slc
logo
Home   |    News
ජනවාරි 19, 2023
ඔස්ට්‍රේලියාවට එරෙහි තරගය පැරදුණත් බාලිකාවෝ සුපිරි 12 දෙනා අතර වටයට

sinhala editor

ජාත්‍යාන්තර ක්‍රිකට් සමුළුවේ මෙහෙයවීමෙන් දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන බාලිකා  අවුරුදු 19න් පහළ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජනවාරි 19 දා බෙනොනිහි දී පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ලකුණ 108 ක ජයක් අත්කර ගැනීමට ඔස්ට්‍රේලියානු බාලිකා කණ්ඩායම සමත්විය. මෙම තරගය පරාජයට පත් වුවත්, සමාරම්භක තරගයේදීම ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමට එරෙහිව ජය වාර්තා කිරීමට සමත්වීම හේතුවෙන් ප්‍රසාද ලකුණු පුවරුවේ 3 වැනි තැනට පත් ශ්‍රී ලංකා බාළිකා ක්‍රීඩිකාවෝ සුපිරි කණ්ඩායම් 12 දෙනාගේ තරග වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.

මුලින් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු පහක් දැවී රැස් කළ ලකුණු 159ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා පිලට රැස් කරගත හැකි වූයේ ලකුණු 51 ක් පමණි. තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නම් කෙරුණේ මේ තරගයේ වැඩිම ලකුණුලාභිනිය වූ ඕස්ට්‍රේලියාවේ එලා හේවඩ්ය (36යි).  ඇය තෙවන කඩුල්ලට සියාන් ජින්ජර් (30) සමග ලකුණු 56 ක් රැස් කරමින් ඔස්ටේලියානු පිල අසීරු තත්ත්වයෙන් ගොඩ ගත්හ.

ශ්‍රී ලංකාව ලකුණු 160ක ජයග්‍රහණ ඉලක්කයක් කරායාමට පැමිණි අවස්ථාවේ වරක් ලකුණු 31ක ට කඩුලු තුනක් දැවී සිටියත් පසුව ඉතිරි කඩුලු හතම දැවී ගියේ ලකුණු 20ක් පමණක් එක් වද්දීය.

ලංකා ආරම්භක පිතිකාරිණිය නෙත්මි සේනාරත්න පමණක් ලකුණු දහයේ සීමාව ඉක්ම වූයේ පන්දු 16ක ට මුහුණ දී හතරේ පහරක් සමග ලකුණු 11ක් ලබාගනිමිනි.  මීට අමතරව දෙව්මි විහංගා පන්දු 10ක දී ලකුණු නවයක් රැස් කළේ හතරේ පහර දෙකක් ද එල්ල කරමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ රිස්මි සංජනා ලංකා කණ්ඩායමට ප්‍රබලම ආරම්භයක් ලබාදුන්නේ ආරම්භක පිතිකාරිනිය කේට් පෙලී (ලකුණු 27) සහ අංක තුන පිතිකාරිණිය ක්ලේයාර් මුවර් (06) මුළු ලකුණු 47 වන විට ක්‍රීඩා මණ්ඩපයට යැවීමෙනි.

මුළු ලකුණු 41 දී (පන්දුවාර 5.3) කේට් පෙලී රශ්මි සංජානාගේ පන්දුවකට දුන් උඩ පන්දුවක් දෙව්මි විහංගා දර්ශනීය අයුරින් රැක ගැනීමෙන් ලකුණු 27ක ටත් මුළු ලකුණු 47 දී කඩුලු රකින නිසංසලා ස්ටම්ස් කිරීමකින් රශ්මි සංජානාගේම පන්දුවකට ක්ලෙයාර් මුවර් ලකුණු හයකටත් දැවී ගියහ.

ශ්‍රී ලංකා පන්දු යවන්නියන් ඕස්ට්‍රෙලියානු ඉනිමේ අඩක් පසුවනතුරුම පාලනය කරගෙන සිටියේ පන්දුවාරයකට සාමාන්‍ය ලකුණු හයක් පමණක් වන පරිදි ලබාදෙමිනි. 

ඔසට්‍රේලියානු පිතිකාරිණියන් අතුරින් කැපී පෙනුණු එලා හේවඩ් ලකුණු 36ක් ද (පන්දු 31යි හතරේ පහයි) සියාන් ජින්ජර් ලකුණු 30ක් ද (පන්දු 31යි හතරේ තුනයි) ලුසි හැමිල්ටන් සහ අමි ස්මිත් (නොදැවී) ලකුණු 22 බැගින් ද රැස් කළහ.

ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අතුරින් කැපී පෙනුණු රිශ්මි සන්ජානා පන්දුවාර හතරක් යවා ඉදිරිපෙළ කඩුලු දෙකක්ම දවාලුවේ ලකුණු 30ක් පමණක් ලබාදෙමිනි.  දෙව්මි විහංගා සිය පන්දුවාර හතරේ දී ලකුණු 21 දී කඩුල්ලක් දවාලුවාය. 

ඔස්ට්‍රේලියානු බාලිකා පිල පන්දුවාර 20ක දී කඩුලු 5159 යි – එලා හේවඩ් 36, සියා ජින්ජර් 30, කේට් පෙලී 27, අමී ස්මිත් නොදැවී 22, ලුසි හැමිල්ටන් 22, රශ්මි සන්ජානා 30/2, දෙව්මි විහංගා 21/1, රශ්මි නේත්‍රාංජලී 36/1

්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා පිල පන්දුවාර 13ක දී සියල්ලන් දැවී 51යි  – නෙත්මි සේනාරත්න 11, දෙව්මි විහංගා 09, මනුදි නානායක්කාර 08, සුමුදු නිසංසලා 05, මැගී ක්ලාක් 8/2, ලුසී හැමිල්ටන් 0/2

Active filters

Recent Posts

  • පෙර පුහුණු තරගයෙන් යෙලෝ පිල ජය ලබයි
    අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන මීළඟ පිරිමි විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට පෙර පුහුණුවීිම් සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය […]
  • LPL පස්වැන්නේ ක්‍රීඩක වෙන්දේසිය මැයි 21 වැනිදා
    ජාත්‍යන්තර සන්නාමයක් හිමි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත දේශීය පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැන්න හෙවත් 2024 අදියර හි ක්‍රීඩක වෙන්දේසිය මේ මැයි මස […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ එක්දින තරගාවලියත් කළින්ම ජය ගනිති
    ශ්‍රී ලංකා ‘ඒ ‘ – ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගයෙන් ද අද (03) කඩුලු හතරක පහසු ජයග්‍රහණයක් අත්කර ගත් ශ්‍රී ලංකා ‘ඒ […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අමෙරිකාවත් පරාජය කරයි
    අබුඩාබිහි පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිකුරාදා (03) අමෙරිකාව සමඟ පැවැති තරගයෙන් ලකුණු 18ක ජයක් ලැබීය. […]
  • නැෂනල් සුපර් ලීග් සිවුදින ක්‍රිකට් ශූරතාව ගාල්ලට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ශූරතාව ගාල්ල කණ්ඩායම දිනා ගැනීටම සම්තවිය.  පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee