slc
logo
Home   |    News
පෙබරවාරි 28, 2023
ක්‍රිකට් නිලවරණයට නාම යෝජනා භාර ගැනීම අවසන්

sinhala editor

2023 වසරේ සිට 2025 වසර දක්වා කාල සීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සිදුකිරීම සඳහා වන නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගැනීම වෙනුවෙන්න වන නාම යෝජනා භාර ගැනීම අද (28 දා) ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව විසින් සිදුකරනු ලැබිය.

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් 2022 වසරේ නොවැම්බර් මස 23 වැනි දින පවත්වන ලද අති විශේෂ මහ සභා රැස්වීමේදී ගන්නා ලද තීරණයකට අනුව සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල නිලවරණ කමිටුවක් පත් කරන ලද අතර එහි ප්‍රධානී ලෙස අභියාචනාධිකරණයේ විශ්‍රාමලත් විනිසුරුවරියක වන මාලනී ගුණරත්න මහත්මියව පත් කරනු ලැබීය. විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා මහත්මිය සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියකු වන සුනිල් ‌සිරිසේන යන මහත්වරුන් එම කමිටුවට ඇතුළත් කරන ලද සෙසු සාමාජිකයෝ වූහ.

මෙවර නිලවරණය සඳහා වන නාම යෝජනා බාර ගැනීම පෙබරවාරි 28 වැනි අද දින පෙ.ව. 9.30 ට ආරම්භ වූ අතර එය ප.ව. 3.30 ට අවසන් කරනු ලැබීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය 2023 වසරේ මැයි මස 20 වැනිදා පැවැත්වීමට නියමිතය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee