඉනිම අතර මඟ නවතා පිටියන් ඉවත් වූවේය.

මදුශ්කගේ නොබිඳුණු ලකුණු 150 ක ඉනිම සදහා ඔහු මුහුණ දී තිබුණේ පන්දු 158 ක් පමණි. ලබා ගත් ලකුනු 150 න් ලකුණු 102 ක්ම හයේ (1) සහ හතරේ (24) පහර වලින් රැස් කිරීමට මදුශ්ක සමත්වීම කැපී පෙනීණ.

සෙසු පිතිකරුවන්ට පන්දුවට පහර දීමේ අවස්ථාව සලසාලමින් මදුෂ්ක පිටියෙන් ඉවත් වුවද එම වාසිය ලබා ගැනීමට මැද පෙළ පිතිකරුවන් සමත්විය. මදුශ්ක පිටියෙන් ඉවතට යන ලද්දේ කඩුලු 4 ක් සටහන්ව තිබියදී මුත් 9 වැනි කඩුල්ල වන විටත් ලකුණු පුවරුවට එක්ව තිබුණේ 19 ක් පමණි. නායක සහන් ආරච්චි‌ගේ (25), දුනිත් වෙල්ලාලගේ (13), සහ ජනිත් ලියනගේ (00) අඩු ලකුණුවලට දැවී ගිය පිතිකරුවන් බවට පත්වූහ.

දිවා භෝජනය සඳහා තරගය නිමා කරන විට පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම කඩුලු 3 කට ලකුණු 263 ක් ලබා එංගලන්ත ලයන්ස් පන්දු යවන්නන් හමුවේ ප්‍රබල පිළිතුරක් ලබාදීමට සමත්වූහ.

මදුශ්කගේ වටිනා ඉනිමත් ළහිරු උදාරගේ ලකුණු 93 ත් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායමට හිස එසවීමට අවස්ථාව උදාවිය. මෙම පිතිහරඹය නිසා එංගලන්ත ලයන්ස් පිතිකරුවන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් XI පිතිකරුවෝද වේගයෙන් පන්දුවට පහර දීම කැපී පෙනිණ. දිවා භෝජනය සඳහා නතර කරන විට එංගලන්ත පිල යොමු කරන ලද පන්දුවාර 47 දී ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාරයකට 5.59 කට වඩා වේගයක් රදවා තබා ගැනීමට සමත්වූහ.

දේශීය ක්‍රීඩා සමාජ තරගාවලියේ ත්‍රිත්ව ශතකයක්ද සමගින් ලකුණු 1000 සීමාව ඉක්මවා ලීමට සමත් වූ නිශාන් මදුශ්ක ජැක් කාර්සන්ගේ පන්දුවක් හමුවේ සීමා ඉරෙන් ඉදිරියට පැමිණ එල්ල කරන ලද දැවැන්ත හයේ පහරත් සමඟ ශතකය සම්පූර්ණ කරගත්තේය. මුහුණ දුන් 113 වැනි පන්දුවේදී ශතකය සම්පූර්ණ කරගත් දකුණත් පිතිකරුවා දිවා භෝජනය වන විට ලකුණු 119 ක් ලබා අනෙක් අන්තයේ රැදී සිටියේය.

මුලු ලකුණු සංඛ්‍යාව 93 සිට ඇරැඹි මොවුන් දෙදෙනාගේ තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව බිද දැමීමට ලයන්ස් පිල නොයෙකුත් උපක්‍රම භාවිතා කළද ඒ කිසිත් මායිම් නොකළ මදුශ්ක – උදාර යුගල තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 170 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ.

කෙටි පන්දු දුටු විට නිරන්තරයෙන්ම පුල් පහර එල්ල කිරීමට මොවුන් දෙපළ පෙළැඹීම නිසා එම පහරින්ම මොවුන් දවා ගැනීම එංගලන්ත කණ්ඩායමේ සැලසුම විය. ඒ පා ඉන්නත්, සීමා ඉරත් අතර පන්දු රකින්නන් දෙදෙනකුත්, සීමා ඉරට එහායින් රකින්නකුත් රඳවමින් කෙටි පන්දු වැළක් යොමු කළද ඉන් නොසැලුණු ළහිරු උදාර සහ මදුශ්ක සිත්සේ ලකුණු රැස් කළහ.

එහෙත් ශතකයට ලකුණ 07 ක් තිබියදී ඉවසීම ඉහවහා යෑම නිසා සීමා ඉරෙන් ඉදිරියට පැන එල්ල කරන ලද ලෝන් ඔන් කළාපයේ සිටි 85 රැක ගැනීම නිසා ළහිරු උදාරගේ ඉනිම ලකුණු 93 කදී නිමාවට පත්විය. ඒ සමඟම විනිසුරුවරුන් දිවා විවේකය සඳහා තරගය අත්හිටුවීය.

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest