slc
logo
Home   |    News
පෙබරවාරි 16, 2023
දඹුල්ලෙන් සාර්ථක ආරම්භයක්

sinhala editor

දඹුල්ල පිල වෙනුවෙන් පන්දු 167කදී හතරේ පහර 9ක් සමග නොදැවී ලකුණු  100ක් ලබා සංයමයෙන් යුතු සටනක් දියත් කළ අශාන් ප්‍රියංජන් නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සතියේ ඇරැඹි තරගයේ පළමු දිනය නිමාවේද්දී සිය කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 297ක් දක්වා ඉහළට එසැවීය. පළමු දිනයේ තරගය නතර කරද්දී අශාන් ප්‍රියංජනට අනගි සහයක් ලබාදෙමින් චමිඳු විජේසිංහ නොදැවී ලකුණු 27ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වතාවටත් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල හා කළම්බු අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී අශාන් ප්‍රියංජන ශතකය වාර්තා කරද්දී නායක මිනෝද් භානුක පන්දු 123කදී හතරේ පහර 11ක් සමග ලකුණු 73ක් තම පිලට එක් කළේය.

කාසියේ වාසිය කළම්බු පිලට හිමිවූ අතර ඔවුන්ගේ ආරාධනාවෙන් දඹුල්ල පිල මුලින් පන්දුවට පහරදීමට පිටියට පිවිසියේය. දඹුල්ල පිලේ පළමු කඩුලු තුනම වේග පන්දු යවන හිමේෂ් රාමනායක දවාගත් අතර, නිමේෂ් ගුණසිංහ ලකුණු 19කට ලියෝ ෆ්‍රැන්සිස්කෝ ලකුණු 26කට හා දිලාන් ජයලත් ලකුණු නොලබාම දවා ගැනීමට සමත් විය. එම කඩුලු තුන දැවීයද්දී දඹුලු පිලේ ලකුණු පුවරුව ලකුණු 48ක්ව තිබිණි.

අනතුරුව සනෝජ් දර්ශික හා මිනෝද් භානුක එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 77ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර, සනෝජ් දර්ශික ලකුණු 43කට දැවී ගියේය.

කළම්බු පිලේ පන්දු යවන්නන් අතුරින් වඩාත් සංර්ථක පන්දු යවන්නා බවට පත්වූ හිමේෂ් රාමනායක ලකුණු 51කට කඩුලු 3ක් දවාගත් අතර, නුවන් ප්‍රදීප් කඩුලු 2ක් හා තරිදු රත්නායක කඩුල්ලකන් දවා ගත්තේය.

දඹුල්ල – පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 297යි (ඕවර් 90) – නිමේෂ් ගුණසිංහ 19, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 26, සනෝජ් දර්ශික 43, මිනෝද් භානුක 73, අශාන් ප්‍රියංජන නොදැවී 100, චමිඳු විජේසිංහ නොදැවී 27 ( හිමේෂ් රාමනායක 51/3, නුවන් ප්‍රදීප් 59/2, තරිදු රත්නායක 60/1)

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee