slc
logo
Home   |    News
පෙබරවාරි 26, 2023
ගෝල් ලකුණු 576 ක් ඉදිරියෙන්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ගෝල් කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 145 ක් ලබා සිටියි.

නායක සංගීත් කුරේ පන්දු 98 කදී ලකුනු 56 ක් සහ ලක්ෂාන් එදිරිසිංහ පන්දු 101 කදී ලකුණු 67 ක් ලබා කඩුල්ලේ රැදී සිටිති.  පළමු ඉනිමේ ශතකයක් ලද සොහාන් ඩි ලිවේරි ලකුණු 15 ට දවා ගැනීමට ලසිත් ඇඹුල්දෙණිය සමත් වුවද දෙවැනි කඩුල්ලට එක් වුණු ලක්ෂාන් සහ සංගීත් ලකුණු 117 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් කඩුල්ලේ රැදී සිටිති.

ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී රැස් කරන ලද ලකුනු 658 ක ඉනිම වෙනුවෙන් පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ලද කැන්ඩි කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස් කිරීමට සමත්වූයේ ලකුණු 227 ක් පමණි.

ලකුණු 431 ක් පළමු ඉනිමේ ඉදිරියෙන් පසුවන ගෝල් කණ්ඩායම පිට පිටම දෙවැනි වතාවටත් කැන්ඩි කන්ඩායමට පන්දුවට පහර දෙමින් ඉනිමක පරාජයෙන් බේරීම සඳහා කැන්ඩි කණ්ඩායමට අභියෝග කිරීමේ හැකියාවක් පැවැතියත් සිව්වැනි ඉනිමේ හඹා යෑමේ අභියෝගය අවධානමක් ලෙස සලකමින් නැවතත් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව මේ වන විට සමස්ථ තරගයේදී ගෝල් කණ්ඩායම කැන්ඩි කන්ඩායමට වඩා ලකුණු 576 ක් ඉදිරියෙන් පසුවෙති.

ගෝල් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ සමස්ථ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින කෝඩුකාර අහන් වික්‍රමසිංහය. ඔහු පන්දු 123 කට මුහුණ දෙමින් හතරේ පහර 10 ක්ද ඇතුළත්ව ලකුණු 84 ක් ලබා නොගන්නට කැන්ඩි කන්ඩායම මීට වඩා අසීරුතාවයකට මුහුණ දෙනු ඇත.

ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ ලකුණු 48 ක් ලබා ගනු ලැබුවේ පන්දු 66 කට මුහුණ දෙමිනි. පළමු කඩුල්ල ලෙස කසුන් විදුට මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 07 ක්ව තිබියදී දැවී ගිය අතර ළහිරු උදාරද ලකුණු 37 කදී පිටියෙන් ඉවත්ව යෑම කැන්ඩි කණ්ඩායමට දැඩි පාඩුවක් විය. ලකුණු 85 ක්ව තිබියදී කඩුලු 5 ක්ම දැව යෑම නිසා කැන්ඩි පිල දැඩි අසරණභාවයකට මුහුණ දුන් නමුත්, 6 වැනි ිකඩුල්ලට එක් වුනු අහන් සහ රවීන් යසස් (36) ලකුණු 113 ක සම්බන්ධතාවත් පවත්වමින් ලකුණු 200 සීමාවේ ආසන්නයට කැන්ඩි පිල රැගෙන ගියහ.

පන්දු යැවීමේදී කවිශ්ක අංජුල ලකුනු 40 කට කඩුලු 4 ක් දවා ලමින් වැඩිම කඩුලු ලාභියා වූ අතර ඔහුට අමතරව දුනිත් වෙල්ලාලෙග් කඩුලු 3 ක් සහ මොහොමඩ් ශිරාස් කඩුලු 2 ක් දවා ගැනීමට සමත්වූහ.

හෙට තරගයේ සිව්වැනි සහ අවසන් දිනයයි.

ගෝල් – පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 658යි (ඕවර් 160) – ෂොහාන් ඩී ලිවේරා 133‍, සංගීත් කුරේ 27, ලක්ෂාන් එදිරිසිංහ 49, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 214, දුනිත් වෙල්ලාලගේ 33, පැතුම් කුමාර 24, සුමින්ද ලක්ෂාන් 74, කවිෂ්ක අංජුල 59 ( අමිෂ් ද සිල්වා 77/1, ලසිත් ඇඹුල්දෙනිය 231/4, සචිත්‍ර පෙරේරා 123/2, සදුන් වීරක්කොඩි 28/1, ලසිත් කෘස්පුල්ලේ 23/1)

කැන්ඩි – පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 227 යි – අහන් වික්‍රමසිංහ 84, රවීන් යසස් 36, ලසිත් කෲස්පුල්ලේ 48, ළහිරු උදාර 12, කවිශ්ක අංජුල 40/4, මොහොමඩ් ශිරාස් 44/2, දුනිත් වෙල්ලාලගේ 52/3

ගෝල් දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී ලකුණු 145 යි – ලක්ෂාන් එදිරිසිංහ 67*, සංගීත් කුරේ 56*, සොහාන් ඩි ලිවේරා 15

Active filters

Recent Posts

  • පෙර පුහුණු තරගයෙන් යෙලෝ පිල ජය ලබයි
    අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන මීළඟ පිරිමි විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට පෙර පුහුණුවීිම් සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය […]
  • LPL පස්වැන්නේ ක්‍රීඩක වෙන්දේසිය මැයි 21 වැනිදා
    ජාත්‍යන්තර සන්නාමයක් හිමි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත දේශීය පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැන්න හෙවත් 2024 අදියර හි ක්‍රීඩක වෙන්දේසිය මේ මැයි මස […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ එක්දින තරගාවලියත් කළින්ම ජය ගනිති
    ශ්‍රී ලංකා ‘ඒ ‘ – ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගයෙන් ද අද (03) කඩුලු හතරක පහසු ජයග්‍රහණයක් අත්කර ගත් ශ්‍රී ලංකා ‘ඒ […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අමෙරිකාවත් පරාජය කරයි
    අබුඩාබිහි පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිකුරාදා (03) අමෙරිකාව සමඟ පැවැති තරගයෙන් ලකුණු 18ක ජයක් ලැබීය. […]
  • නැෂනල් සුපර් ලීග් සිවුදින ක්‍රිකට් ශූරතාව ගාල්ලට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ශූරතාව ගාල්ල කණ්ඩායම දිනා ගැනීටම සම්තවිය.  පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee