slc
logo
Home   |    News
ජනවාරි 12, 2023
නුවනිඳුට එක්දින වරම් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

sinhala editor

එක්දින තරගාවලිය අපරාජිතව රැදී සිටීමට නම් ජයග්‍රහණය තීරණාත්මක දෙවැනි එක්දින තරගයේදී ද කාසියේ වාසිය තමන් සතු කර ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ලොව වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවකට තරගය නැරඹිය හැකි ක්‍රීඩාංගණ අතර ඉදිරියෙන්ම තිබෙන කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 2 ක් සිදු කරමින් අවතීර්ණව සිටියි.

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පිට කොන්දේ ආබාධයටක ගොදුරුවී සිටීමත්, ඩිල්ෂාන් මදුශංක පළමු තරගය අතරතුරදී උරහිසේ ආබාධයකට ලක්වීමත් නිසා අද තරගයට ක්‍රීඩා නොකරති. පැතුම් අද තරගයට ක්‍රීඩා නොකරන නිසා ඔහු වෙනුවට නුවනිඳු ප්‍රනාන්දු කණ්ඩායමට එක් කර තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනාගන්නා ලද 207 වැනි ක්‍රීඩකයා ලෙසින් නුවනිදු අද තරගයේදී එක්දින සළු පළඳිනු ඇත. එක්දින වරම් දිනාගැනීම සංකේතවත් කිරීම වෙනුවෙන් වන කැප් තොප්පිය, නායක දසුන් ශානක විසින් පිරිනමනු ලැබීය.

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණව සිටින නුවනිඳු ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කරනු ලබන පළමු අවස්ථාව වන්නේද මෙම තරගයයි. දකුණතින් පිත්ත හසුරුවන නුවනිඳු 23 හැවිරිදි වියේ පසුවෙයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා සිටින විශ්ව ප්‍රනාන්දුගේ බාල සොහොයුරා ද වන නුවනිදු ගෙවී ගිය වසර එකහමාරකට අධික කාලයේ සිටම පිතිකරුවකු ලෙස දේශීය තරග පිටියේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්වූවේය. නුවනිදු ගෙවීගිය 2022 වසර මුලදී පැවැති නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පිතිකරු සම්මානයෙන් පිදුම් ලබමින් තේරීම් කමිටුවේ අවධානය දිනා ගැනීමට සමත්වුවේය.

වමත් වේග පන්දු යවන්නා වන ඩිල්ෂාන් මදුශංකගේ ස්ථානය සඳහා ‌ළහිරු කුමාර කණ්ඩායමට එක්ව සිටියි. මෙම තරගයේදී කාසියේ වාසිය පිළිබඳව අදහස් දක්වා සිටි ඉන්දීය නායක රෝහිත් ෂර්මා සඳහන් කර සිටියේ තමන් කාසිය සම්බන්ධව අදහස් දෙකක ගිලී සිටින බවයි. මෙහිදී අතීත වාර්තා ගෙන බැලීමේදී මෙහි පන්දුවට පහර දීම සුභදායක යැයි මුලින් සිතා සිටියද තනතීරුව දෙස නිරීක්ෂණය කිරීමේදී පළමුව පන්දු යැවීම සුදුසු බව තමා සිතන බවයි. එබැවින් තමන්ට කාසියේ වාසිය අහිමිවීම සුභදායක දෙයක් බවද ෂර්මා සඳහන් කර සිටියි. මෙම තරගය සඳහා ඉන්දීය කණ්ඩායම එක් වෙනස්කමක් හේවත් යුස්වේන්ද්‍ර චෙහල් වෙනුවට කුල්දිප් යාදව් කැදවමින් අවතීර්ණව සිටියි.

තරගාවලියේ පළමු තරගය ජය ගෙන සිටින ඉන්දීය කණ්ඩායම මේ වන විටත් 1-0 ක් ලෙස තරගාවලිය පෙරමුණ ගෙන සිටින බැවින් අද තරගයේ ජය පමණක් ඔවුන්ට තරගාවලියේ ජය අත්කර ගැනීම සඳහා ප්‍රමාණවත් වනු ඇත. මෙම තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැදී සිටීමට නම් ශ්‍රී ලංකාවට අද තරගයේ ජය තීරණාත්මකය.

ශ්‍රී ලංකාව – කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, නුවනිඳු ප්‍රනාන්දු, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න, කසුන් රජිත, ළහිරු කුමාර.

ඉන්දියාව – රෝහිත් ෂර්මා (නායක), ශුබ්මන් ගිල්, විරාට් කෝලි, ශ්‍රෙයාස් අයියර්, ලොකේස් රාහුල්, හර්දික් පාණ්ඩ්‍යා, අක්සාර් පටෙල්, මොහොමඩ් ශාමි, කුල්දීප් යාදව්, මොහොමඩ් ශිරාජ්, උම්රන් මලික්.

Active filters

Recent Posts

  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]
  • ලකුණු 99 ක විශිෂ්ඨ ජයක් සමගින් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනියි
    කුසල් මෙන්ඩිස්ගේ වටිනා ශතකයත් වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු […]
  • ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තීරණාත්මකම සාධයකයක් බවට පත්ව තිබෙන කාසියේ වාසිය තමන්  සතු කරගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම අද […]
  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee