slc
logo
Home   |    News
ජනවාරි 22, 2023
බාලිකාවෝ ඉන්දියාව හමුවේ කඩුලු 7 ක පරාජයක් ලබති

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ප්‍රථම වතාවට පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් අතර තරග වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වුණු පළමු තරගයෙන් ඉන්දියාව හමුවේ කඩුලු 7 ක පරාජයකට අද (22 දා) මුහුණ දුන්නේය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 20 අවසනදී කඩුලු 9 ක් දැවී රැස් කර ගැනීමට සමත් වූයේ ලකුණු 59 ක් පමණක් වන අතර එය හඹා ගිය ඉන්දීය ක්‍රීඩිකාවෝ ඒ සඳහා පන්දුවාර 7.2 ක් වැය කරන ලද්දේ කඩුලු 3 ක් පමණක් ශ්‍රී ලංකා පන්දු යවන්නියන් හමුවේ ලබා දෙමිනි.

වේගවත් පිතිහරඹයක නිරත වුණු නායිකා සෞම්‍යා තිවාරි පන්දු 15 කදී හතරේ පහර 5 ක් සමඟ නොදැවී ලකුණු 28 ක් රැස් කර ගත්තාය. පන්දු යැවීමේදී ඉන්දීය පිලේ දැවී ගිය කඩුලු 3ම දෙව්මි විහංගා විසින් දවා ගත්තාය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ප්‍රභලම අභියෝගය ලබා දුන්නේ පාර්ශ්වී චොප්රාය. ඇය ලකුණු 05 ක් පමණක් ලබා දී කඩුලු 4 ක් දවා ගනිද්දී මනත් කාශ්‍යප් ලකුණු 16 කට කඩුලු 2 ක් දවා ගත්තාය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභිණිය වූයේ නායිකා විශ්මි ගුණරත්න වන අතර ඇය පන්දු 28 කදී හතරේ පහර 2 ක් ද සමඟ ලකුණු 25 ක් රැස් කළාය.  ශ්‍රී ලංකා ඉනිමේ පිතිකාරිණියන් 8 දෙනෙකුම ලකුණු 10 ට අඩුවෙන් දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නියෝ සමත්වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 9ට ලකුණු 59 යි – (විශ්මි ගුණරත්න 25, උමායා රත්නායක 13, පාර්ශ්වී චොප්රා 05/4, මනත් කාශ්‍යප් 16/2)

ඉන්දීය කණ්ඩායම පන්දුවාර 7.2 කදී කඩුලු 3 ට ලකුණු 60 යි (ශෆාලි වර්මා 15, ශ්වේතා ශෙරාවත් 13, සෞම්‍යා තිවාරි 28*, දෙව්මි විහංගා 34/3)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee